Jump to content

ශිල්පා ශෙට්ටි

විකිපීඩියා වෙතින්
ශිල්පා ශෙට්ටි කුන්ඩ්‍රා
Shetty at the Lakme Fashion Week 2018
උපත
ශිල්පා ශෙට්ටි

8 ජුනි 1975 (1975-06-08) (වයස 50)
මන්ගලොරෙ, කර්නාටක, ඉන්දියාව
වෘත්තියsරඟපෑම, මෝස්තර නිරූපණය
සක්‍රීය වසර1993–වර්තමානය තෙක්
Spouseරාජ් කුන්ඩ්‍රා (2009–present)[1]
දරුවන්Viaan Kundra
වෙබ් අඩවියwww.shilpashettylive.com

ශිල්පා ශෙට්ටි (තුලු: ಶಿಲ್ಪಾ ಶೆಟ್ಟಿ; 1975 ජූනි 8) ඉන්දියානු සිනමා නිලියෙකු සහ මූස්තර නිරූපිකාවක වන අතර බාසිගර් (1993) ඇගේ මංගල චිත්‍රපටය විය. බොලිවුඩ්, දමිළ, තෙලඟු සහ කන්නඩා චිත්‍රපට 40කට ආසන්න ප්‍රමාණයකට ඇගේ දායකත්වය ලබා දී තිබේ.ඇයගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය ආග් චිත්‍රපටයේ විය. තම රංගන දිවියේ විවිධ පසුබෑම් වලට ලක් වුවද නඇවත එම ගිලිහුනු ජනප්‍රියත්වය ගොඩ නගා ගැනීමට ඇය සමත් විය. දඩකන් (2000) සහ රිශ්තෙ (2002) චිත්‍රපටයන්හි ඇය දැක්වූ දක්ෂතා ප්‍රසංශනීය වූ අතර පිර් මිලෙන්ගෙ (2004) හි එඩ්ස් රෝගියෙකුගේ චරිත නිරූපණය බොහෝ ගෞරව බුහුමනට පාත්‍ර විය. ඇගේ බාල සොහොයුරිය ශමිතා ශෙට්ටි ද බොලිවුඩ් නිළියකි.

මාෆියා සම්බන්දකම් සම්බන්ධයෙන් සැකකාරියක වූ අතර වෙනත් ගැටළුකාරී අවස්ථා කිහිපයකද ඇය පටලවණු ලැබීය. 2006දී අසභ්‍ය දර්ශණයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අතඩන්ගුවට ගැනීමට වරෙන්ත්තුවක්ද නිකුත් කෙරුණි. 2007 වසරෙදී බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනක් වන "සෙලෙබ්‍රිට් බිග් බ්‍රදර්" (Celebrity Big Brother ) අතරතුර ඇය සහ ජඩ් ගූඩි, ජො ඔ'මේරා සහ ඩැනීලෙ ලොය්ඩ් යන තරඟකරුවන් අතර ජාත්‍යන්තර වර්ගවාදී අර්බුදය පිළිබඳව විවාදයක් ඇතිවූ අතර තරඟය අවසානයේ ඇය 63%ක චන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ සමඟම චිත්‍රපට කර්මාන්තය තුළ ඇයගේ ජනප්‍රියත්වය නැවත ස්ථාපනය වූ අතර අනුපිළිවෙලින් “ලයිෆ් ඉන් අ... මෙට්‍රො” සහ “අප්නෙ” යන චිත්‍රපටයන්හි රංගනයෙහි යෙදුනි. ඇය පිළිබඳ නැවතත් ධානාත්මක කතිකාවතකට මෙය මුල පිරීය.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශිල්පා_ශෙට්ටි&oldid=540739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි