සංඛ්‍යාත පද්ධති

විකිපීඩියා වෙතින්

මෙම ලිපිය, සංකේත මගින් සංඛ්‍යා ප්‍රකාශ කිරීමේ විවිධ ක්‍රම පිලිබඳවයි. සම්පුර්ණයෙන් වෙනස් සංඛ්‍යා කුලක (පද්ධති) සඳහා සංඛ්‍යා පද්ධති බලන්න.

සංඛ්‍යාංක ක්‍රමය (හෝ ගණනය කිරීමේ ක්‍රමය) දී ඇති කුලකයක ඇති සංඛ්‍යා ස්ථිර පිලිවෙලකට සංකේත මගින් නිරූපණය කිරීමේ ක්‍රමයකි. “11” යන සංඛ්‍යාංකය 3 සඳහා වු ද්විමය සංඛ්‍යාව ලෙස, එකොළහ සඳහා වු දශමය සංඛ්‍යාව ලෙස හෝ වෙනත් පාදවල වෙනස් සංඛ්‍යා ලෙස අර්ථ දැක්වීමට ඉඩ දෙන සම්බන්ධයක් ලෙස එය දැකිය හැක.

පරමාදර්ශී ලෙස සංඛ්‍යාංක පද්ධතියක්,

  • ප්‍රයෝජනවත් සංඛ්‍යා කුලකයක් නිරූපණය කරවි. (උදා - සියළුම පුර්ණ සංඛ්‍යා, නිඛිල හෝ තාත්වික සංඛ්‍යා)
  • සෑම සංඛ්‍යාවටම අනන්‍ය නිරූපණයක් (හෝ අඩු තරමින් පිළිගත් නිරූපණයක්) නිරූපණය කිරී‍මට ඉඩ දේවි.
  • සංඛ්‍යා වල වීජීය හා ගණිත ආකෘතිය ආපසු හරවාවි.

උදාහරණයක් ලෙස, පුර්ණ සංඛ්‍යා වල සාමාන්‍ය දශමය නිරූපණය, පිළිගත් ගණිතමය ගණනය කිරීමේ ක්‍රම, ගණිත කර්ම (එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම) සමග ඉදිරිපත් කරන, ඉලක්කම් වල පරිමිත අනුක්‍රමයක් මෙන් සෑම පුර්ණ සංඛ්‍යාවකටම අන්‍ය නිරූපණයක් ලබාදෙයි. කෙසේ වුවද දශම නිරූපණය පරිමේය හෝ තාත්වික සංඛ්‍යා සඳහා භාවිතා කිරීමේදී එම නිරූපණය තව දුරටත් අනන්න්‍ය නොවේ. බොහෝ පරිමේය සංඛ්‍යා වලට සංඛ්‍යාංක 2ක් පවතින අතර 2.31 වැනි අවසන් වන ප්‍රාමාණික එකක් හා 2.309999999..... වැනි සමාවර්ත වන තවෙකක් වේ. පරිමිති සංඛ්‍යාංක වලට දී ඇති ස්ථානයකට පසුව ශුන්‍ය නොවන ඉලක්කම් නොපවතී. උදාහරණයක් ලෙස, පසුව එන ශුන්‍ය මඟින් වඩාත් නිරවද්‍යතාවයක් හඟවන පරික්ෂණාත්මක විද්‍යාවන්හිදී හැරුණු විට, 2.31 සහ 2.310 වැනි සංඛ්‍යාංක එකක් ලෙස ගැනේ.

සංඛ්‍යාංක පද්ධති ඇතැම් විට සංඛ්‍යා පද්ධති ලෙස හැඳින්වුවද, තාත්වික සංඛ්‍යා පද්ධතිය සංකිර්ණ සංඛ්‍යා පද්ධති, p-adic සංඛ්‍යා පද්ධතිය හා තවත් එවැනි විවිධ සංඛ්‍යා පද්ධති සඳහා ද භාවිතා කළ හැකි නිසා, එම නම නොමග යවන සුළුය. එවැනි පද්ධති මෙම ලිපියේ ප්‍රස්තුතය නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යාත_පද්ධති&oldid=472678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි