සංක්‍රමණය මඟින් ලැබිය හැකි ආර්ථික ප්‍රථිඵල

විකිපීඩියා වෙතින්

සංක්‍රමණය මගින් ඇති කරන බලපෑම් අතරින් වැදගත්ම පැතිකඩ වන්නේ සංවර්ධනයට වඩාත් සම්බන්ධ, එමගින් ඇතිකරණු ලබන ආර්ථික ප්‍රතිඑලයි.

බුද්ධි ගලනය : බුද්ධි ප්‍රතිලාභය

අඩු භෞතික පහසුකම් නිසා දෛනික පුද්ගල සංක්‍රමණය වීම් ඉහළ යයි. ඔවුහු තම නිවාස අතහැර වඩා හොඳ, වැදගත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය, රැකියා බහුල, හා ඉහළ වැටුපක් ලැබිය හැකි, නව ස්ථාන වලට දේශසීමා හරහා සංක්‍රමණය වෙති. මෙම ශ්‍රම ධාරාවන්ගේ ප්‍රතිඑල ලෙස සංසිද්ධි දෙකක් ඇතිවේ. එනම් බුද්ධි ගලනය හා බුද්ධි ප්‍රතිලාභය. පළමු වැන්න මුල් රටේ ඇතිවන අතර එමගින් එරටට ශ්‍රමය හා බුද්ධිය අහිමිවේ. දෙවැන්න ධාරක රටට හෝ ශ්‍රමිකයන් ආපසු පැමිණිවිට මුල් රටට වාසිදායක වෙයි. තම රටවලින් අධ්‍යාපනය ලැබූ වැසියෝ ධාරක රටෙහි සංවර්ධනයට දායක වෙමින් තම දැනුම හා හැකියාවන් ගෙන් අයුතු ප්‍රයෝජන ගනිති.

උදාහරණයක් ලෙස, (යුරෝපීය ප්‍රකාශකයකුට අනුව) බ්‍රිතාන්‍යයේ සේවය කරන පෝලන්ත සංක්‍රමිකයෝ එරටෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් සඳහා දායක වෙති. තම දක්ෂතාව විදෙස් රටකදී වර්ධනය කරගෙන හා විදෙස් රටක පලපුරුද්ද ලබාගෙන අවසානයේ තම රටේ ආර්ථික සංවර්ධනයට වාසිදායක වන පරිදි සමහර විගමනිකයන් ආපසු පැමිණේ යයිද, අපේක්ෂා කෙරේ.

මුදල් හා හැකියාව[සංස්කරණය]

සංක්‍රමණිකයන්, තම රටට ප්‍රාග්ධන ධාරාවන් උපදවන නිසා, සංක්‍රමණය සංවර්ධනයට බලපායි. මෙහිදී, නීතිමය මාර්ග හරහා සිදුවූ මුදල් හුවමාරු වලට පමණක් පවතින දත්ත අදාළ වන නිසා, හුවමාරු වන මුදල් ප්‍රමාණය මැනීම ඉතා අපහසු වේ. එහෙත් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් නීති විරෝධි මාර්ග හරහා යැවීම, ගෙන ඒම, හෝ ආපසු එවීම, සිදුවෙතැයි සැක කෙරේ (භාණ්ඩ ස්වරූපයෙන්ද). අභ්‍යන්තර සම්ප්‍රේෂණ මගින් රටක් තුළ සිදුවන මුදල් සැපයුමේ වර්ධනයට බලපෑම් එල්ල නොකරන නිසා, ජාත්‍යන්තර සම්ප්‍රේෂණ ආර්ථිකයකට ඉතා වැදගත්වේ.

උදාහරණයක් ලෙස, පාකිස්තානයට වසරකට ලැබෙන සම්ප්‍රේෂණ ප්‍රමාණය, එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% පමණ වන අතර, එය ඇමරිකන් ඩොලර් මිලියන 2 සිට 3 දක්වා වෙනස් වෙයි. (1980 දශකය); එය මෙක්සිකෝවේ වර්ෂයකට බිලියන 2 ට වඩා ඉහළ අගයක් ගනී. ඇනලීස් සුමර්ස්ට අනුව අද වනවිට සම්ප්‍රේෂණ යවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 500 ක් දක්වා එනම් ලෝක ජනගහනයෙන් අවම වශයෙන් 8% ක් දක්වා ළඟා වෙමින් පවතී. හැකියා, සම්ප්‍රේෂණ වර්ගයක් වන අතර, එය අනිවාර්යෙන්ම මැනිය නොහැකිය. නමුත් එය තවමත් වැදගත් කොටසක් නිරූපණය කෙරේ.

පුද්ගල සම්ප්‍රේෂණ - වාසි හා අවාසි[සංස්කරණය]

පුද්ගලයන් මුදල් වැයකරණ ආකාරයේ, ඍණ මෙන්ම ධන ප්‍රතිවිපාකද ඇති බැවින්, පුද්ගලයන්ගේ සම්ප්‍රේෂණ කටයුතු ඉතා වැදගත් වේ. පරිභෝජනය අරමුණූ කරගත් සම්ප්‍රේෂණ මගින්, ආනයන ඉහළ දැමීමට, විදේශ විනිමය පහළ දැමීමට හා සංවර්ධනය වෙනස් කිරීමට හැකිය. ඉතිරි කිරීම් සම්ප්‍රේෂණ හා මුදල් ආයෝජන සංවර්ධනයට වාසිදායක වේ. ඉහළ ආදායමක් මගින් පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යනවිට දේශීය නිෂ්පාදන හා සේවා සඳහා ඉල්ලුම වැඩිවේ. සේවා නියුක්තිය වැඩි කරමින් ඉතිරිකිරීම් සම්ප්‍රේෂණ ධන ක්‍රියාවලියකට හැරවිය හැකිය.

සම්ප්‍රේෂණ ලබන පුද්ගලයන්, විදේශ වල සිට මුදල් උපයන සංක්‍රමනිකයන්ගේ යැපෙන්නන් බවට පහසුවෙන්ම පත්වීම මෙහි ඇති අවාසියයි. එසේම ඒ හේතුවෙන් ආර්ථික ධාරාවන් ආයෝජන බවට පත් නොවී එකතැන පල්වන තත්වයක් ආර්ථිකය තුළ ඇතිවීමටද ඉඩ තිබේ. (AIV ට අනුව)

සංචාරක කර්මාන්තයේ ආයෝජනය කිරීම[සංස්කරණය]

ඇතැම් විගමනිකයෝ මුල් රටවල ආයෝජනවල වර්ධනයට දායක වෙමින් ධාරක රටෙහි ව්‍යවසායකයන් බවට පත්වෙති. විදේශ රටවල ව්‍යාපාර පවත්වා ගැනීමෙන් තම මව්බිමේ සංවර්ධනයට දායක වීමට මොවුනට හැකිවේ. බහු ජාතික සමාගම් වලින් සංවර්ධනය වැඩිකරනවා සේම සමාජ සංස්කෘතික තත්ත්වයටද එයින් බලපෑම් ඇතිවිය හැකිය.

සංචාරක කර්මාන්තය සංවර්ධනයට දායක වන්නාවූ, එක් ආකාරයක සංක්‍රමණයක් වන නමුත් එය කෙටිකාලීනවේ.මුල් රටෙහි ප්‍රවාහන නියෝජිතයන් විදේශ රටවල සංචාරය කිරීමේ පහසුකම් ජනතාවට ලබාදීමෙන් සාර්ථකත්වයට පත්වේ. එසේම සංචාරකයින් පැමිණෙන රටවල්, හෝටල් ලබාදීමෙන් හා නිවාඩු නිකේතන හා බොහෝ ආකර්ශනීය දේ ලබාදීමෙන්ද, සංචාරකයන්ට සේවා සපයා මුදල් උපයා ගනී. නිරන්තරයෙන්, මුල් ආගමනිකයෝ ඔවුන්ගේම සංස්කෘතිය අනුව තම රටවල ජනයා ආකර්ශනය කර ගැනීම සඳහා සංචාරක ව්‍යවසායන් ආරම්භ කරති.

අක්වෙරළ හා උපකොන්ත්‍රාත්තු[සංස්කරණය]

අක්වෙරළ[සංස්කරණය]

විශාල සමාගම් තම ව්‍යාපාර ක්‍රියාවලීන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම නිෂ්පාදන පිරිවැය අඩු හා අඩු වැටුපක් ලබන ශ්‍රමිකයන් සිටින රටවල් තුළ ප්‍රතිස්ථාපනය කිරීම මගින් පිරිවැය අඩුකිරීමට උත්සාහ දරයි. බොහෝ විට සමාගම් වල ප්‍රධාන කර්මාන්තශාලා, සාපේක්ෂව අඩු මුදලකින් මහා පරිමාන නිෂ්පාදනයක් කල හැකි ආසියානු රටවල පිහිටුවා ඇත. මෑතකදී මෙවැනි නිෂ්පාදන අක්වෙරළ රටවල් වූයේ චීනය හා ඉන්දියාවයි. මේ දිනවල මතුවී එන රට වන්නේ පිලිපීනයයි.

උපකොන්ත්‍රාත්තු[සංස්කරණය]

මෙහි අදහස, ක්‍රියාවලිය එම රට තුළම සමාගමක ප්‍රතිස්ථාපනය කිරීම වුවද, එය අක්වෙරළට සමාන ක්‍රියාවලියකි.

සටහන්[සංස්කරණය]

Economic_results_of_migration

|}