සංගීතයේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සංගීත‍ය සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්‍රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහාද්වීප සොයමින් අප්‍රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්‍රික කණ්ඩායම් ද ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්‍රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.

යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්‍රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්‍රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්‍රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්‍රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්‍යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්‍රයක් වන අතර එය සංගීතය (විශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්‍රමික දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරනු ලබයි.


සංගීත යුග[සංස්කරණය]

ප්‍රාග් ඓතිහාසික - පෞරාණික (ක්‍රි.ව. 500 ට පෙර) අතීතයේ -(1600-1900) නුතන හා සමකාලීන(1900- වර්තමානයට)

පෞරාණික සංගීතය[සංස්කරණය]

පෞරාණික සංගීතය යනු ප්‍රාග් ඓතිහාසික සංගීතය ප්‍රතිස්ථාපනය කර සාක්ෂර සංගීතයේ ගොඩනැගුණු සංගීතයයි. එය විවිධාකාර පුදේශයන්හි එනම් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්‍රීසිය, රෝමය, ඊජිප්තුව ඒසේපොකේමියාව (මිසංපානෙමියාවේ සංගීතය, ග්‍රීක සංගීතය, රෝමානු සංගීත) ගොඩනැගුණු විවිධාකාර සංගීත ක්‍රමයන්ය. මෙම සංගීතය සමාන්‍ය ශ්‍රව්ය නාද සහ සජනකයන් වල ලක්ෂණ වලිනි. එය සම්ප්‍රේෂණය වී ඇත්තේ වාග් සහ ලිඛිත ක්‍රමයන් මගිනි.

පෞරාණික සංගීතය, සමකලීන සංගීතයට ද යාමුවේ නමුත් සම්ප්‍රධායික හෝ ගැමි සංගීතය, පෞරාණික ශෛලයෙන්ම තැබීමට අදහස් කර ඇත. මෙහි ඉන්දියානු සංගීතය, රප්සියානු සංගීතය, ආසියානු සංගීතය,යුදෙව් කලාව, ඊජිප්තුයනු සංගීතය සහ මුස්ලිම් සංගිතය අන්තර්ගතය. සුසා වල කැණිමේ මගින් Elamite ලැබුණු කුඩා බුදු පිළිම මගින් අධිරාජ්‍යයේ ඉරාක සංගීතය පිළිඹුබු කරයි. (2500-644 බු.ව) මෙම කාලයේ සංගීතය දැනීමත් ඇති අය මෙම කාලයේ සුළු වශයෙන් සිටි අතර සංගීත භාණ්ඩ, ගිටාරය, බටනලාව, සහ ලුට්ස් නිපදව වාදනය කර ඇත. Barbat වැනි භාණ්ඩ ද නිපදවා ඇත්තේ මෙම කාලයේදීය. එනම් බු.ව. 800 පමණ වේ.

රොමැන්ටික් සංගීතය[සංස්කරණය]

රොමැන්ටික් යු‍ගයේදී සංගීතය වඩාත් හැගුම්බර සහ ප්‍රකාශන ශීලි මාධ්‍යයක් බවට පත්වු අතර සාහිත්‍ය කලාව සහ දර්ශන වාදය අන්තර්ගත වන පරිදි විස්ත‍ාරණය වී මුල් කාලීන සුප්‍රසිද්ධ රොමැන්ටික් සංගීත රචකයන් අතරට ශූමන්, චොපින්, මෙන්ඩල්සන්, බෙලිනි සහ බර්ලිස් යන අය අයත් වෙති.

19 වන සියවසේ අග භාගය තුළ වාද්‍ය වෘන්ද ‍යෙහි විශාලත්වය සීඝ්‍රයෙන් වැඩිවු අතර නගර බද සමාජයෙහි කොටසක් ලෙස ප්‍රසංග වල‍ට හිමි වු ස්ථානයේ වැදගත්කම ද දැඩිලෙස ඉහළ ගියේය. මෙම සියවසෙහි දෙවැනි භාගයට අයත් ප්‍රසිද්ධ සංගීත රචකයින් අතරට ජොආන් ස්ට්‍රවුස් ii, බ්‍රෑම්ස්, ලිස්ට්, ටයිකොව්ස්කි, වර්ඩි සහ වැග්නර් යන අය අයත් වෙයි.

1890 සහ 1910 අතර කාලය තුළදී මධ්‍ය රෝමැන්ටික අවධියේ විසු සංගීත රචකයන් ගේ නිර්මාණ මත පදනම්ව වඩාත් සංකිර්ණ සහ බොහෝ විට වඩාත් දිගු වු සංගීත නිර්මාණ සිදු කල තෙවැනි සංගීත රචක පරපුරක් බිහි වු අතර ඒ අතරට ඩොරැක්, මාලර්, රිචඩ් ස්ට්‍රව්ස්, පුසීනි සහ සිබෙලියස් යන අය අයත් වෙයි. 19 වන සියවසේ අගභාගයේ නිර්මාණය වු සංගීත නිර්මාණ වල වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවායේ අන්තර්ගත වු දේශමාමක ගුණයයි. මෙවැනි දේශමාමක සංගීත නිර්මාණ බිහිකළ අය අතරට ඩොරැක්, සිබෙලියස් සහ ග්‍රේග් යන අය අයත්වෙයි. ‍සියවස අගභාගයේ පහළ වු අනෙකුත් වැදගත් චරිත අතර සේන්ට් සීන්ස්, ෆුරේ, රැක්මනීනොෆ් සහ ෆ්‍රෑන්ක් ආදිහු අයත් වෙති.


