සංගීතයේ සෞන්දර්යාත්මක බව

විකිපීඩියා වෙතින්

සංගීතය රස විඳීම සහ එහි අලංකාරය සම්බන්ධයෙන් ගුණාත්මකව සලකා බැලීම සහ අධ්‍යයනය කිරීම සංගීතමය සෞන්දර්යය නැතහොත් සෞන්දර්යාත්මක සංගීතයේ සාම්ප්‍රදායික අරමුණ වේ. සෞන්දර්ය දර්ශන විද්‍යාවෙහි උප ක්ෂේත්‍රයක් වන නමුත් නූතන දශකයන් තුළ අලංකාරත්වය සහ රස විඳීමෙන් බැහැර වූ ගැටළු කෙරෙහි ද දාර්ශනිකයන් අවධානය යොමු කර ඇත.

සංගීතයට අපගේ හැඟීම්, බුද්ධිය සහ මනස වෙත බලපෑම් කළ හැකි බවට බොහෝ විට මතයක් පවතී. ගීතයක පදවැලට අපගේ තනිකම මකාලීමට හෝ ආශාවන් උත්සන්න කර වීමට හැකිය. මේ හේතුවෙන් සංගීතයේ සෞන්දර්යාත්මක ආකර්ශණය එම සංගීතය භාවිතා කෙරෙන සංස්කෘතිය මත පදනම් වේ.

සංගීතය ඔස්සේ ප්‍රකාශයට පත්වන ඇතැම් සෞන්දර්යාත්මක අංග කිහිපයක් පහත පරිදි වේ. Lyricism(පද රචන), Harmony(සුසංයෝගය) , Hypnotism, Emotiveness, Temporal Dynamics (ලය), Resonance (අනුනාදය), Playfulness , Colour (Musical Development නම් ලිපිය ද බලන්න)


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Aesthetics_of_music