ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය උදෙසා විශිෂ්ට දායකත්වයක් දැක් වූ පීඨ අතරින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලංකා විශ්ව විද්‍යාලය යටතේ පීඨ දෙකක් වශයෙන් තිබුණු ශාස්ත්‍රපීඨයේ අධ්‍යාපනය වර්ෂ 1972දී එක් පීඨයක් වශයෙන් ස්ථාපිත කරන ලද්දේ කොළඹ සිට ලංකා විශ්ව විද්‍යාලය පේරාදෙණියෙහි පිහිටුවීම සමගය.