ෂරීආ - ඉස්ලාමීය නීති රීති
ෂරීආ යන අරාබි පදයේ නිවැරදි අදහස වන්නේ ඉස්ලාමීය නීති පද්ධතියේ මූලික හරයයි. එයට “මග” යන අදහස ඇති අතර “ජල ධාරාවට යන පටුමග” යන අර්ථය ද ඇත. එය ඉස්ලාමීය ජීවන රටාව අනුගමනය කරන මුස්ලිම්වරුන්ට මෙන්ම අනෙකුත් බාහිර සියලු දෙනා විසින් පිළිපැදිය හැකි ඇසුරින් සරල නීති රාමුවක් යටතේ සැකසුණු රජයේ සහ පෞද්ගලික ජීවිතයට අදාල කරුණු ඇතුළත් අංග සම්පූර්ණ ජීවන පිළිවෙතකි. එහි එදිනෙදා ජීවිතයට අදාල සියලුම කරුණු ඇතුළත් වන අතර දේශපාලනය, ආර්ථිකය, බැංකු කටයුතු, ව්‍යාපාර, ගණු දෙණු, පවුල් ජීවිතය, ලිංගික ජීවිතය, සෞඛ්‍ය හා සමාජ සම්බන්ධතා මේ ආදී කරුණු ගැන නිවැරදි තොරතුරු පුළුල්ව විග්‍රහ කෙරේ. ඉස්ලාමීය නීති පද්ධතියේ කිසිම කරුණක් ගැන බල කිරීමක් නැත. මෙම නීති පද්ධතියෙන් මිනිසා කෙසේ ප්‍රයෝජනයක් ලබා ගත යුතු ද යන්නත් නීති විශාරදයන්ගේ ඒකමතික කිරීම් ඇතළත් කරුණුත් ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරුණු තවදුරටත් පැහැදිලි කිරීමක් වශයෙනුත් ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ හා නබි හිතවතුන්ගේ කථා, ක්‍රියා හා අනුමැතීන් ගැන තොරතුරු ඇතුළත් කරුණු රාශියක් විස්තර කර ඇත. ඉජිමා - ඉස්ලාමීය නීති විශාරදයන්ගේ ඒකමතික තීරණ, කියාස් - උපකල්පනය කිරීම, සංසන්දනය කර තීරණ ගැනීම හා බුද්ධියෙන් තීරණ ගැනීම හා අල් කුර්ආනයට හා නබි මඟට පටහැනි නොවන අයුරින් ස්වකීය චින්තනයට හා නබි මඟට පටහැනි නොවන අයුරින් ස්වකීය චින්තනයෙන් කලින් ගැටළුවලට ගත් විසඳුම් සසඳා බලා ගැටළු නිරාකරණය කිරීම මෙමඟින් සිදු කෙරේ. 19 වන සියවසට පෙර රාජ්‍යය පාලනය සිදු වූයේ සම්ප්‍රදායික ලෙස පැවතුණු නීති රීතිවලට අනුකූලවය. බොහෝමයක් සුන්නි මුස්ලිම්වරු අනුගමනය කරන්නේ නනෆි, හන්බලී, මාලිකී හෝ ෂාෆි නීති පිළිවෙත් වන අතර ෂියා මුස්ලිම්වරු අනුගමනය කරන්නේ ජාෆාරී නීති පද්ධතියට අදාල කරුණු හැටියට සලකන දොලොස් දෙනාගේ අන පණත්. මෙලොව මිනිසුන් අනුගමනය කරන ආගමික නීති රීති අතර ඉස්ලාමීය නීති පද්ධිතය ලොව පුරා පුළුල්ව පැතිර පවතීය තවද එය ලොව පවතින සාමාන්‍ය රාජ්‍ය නීති පද්ධතියේ ප්‍රධාන නීති රීති පද්ධතියේ ප්‍රධාන නීතිරීති තුනෙන් එකක් ලෙස ද පිළිගෙන ඇත. ඉස්ලාමීය අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකුණ අවධියේ සාමාන්‍ය නීති රීතිවලට විශාල බලපෑමක් ඇති කළ අතර එයින් රාජ්‍ය නීති රීතිවල සැබෑ වෙනසක් හා වර්ධනයක් ඇති වීමට රුකුලක් විය. එසේම එය සාමාන්‍ය නීති ආයතනවල සංවර්ධනයට ද සෘජු බලපෑම් ඇති කළේය.