Jump to content

සංගීත වාද්‍ය භාණ්ඩ

විකිපීඩියා වෙතින්

ස්වර පුවරු

[සංස්කරණය]

වාද්‍ය භාණ්ඩයක ශබ්දය කෙසේ නිපදවේද යන්න නොසැලකුවද, බොහෝ වාද්‍ය භාණ්ඩ වල පරිශිලක අතුරු මුහුණත ලෙස සර පුවරුවක් ඇත. සංගීත සර පුවරු යොදාගෙන වාදනය කරන වාද්‍ය භාණ්ඩ සපුරවරු වාද්‍ය භාණ්ඩ වේ. සෑම යතුරක්ම එක් හෝ ඊට වැඩි ශබ්ද ප්‍රමාණයක් නිකුත් කරන අතර, බොහෝ සර පුවරු වල වැඩිපුර උපක්‍රමයක් (පියානෝවකට පෙඩල, ඕර්ගනයක ස්ටොප්ස්) ශබ්ද මෙහෙයවීමට ඇත.

සුළං සැලීමෙන් (ඕර පොම්ප කිරීමෙන් (එකෝඩින්), තන්තු කම්පනය කිරිමෙන් නැතහොත් තැලීමෙන් (පියානෝව) හෝ පෙලීමෙන් (හාපිස් කෝඩය) , ඉලෙක්ට්‍රොනික් උපක්‍රම මගින් (සංශ්ලේෂණය) හෝ වෙනයම් ක්‍රමයකින් මේවායේ ශබ්ධ නිපදවිය හැක. සමහර අවස්ථවන්හි ග්ලාකන්ස්පීල් වැනි සුරපුවරුවක් නැති වාද්‍ය භාණ්ඩ එකකට පමණක් සීමා වී ඇත. මේවායේ චලනය වන අංග නොමැති බැවින් හා වාද්‍යකරැවන්ගේ අතේ ඇති අතකොළුවෙන් වාදනය සිදුකරන බැවින් මේවායේ යතුරැ එකම බාහිර සැකසීමකින් යුක්ත වන අතර ඒකාකාර ශබ්ද තරංග නිපදවයි.

ඇස්ටෙක් යුගයට අයත් 'ටෙපොනාස්ට්ලි' නම්වු දික් සිදුරු සහිත බෙර. පෙරබිමේ ඇති බෙරයේ ලාක්ෂණික H හැඩැති සිදුර පැහැදිලිව පෙන්නුම් කෙරේ.
ඇස්ටෙක් යුගයට අයත් 'ටෙපොනාස්ට්ලි' නම්වු දික් සිදුරු සහිත බෙර. පෙරබිමේ ඇති බෙරයේ ලාක්ෂණික H හැඩැති සිදුර පැහැදිලිව පෙන්නුම් කෙරේ.

සුමේරියානු ශිෂ්ඨාචාරයට අයත් රාජකීය සුසාන භූමියේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණිම් ආධාරයෙන් පුරාතන සංගීත උපකරණ රැසක් සොයගන්නා ලද අතර එම උපකරණ වලට විනා විශේෂ නාමයක්, හාප් වර්ගයේ වීනා දෙකක්, රීදි බටනලාවක්, කෛතලාමයක් අයත් විය.

1920 දී ලෙන්ඩි වුලි විසින් තවදුරටත් එම කැණිම් ස්ථාන පරික්ෂාවෙන් පසු දීරාපත් නොවන ද්‍රව්‍යයයෙන් සාදන ලද සංගීත භාණ්ඩ කොටස් කිහිපයක් සොයා ගන්නා ලදි. කාබන් කාල නිර්මාණයට‍ අනුව මෙම උපකරණ ක්‍රි.පු. 2600 දිත් 2500 දිත් අතර කාලයට අයත් බව නිගමනය විය.

එමෙන්ම මෙසපොටේනියානු නිපුර්හි හමුවු විනාවකි නම් කරන ලද අකුරු විශේෂය ලෝව දැනට සොයා ගෙන ඇති සංගිත ස්වර සටහනක් කිරිමේ මුලාරාම්භය ලෙස සලකනු ලැබු අතර එය ක්‍රි.පු. 2000 කාලවකවානුවට අයත් වේ.

වාදක මුහුණත්

[සංස්කරණය]

විවිධ සංගීත බාණ්ඩ නිපදවනු අයුරු එකිනෙකට වෙනස් වුවුද ඒවායින් සමහර ඒවා යතුරු පුවරුවක් සහිත නිසා එකම කාණ්ඩයකට වර්ග කරනු ලැබෙයි. මේවායේ සෑම යතුරක්ම එක් ස්වරයක් හෝ ස්වර කිහිපයක් නිපදවනු ලබයි. එනමුත් සෙසු යතුරු මගින්, එක් එක් සංගීත භාණ්ඩ ස්වර නිපදවනු ලබන යාන්ත්‍රණය වෙනස්ය. ඕගනයේදි එය මාත්‍රාව හසුරවනු ලබයි. වාතය මගින් ද රෙකෝඩියනයේදි වාතය පොම්ප කිරිමේ මගින්ද, පියානෝවේදි තත් කම්පනය මගින්ද, සමහර උපකරණ වලදි විද්‍යුතය මගින් ද, නාදය නිපදවනු ලබයි. සමහර සංගීතමය උපකරණ වාදනය කරනු ලබන්නේ පිටතින් යතුරු පුවරුවක් සවි කිරිමෙන් අනතුරුවය. ග්ලෝකන්ස්‍පයෙල් නම් සංගීත භාණ්ඩ එවැන්නකි. යතුර පුවරුවකින් නිපදවනු ලබන ස්වරයන් වාදකයාගේ කුසලතාව මත නොව කිසියම් නිශ්චිත පදනමකින් නිපදවනු ලබන අතර මේ නිසා සෑම අවස්ථාවකම නිපදවනු ලබන ස්වර වල ඇත්තෙ සමාන ස්වරූපයකි.

සංගීත භාණ්ඩ වර්ග කිරීම

[සංස්කරණය]

සංගීත භාණ්ඩ වර්ග කිරීමේ විවිධ වූ බොහොමයක් ක්‍රම පවතී. සියලු ක්‍රම උපකරණවල භෞතික ගුණවල සංයුක්තයක් අධ්‍යයනය කරයි. එනම් භාණ්ඩය මත සංගීතය වාදනය වන්නේ කෙසේද, භාණ්ඩයේ පරාසය හා වාද්‍ය වෘණ්දයක දී හෝ අනෙක් එකතුවකදී භාණ්ඩයට හිමි ස්ථානය වැනි‍දේය. සමහරක් ක්‍රම ඇති වූයේ භාණ්ඩ වර්ගීකරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥයන් අතර ඇති වූ එකඟ නොවීම නිසාය. වර්ගීකරණය කිරීමේ පද්ධතියේ පූර්ණ අධ්‍යයනයක් මෙම ලිපියේ පරාසයට එපිටින් වුවත් අදාල ප්‍රධාන පද්ධතිවල සංක්ෂිප්තයක් මෙහි දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_වාද්‍ය_භාණ්ඩ&oldid=494820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි