ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් යතුරුලියනය

විකිපීඩියා වෙතින්
A black typewriter decorated with ornate floral patterns sits affixed to an iron sewing machine stand with a treadle.
ඊ. රෙමිංටන් සහ පුත්‍රයෝ විසින් නිපැයුනු ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් යතුරුලියනය

ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් යතුරුලියනය (රෙමිංටන් අංක. 1 ලෙසින්ද හැඳින්වෙයි) යනු, වාණිජ වශයෙන් සාර්ථක වූ පළමු යතුරුලියනය වෙයි. ඇමරිකානු නිවැවුම්කරු ක්‍රිස්ටෝපර් ලේතම් ෂෝල්ස් විසින් ප්‍රමුඛ ලෙසින් සැලසුම් කෙරුණු මෙය, සහාධ්‍ය මුද්‍රණ ශිල්පී සැමුවෙල් ඩබ්. සෝල් සහ ආධුනික යාන්ත්‍ර ශිල්පි කාර්ලොස් එස්. ග්ලිඩ්න් යන්නන්ගේ සහය ඇතිව ප්‍රවර්ධනය කෙරිණි. මෙය සම්බන්ධ කටයුතු 1867 වසරෙහිදී ඇරඹුනු නමුදු, කෙටි කලකදී ව්‍යවසායෙන් ඉවත් වීමට සෝල් ක්‍රියා කල අතර, ඔහු වෙනුවට ආදේශ කෙරුණු ජේම්ස් ඩෙන්ස්මෝර් විසින්, මූල්‍ය පිටුබල සපයමින් යන්ත්‍රයේ අඛණ්ඩ ප්‍රවර්ධනයේ බල සැපයුම විය. මෙම උපකරණය නිපැයීමට ගත් මන්දායුෂ්ක උත්සාහයයන් කිහිපයකට අනතුරුව, ඊ රෙමිංටන් සහ පුත්‍රයෝ විසින් 1873 වසරෙහි මුල් භාගයෙහිදී යන්ත්‍රය අත්පත් කර ගැනිණි. විවිධාංගකරණයට පාත්‍ර වීමට රුචිකත්වයක් දැක්වූ ආයුධ නිෂ්පාදකයෙක් ලෙසින්, රෙමිංටන් සමාගම විසින් යතුරුලියනය තවදුරටත් ප්‍රසාදනය කොට අවසානයේදී 1874, ජූලි 1 දිනදී, වෙළෙඳපොලට නිකුත් කෙරිණි.

එහි ප්‍රවර්ධනය අතරතුර, කුතුහලය දැනවූ රළු ආම්පන්නයක සිට ප්‍රායෝගික උපකරණයක් බවට පරිණාමය වීමට යතුරුලියනය සමත්වූ අතර, එහි මූලික ආකාරය කාර්මික ප්‍රමිතිය බවට පත් විය. යතුරුලියනයන් සැලසුම් කිරීමේදී මූලිකවූ අංගයන් මෙම යන්ත්‍රයෙහි අඩංගුවූ අතර, ඒවා අතර සිලින්ඩරාකාර ප්ලැටනයක් සහ පේලි-සතරක QWERTY යතුරුපුවරුවක් වූහ. කෙසේවෙතත්, සැලසුම් ඌණතා කිහිපයක් පැවතිනි. ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් වෙතින් මුද්‍රණය කල හැකි වූයේ ලොකු මුද්‍රණ අකුරු පමණක් වූ අතර—මෙම ගැටළුවට එහි අනුප්‍රාප්තික, රෙමිංටන් අංක. 2විසින් පිළියම් යෙදිණි—එය "අන්ධ ලියනයක්" විය, යන්නෙන් අදහස් වූයේ යතුරු ලියන්නා විසින් එයට ලියන අතරතුර ලියන්නේ කුමක්දැයි දැක ගත නොහැකි වූ බවයි.

සංස්ථාපිත වෙළෙඳපොළක් නොමැතිවීම, අධික මිල සහ, පුහුණු කල ක්‍රියාකරුවන් අවශ්‍යවීම ආදී කරුණු නිසා, මුලදී, මෙම යතුරුලියනය සඳහා ලැබුණු මහජන ප්‍රතිචාරය උද්‍යෝගිමත් එකක් නොවීය. සංස්ථාපිත වෙළෙඳපොළක් නොමැතිවීම, අධික මිල සහ, පුහුණු කල ක්‍රියාකරුවන් අවශ්‍යවීම ආදී කරුණු විසින්, එහි ප්‍රතිග්‍රහණය පමා කෙරිණි. මීට අමතර වශයෙන්, යතුරු ලියවන ලද පණිවුඩ ලද පුද්ගලයන්, එම යාන්ත්‍රික, ලොකු මුද්‍රණඅකුරු පමණක් සහිත ලීවීම්, අපුද්ගල සහ සමහරවිට නින්දාදනවනසුළු ලෙසින් සැලකූහ. කෙසේවෙතත්, 19වන සියවසෙහි අපර භාගයේදී ඇතිවූ නව සන්නිවේදන තාක්ෂණයන් සහ දියුණුවන ව්‍යාපාර විසින්, යතෝචිත සහ කියවීමට පැහැදිලි ලිපි හුවමාරුව සඳහා අවශ්‍යතාවය ඉස්මතු කල අතර, එබැවින් ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් සහ එහි සමකාලිකයන්, සාමාන්‍ය කාර්යාල සවිකුරුවන් බවට විගසින් පත්වූහ. ලිපිකාර වෘත්තිය සඳහා කාන්තාවන්ගේ ආගමනය, මෙම යතුරුලියනයේ සහායයෙන් සිදුවූ බව සඳහන් වන්නේ, නව උපකරණය ක්‍රියාකරවීම සඳහා බොහෝ කාන්තාවන් බඳවා ගත් බැවිණි.

ඉතිහාසය[සංස්කරණය]

මුල් ප්‍රවර්ධනය[සංස්කරණය]

A 45-degree view of a wooden device with piano-like keyboard and, centered on its top, a metal disk over which a mechanical arm with two spindles is suspended
1868, ජූනි 23 දිනදී ස්වාධිකාරි ලද යන්ත්‍රය, "පියානෝවක් සහ මුළුතැන්ගෙය මේසයක් අතර දෙමුහුමක්" ලෙසින් දිස්විය.[1]

ෂෝල්ස් ඇන්ඩ් ග්ලිඩ්න්ස් යතුරුලියනයේ සම්භවය වන්නේ, වසර 1866 දී ක්‍රිස්ටෝපර්[2]

  1. Current 1949, p. 394
  2. Oden 1917, p. 19