ෂර්වුඩ් විල්බර්ස් (Shared Western)

විකිපීඩියා වෙතින්

ෂේලි (Shelly ) යන නාමයෙන්ද හදුන්වනු ලැබු ෂර්වුඩ් වෝෂ්බර්නි (29 නොවැම්බර් -1911 සිට අප්‍රේල් 2000) ඇමෙරිකානු කායික මානව විද්‍යාඥයෙකු වු අතර ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ස්වභාවික වාසස්ථාන පිළිබදව පරික්ෂණ පැවැත්වු මුලික විද්‍යාඥයා ද වේ. ආදි මානවයාගේ හැසිරිම් රටා පිළිබඳව ඔහු ඉදිරිපත් කල තර්ක මිනිසාගේ පරිණාමය පිළිබඳ නව තොරතුරු බොහොමයක් ඉදිරිපත් කළේය.


චරිත කතාව[සංස්කරණය]

මැසවුසේට් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් ප්‍රදේශයේ උපත ලැබු වෝන්බර්න්ගේ දෙමව්පියන් හෙන්රි වෝෂ්බර්න් සහ ඊඩික් වෝෂ්බර්න් වේ. පියා එවකට කෙම්බ්‍රිජ් හි පිහිටි Episcopal Theologcal පාසැලෙන් පිඨාධිපතිවරයා විය. කුඩා කල සිටම වෝෂ්බර්න් හට ස්වභාවික පරිසරය පිළිබදව කැමැත්තක් තිබුණි. පාසල් නිවාඩු දිනයන්හිදි ඔහු හවාඩ සරසවියේ තුලනාත්මක සත්ත්ව විද්‍යා කෞතුකාරගයට ගොස් එහි ඇති කෞතුක භාණ්ඩ නීරික්ෂණය කිරිමේ කටයුතු වල නියැලුණි.

1935 දී වෝෂ්බර්න් හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව වේදය පිළිබද උපාධියක් ද පළමු වසරේදි ඔහු දකුණු ආසියාවේ පිහිටි Asiatic Promative Expedition නම් වු සත්ත්ව විද්‍යා ගවේෂණ ස්ථානය සහය වන්නෙක් ලෙස කටයුතු කලේය. මෙහිදි ඔහු සතුන් පිළිබද ‍ඉ‍ගෙන ගත් තුලනාත්මක ව්‍යුහ විද්‍යාව, තුලනාත්මක මනෝවිද්‍යාව, සත්ත්ව සංචරණ විද්‍යාව සහ පාෂාණීය ධාතු විද්‍යාව පසු කලක ඔහුට මානවායගේ පරිණාමය පිලිබද ගවේෂණය කිරීමේදි බෙහෙවින් වැදගත් විය.

1939 දී හෙන්රියට් පීස් (Henrietle Pease) හාවිවහ වු වොෂ්බර්න් හට ෂර්වුඩ් හා ස්ටැන් නම් දරුවන් දෙදෙනෙකු විය. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් නික්ම ගිය පසු වෝෂ්බර්න් කොලොම්බියානු ශල්‍යවෙද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පාසැලේ ව්‍යුහය විද්‍යා මාහාචාර්යයවරයෙකු ලෙස සම්බන්ධ විය. ඔහු එහි වසර 8 ක කාලයක් සේවය ක‍ළේය. ඉන්පසු 1947 -1948 කාලය දක්වා විකාගෝ විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ටික කලක් ඔහු එහි අංශ ප්‍රධෂානි ලෙසද සේවය ක‍ළේය. බර්ක්ලි වල කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෙත ඔහු මහචාර්යය ධුරයක් කරා ඉන්පසු ඔහු ගියේය. ඔහුගේ විශ්‍රාම යෑම තෙක් එනම් 1979 දක්වා ඔහු එහි රැදුනේය. ඔහු එම විශ්වවිද්‍යාලයේ 1975 වසරේ දී හොදම මහාචාර්යවරයා ලෙස පිදුම් ලැබුවේය. 2000 වසරේදී යස අවුරැදු 88 දී බර්කිලිහි දි ඔහු මරණට පත් විය.



සටහන්[සංස්කරණය]

| Sherwood Washburn |}