20 වැනි සියවසේ සංගීතය[සංස්කරණය]

20 වැනි සියවසේ දී ගුවන් විදුලි යන්ත්‍ර ලොව පුරා ප්‍රචලිත වීමත්, සංගීතය පටිගත කිරීම, ප්‍රතිග්‍රහණය කිරීම, ප්‍රති නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා නව මාධ්‍ය තාක්ෂණයන් දියුණු වීමත් සමඟ සංගීතයට සවන්දීමෙහි නව පෙරලියක් ඇති විය. මේ සමඟම සංගීතය තවදුරටත් සංගීත ප්‍රසංග සහ සමාජ ශාලාවලට සීමා වූවක් නොවූ අතර එබැවින් සංගීත නිර්මාපකයන්හට ඉතා සීඝ්‍රයෙන් රට පුරා සහ ඇතැම් විට ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමේ අවස්ථාව උදා විය. එමෙන්ම ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් සලකන කළ පෙර නොවූ විරූ තරම් පුළුල් සංගීත පරාසයකට සවන් දීමේ හැකියාව ඔවුන්ට හිමි විය. සංගීත වී‍ඩියෝ පට සහ සංගීත ප්‍රසංග පටිගත කිරීමත් විකාශය කිරීමත් සමඟ සංගීතමය ඉදිරිපත් කිරීම් වඩ වඩාත් දෘශ්‍ය තත්වයට පත් විය. තවද හැම ආකාරයකම සංගීතය වඩාත් සුවහනීය තත්වයට පත් විය. හෙඩ් ෆෝන් භාවිතයත් සමඟ එකිනෙකාට ආසන්නව වාඩි වී සිටින පුද්ගලයන් ‍දෙදෙනෙකුට පවා අවශ්‍යතාවය අනුව එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සංගීත ඛණ්ඩවලට හෝ එකම සංගීත ඛණ්ඩයට සවන් දීමේ හැකියාව හිමි විය.

20 වන සියවසේ සංගීතය සමඟ ඊට පෙර යුගයන්ගේ සංගීතය පිළිබඳ වූ පිළිගත් නීතිවලට අභියෝග කරන ආකාරයේ නව සංගීත විලාසිතා සහ ආකාර කරළියට පැමිණි අතර සංගීතය සම්බන්ධයෙන් වැඩි නිදහසක් සහ පුළුල් පර්යේෂණ සිදු කිරීමේ හැකියාවක් උදා විය. 20 වන සියවසේ මැද භාගයේ දී සංයෝජකය ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංගවල නිර්මාණයත්, සංගීත වර්ධක නිර්මාණය වීමත් ප්‍රචලිත සංගීතය විප්ලවයකට භාජනය කළ අතර නව සංගීත ආකාරවල බිහි වීම වේගවත් වීමට හේතු විය.

ගීතිකා කණ්ඩායම්[සංස්කරණය]

කණ්ඩායමක් වශයෙන් එක්ව ගායනයේ යෙදෙන ගායකයින් කණ්ඩායමක් ගීතිකා කණ්ඩායමක් හෝ සමූහ ගායනා කණ්ඩායමක් ලෙස හැඳින්වේ. ඉහත මුල් යෙදුම බොහෝ විට පල්ලිය හා සම්බන්ධව යෙදෙන අතර දෙවැනි යෙදුම ප්‍රසංග ශාලාවල ඉදිරිපත්කිරීම් කරන කණ්ඩායම් සඳහා භාවිතා වේ. කෙසේ නමුත් ඉහත යෙදුම් ස්ථිර වශයෙන් ඉහත දක්වා ඇති ආකාරයටම භාවිතා කළ යුතු යැයි කිව නොහැක. සමූහ ගායනා කණ්ඩායමක් හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන “Choir” ඉංග්‍රීසි භාෂාවේදී වාද්‍ය වෘන්දයක උප කාණ්ඩයක් හැඳින්වීමටද භාවිතා කෙරේ. ඒ අනුව යමෙකුට වාද්‍ය වෘන්දයක විවිධ කොටස් සම්බන්ධයෙන් කතා කිරීමටද “Choir” යන පදය භාවිත කරයි. දහඅටවැනි සහ විසිවැනි ශතවර්ශවල ලාක්ෂණික වන “Oratorio” (ගීතයට නගන ලද ආගමික කතා පුවතකි) සහ “ Mass” යන වර්ග වලට අයත් ගීතමය ඉදිරිපත් කිරිම්වලදී “ Chorus” හෝ “Choir” යන පද මගින් ඉදිරිපත් කිරීමක එක් කොටසක් සඳහා දායකයින් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගිවන කොටස් ගම්‍යය වේ. මෙය “ Soloist” (තනි ගායකයෙක් ) “Quartet” (ගායකයින් සතර දෙනෙක් ) යන යෙදුම්වලට වඩා වෙනස්ව භාවිත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංගීතයේ_ඉතිහාසය&oldid=335626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි