සංගීතය - අන්තර්ජාලය

විකිපීඩියා වෙතින්

සංගීතය - අන්තර්ජාලය


අන්තර්ජාලය හඳුන්වාදීම සංගීතය පිළිබඳ අත්දැකීම සම්පූර්ණයෙන්ම පරිවර්තනය කර හැක. එයට එක් හේතුවක් වන්නේ සංගීතයට ප්‍රවේශ වීමේ පහසුව හා වැඩි දියුණුව තෝරා ගැනීමයි. ක්‍රිස් ඇන්ඩර්සන් විසින් The Long Tail : Why the future of business is selling less or more නැමැති ඔහුගේ ග්‍රන්ථයේ යෝජනා කර සිටින්නේ සැපයීමේ හා ඉල්ලුමෙහි ආර්ථික ආකෘතිය හිඟය විස්තර කරන අතර අන්තර්ජාල සිල්ලර ආකෘති සුලභතාව මත පදනම් වේ. සංඛ්‍යාංක ගබඩා කිරීම් වියදම් ඉතා අවම වන අතර එමනිසා යම් සමාගමකට පාරිභෝගිකයන්ට උපරිම තෝරා ගැනීමේ නිදහස ලබා දෙමින් ඔවුන්ගේ මුළු භාණ්ඩ ලැයිස්තුවම අන්තර්ජාලයට මුදා හැරීමේ හැකියාව ලැබේ. තවද එමඟින් මිනිසුන් ඉතා කුඩා ප්‍රමා‍ණයක් පමණක් අවධානය දක්වන නිෂ්පාදන පිරිනැමීමට ද ඉඩ ලබා දේ. ඔවුන්ගේ වර්ධනය වන තෝරා ගැනීම පිළිබඳ පාරිභෝජකයන්ගේ වර්ධනය වන සැලකිල්ල මඟින් සවන්දීමේ රසඥතා හා සමාජ හඳුනාගැනීම් මත සමීප සබඳතාවක් ඇති වන අතර නිකේතන වෙළඳ පොළ දහස් ගණනක් ද එමඟින් නිර්මාණය වේ.

අන්තර්ජාලයේ තවත් බලපෑමක් YouTube හා MySpace වැනි සබැඳි සමාජ සමඟ කරළියට පැමිණි MySpace මඟින් අනෙකුත් සංගීතඥයන් අතර සමාජ ජාලකරණය අතිශයින් පහසු කර ඇති අතර එමඟින් අයෙකුගේ සංගීත කටයුතු පහසුවෙන් ව්‍යාප්ත කිරීම ඉඩ ලබා දේ. YouTube හිද ආධුනික හා වෘත්තීමය සංගීඥයන් විශාල පිරිසකගේ සමාජයක් ඇති අතර ඔවුන් වීඩියෝ හා ඔවුන්ගේ මතයන් ඒ සඳහා එවීම සිදු කරයි. වෘත්තීමය සංගීතඥයින් විසින් ප්‍රචාරක ද්‍රව්‍යවලට නිදහස් ප්‍රචාරකයකු ලෙස YouTube යොදා ගනී.

උදාහරණ ලෙස YouTube පරි‍ශීලකයන් MP3 ඇසීම හා බාගත කිරීම පමණක් නොව ඔවුන්ගේම ඒවා නිර්මාණය කිරීම ද සිදු කරයි. ඩොන් ටැප්ස්කොඩ් හා ඇන්තනී ඩී විලියම්ස්ගේ Wikinomics ග්‍රන්ථය කියා සිටින්නේ එමඟින් සාම්ප්‍රදායික පාරි‍භෝජික කර්තව්‍ය, ඔවුන් විසින් “Prosumer” ලෙස හඳුන්වන නිර්මාණය කිරීම හා පරිභෝජනය කිරීම යන දෙකම සිදු කරන පාරිභෝජකයකුගේ කර්තව්‍ය දක්වා උසස් වී ඇති බවයි. සංගීතය තුළ දී මෙය ප්‍රකාශයට පැමිණීමට සංගීතලෝලීන් විසින් Remix හා සංගීත වීඩියෝ නිපදවීම ඇතුළත් වේ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Music#Internet

"https://si.wikipedia.org/w/index.php?title=සංගීතය_-_අන්තර්ජාලය&oldid=464149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි