ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ගැටළු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයයන් ඇරඹුනේ කවර දිනකද, එදින සිටම විශ්වවිද්‍යාලයීය සිසුන් හා බැඳි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ගැටළු පවතී. මෙම ගැටළු මෝදු වෙමින් ගැටුම් බවටද සමහරවිටෙක අරගල බවටද රාජ්‍ය විරෝධී කැරැලි බවටද පෙරලුනු අවස්ථා නැත්තේ නොවේ.[1]

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයයන් වර්ග කිහිපයක් පවතියි. ප්‍රධාන වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයයන් 15ක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාලයීය මණ්ඩප තුනක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාලයීය අනුබද්ධ ආයතන 17 ක්ද , වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාල ගණයට වැටෙන විශ්වවිද්‍යාල 4 ක්ද, පිළිගැනෙන උපාධි පිරිනමන පෞද්ගලික/රාජ්‍ය විශ්වවිද්‍යාලයීය ආයතන 8 ක් හා මෙරට පිළිගැනෙන විදේශ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානය කරමින් පවතින පෞද්ගලික ආයතනයන් රාශියක්ද මෙරට පවතී.[2]


විශ්වවිද්‍යාලයීය සිසුන් හට අදාල වන ගැටළු අඩු වැඩි වශයෙන් පවතින්නේ මූලික වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයයන්, රාජ්‍ය විශ්වවිද්‍යාල මණ්ඩප හා විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනයන්හී වන අතර රාජ්‍ය විශ්වවිද්‍යාල ගණයට වැටෙන අනෙකුත් විශ්වවිද්‍යාලයන්හීද මෙම ගැටළු පවතියි. පශ්චාත්-උපාධි පිරිනමන විශ්වවිද්‍යාල ආයතනයන්හි මෙම ආකාරයේ ගැටළු නොපවතින අතර උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතනයන්හී පවතින ශිෂ්‍ය ගැටළු ජන සමාජ ස්ථරයෙහි නිරාවරණය වන අවස්ථා විරලය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයයන් ඇරඹුනු මුල් අවදියෙහිදී එම ආයතන ප්‍රධාන නගරයන්හී පැවතීම නිසා පිට පලාත් සිට පැමිණි සිසුන් මුහුණ පෑ ආර්ථික, නේවාසික සහ අනෙකුත් සාමාජීය ගැටළු සඳහා විසඳුම් නොලැබීම ඔස්සේ මෙම ගැටළු දේශපාලනික මුහුණවරක් ගෙන මෙතෙක් දක්වා නොවිසිඳ පැවතීම වර්තමාන ශිෂ්‍ය ගැටළු වලට අඩිතාලම දමනලද බව සැලකිය හැක. මෙම ගැටළු දේශපාලනිකරණය වීම හේතුවෙන් ඒවා විසඳීමට යමෙක් උත්සාහ ගත්තද දේශපාලන පිටපොත්ත විනිවිද මූලික ගැටළුව දැකීමට ඇති නොහැකියාවද මූලික ආබාධයක් ලෙස සැලකිය හැකිය.[3]

ඉතිහාසය[සංස්කරණය]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයය[සංස්කරණය]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයය සඳහා 1940 ගණන් වල මුල් අවදියෙහි පේරාදෙණියෙහි, නිව් පේරාදෙණිය එස්ටේට් නම් ස්ථානය තෝරාගෙන 1945 දී දෙවන ලෝක යුද්ධයෙහි අවසානයද සමගින් ඇරඹුනු ගොඩනැගීම් කටයුතු 1952 වන විට අවසන් වී ඇත. කොළඹ විශ්වවිද්‍යාලයයෙහි පැවැති සමහරක් පීඨ, අධ්‍යයනාංශ හෝ පාඨමාලා පේරාදෙණිය වෙත ගෙන විත් ඇති අතර, 1960 වන විට ස්වභාෂා උගැන්වීම් ඇරඹී ඇත. ත්‍රෛභාෂික උගැන්වීම් ද සමගම ශිෂ්‍ය ඇතුළුවීම අතිශයින් ඉහළ ගොස් ඇත. ආරම්භයේදී, මාර්ස්, ජයතිලක, අරුනාචලම්, සංඝමිත්තා, හිල්ඩා ඔබේසේකර, විජේවර්ධන, අක්බාර් හා අයිවර් ජෙනිංන්ස් වැනි ශිෂ්‍ය නේවාසිකාගාර ශාලාවන් පිහිටුවා ඇති නමුත්, මෙම ශිෂ්‍ය ආපතනයද හා සමගින් 1961 දී “නො-නේවාසික සංකල්පය” ඉදිරිපත් වී නේවාසිකාගාර ශාලා වලින් බැහැර නේවාසික ස්ථාන සොයා යෑමට ශිෂ්‍ය ප්‍රජාවට සිදුවී ඇත. විශ්වවිද්‍යාලයය සිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර උපාධි අපේක්ෂක සිසුන් හට ලබා දුන් පහසුකම් කෙමෙන් වියැකී ගොස් ඇත. 1960 ගණන් වල මැද භාගය වන විට සියළු දෙවන වසර සිසුන්හට පෞද්ගලික නේවාසික ස්ථාන වල පහසුකම් මත යැපීමට සිදුවී ඇත. 1960 දී 1756 ක් පමණක් වූ මුළු ශිෂ්‍ය ප්‍රමාණය 2008/2009 අධ්‍යයන වර්ෂය වන විට 8819 දක්වා ඉහළ ගොස් ඇත. වර්තමානයෙහිදී ශිෂ්‍යගහණයෙන් තුනෙන් දෙකකට පමණක් විශ්වවිද්‍යාලයය තුල නේවාසික පහසුකම් සැලසෙයි. [4]

බාහිර සබැඳි[සංස්කරණය]

  1. Malinda Seneviratne (නොවැම්බර 17 2002). "The "village" in our political culture: A postscript to an undergrad's death". The Island Newspaper. Check date values in: |date= (help)
  2. "University Grants Commission Sri Lanka". The Official Web site. Retrieved ඔක්තෝබර් 27 2010. Check date values in: |accessdate= (help)
  3. Prof. Shantha K. Hennayake, Department of Geography, University of Peradeniya. "The Fundamental Threat to Sri Lankan University Education". Asian Tribune. Retrieved නොවැම්බර 20 2008. Check date values in: |accessdate= (help)CS1 maint: multiple names: authors list (link)
  4. Prof W. I. Siriweera. "A Short History Peradeniya University: Winds of Change". The Island Newspaper. Retrieved ජූලි 3 2010. Check date values in: |accessdate= (help)