ශ්‍රී ලංකා සෙවන්ස්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා[1] සෙවන්ස් ශ්‍රී ලංකාවේ වාර්ෂික ජාත්‍යන්තර රග්බි සෙවන්ස් තරගාවලියක් වේ. සිංගර් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් රග්බි 7 නමින් 1999 දී ආරම්භ කරන ලද මෙම තරඟාවලිය පසුගිය ආසියානු සෙවන්ස් තරඟාවලියේ කොටසක් ලෙස සැලකේ.

1999 සිට 2008 දක්වා කාලය තුළ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ මහනුවර ක්‍රීඩා  සමාජය විසින් මෙම තරගාවලිය පැවැත්විණි. ආසියානු හා යුරෝපීය ජාතික පිරිමි කණ්ඩායම් නිරන්තර තරඟකරුවන් විය. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, ශ්‍රී ලංකා සෙවන්ස් තරගාවලිය සංවිධානය කිරීම සඳහා තාරුණ්‍යයට හෙටක් සංවිධානය සමග සහයෝගීතාවයක් ඇතිව 2009 සහ 2010 වසරවලදී මෙම තරගාවලිය කොළඹට ගෙන එන ලදී.[2]

කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ ජාත්‍යන්තර ආකෘතිය 2011 වසරේදී ආදේශ කරන ලදී. සය වසරකට පසුව අන්තර්ජාතික ආකෘතිය නැවත ස්ථාපනය කරන ලද්දේ කොළඹ, ඩයලොග් කොළඹ සෙවන්ස් සමඟය.

ඉතිහාසය[සංස්කරණය]

සිංගර් ශ්‍රී ලංකා සෙවන්ස් (1999-2008)[සංස්කරණය]

මුලදී මෙම තරඟය මහනුවර ක්‍රීඩා සමාජයේ 125 වන සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලදී. ආසියානු රග්බි ක්‍රීඩා කරන රටවල් 10 ක් සඳහා ප්‍රථම තරඟාවලිය සීමා විය. ජාත්‍යන්තර තරගාවලියට සමගාමීව පාසල් 16 ක් තරඟ වදින පාසල් තරගාවලියක්ද පවත්වන ලදී.

මෙම තරඟාවලියේ මූලික අනුග්‍රාහකත්වය හිමිවූයේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ සිංගර් ශ්රී ලංකා ආයතනවලටය. අනෙකුත් අනුග්‍රාහකයන් වූයේ Rolls Royce, Airbus Industries, SITA, Haesl, IAE ඉන්ටර්නැෂනල්, CFM, ජෝන් කීල්ස් එලිෆන්ට් හවුස්, ලයන් බෘවරි සහ අමායා රිසෝර්ට්ස් යන සමාගම්ය.

1999 දී මහනුවරදී දකුණු කොරියාව විසින් කුසලානය දිනා ගන්නා ලදි. මෙම තරඟාවලිය විවෘත තරගයක් ලෙසින් 2000 දී කණ්ඩායම් 16 දක්වා ව්‍යාප්ත විය. එම වර්ෂයේ චීන තායිපේ කුසලානය දිනා ගත්තේය. 2002 දී පෘතුගාලය දිනා ගත්තේය. 2003 දී අප්‍රිකාවේ (කෙන්යාව, මොරොක්කෝ සහ අරාබි ගල්ෆ්) සහ ඕසීනියා (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කුක් දූපත්) කණ්ඩායම්ද තරග කළ අතර කෙන්යාවේ ජාතික කණ්ඩායම කුසලානයේ ජයග්‍රාහකයා විය.

2005 ලෝක කුසලාන රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීම් 2004 දී පවත්වන ලද අතර ජයග්‍රාහකයා වූයේ ජපානයයි. චීන තායිපේ සහ දකුණු කොරියාව (දෙවන හා තෙවන ස්ථානය) රග්බි ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමද විශේෂත්වයකි. අන්තර්ජාතික රග්බි මණ්ඩලය විසින් IRB සැටලයිට් තරගාවලියක් ලෙස මෙම තරඟාවලිය පසුව පිළිගන්නා ලදී. 2005 දී ජපානය කුසලානය දිනා ගත්තේය. දකුණු කොරියාව සහ හොංකොං 2006 දී සහ 2007 දී පිළිවෙලින් ජයග්‍රාහකයන් විය.

 2008 දී කුසලාන ජයග්‍රාහකයා වූයේ මැලේසියාවයි.

කාල්ටන් ශ්‍රී ලංකා 7 (2009-10)[සංස්කරණය]

තාරුණ්‍යට හෙටක් සංවිධානයේ කාල්ටන් ක්‍රීඩා සමාජය 2009 දී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකා සෙවන්ස් පවත්වන ලදී. මෙම තරගාවලිය කොළඹට ගෙන ආ අතර එය ආසියානු රග්බි පාපන්දු සංගමයේ (ARFU) විසින් නිල වශයෙන් පිළිගන්නා ලදී. 2009 IRB ආසියානු සෙවන්ස් තරගාවලියේ අවසන් අංගය බවට පත්විය. ජපානය නැවතත් තරඟාවලිය සඳහා තරග කිරීමට සමත් වූ අතර 2009 වසරේ තෙවන වරටත් තරගාවලිය ජය ගත්තේය.

2010 තරගවාරයේදී නිල නොවන ජාතික කණ්ඩායම් කිහිපයක් තරඟ වදිද්දී ෆීජි බාබේරියන් අවසන් ජයග්‍රාහකයින් බවට පත්විය. කාල්ටන් සුපර් 7 තරග මාලාවේ 2011 තරඟාවලිය සඳහා දේශීය කණ්ඩායම් සහභාගිත්වය ඇතිව 2010 කාල්ටන් ශ්‍රී ලංකා සෙවන්ස් අවසන් වරට ජාත්‍යන්තර කණ්ඩායම් ආකෘතිය යටතේ අවසන් විය.

කාල්ටන් සුපර් 7 තරග මාලාව (2011-14)[සංස්කරණය]

2011 දී කාල්ටන් ශ්‍රී ලංකා 7 තරග මාලාව කාල්ටන් සුපර් 7 තරග මාලාවට පරිවර්තනය විය. සති අන්තවල පවත්වන ලද තරගාවලි දෙකක් යටතේ දේශීය ක්‍රීඩා සමාජ තරග මාලාවක් ලෙස 2014 වන තෙක් මෙම ආකෘතිය යටතේ දිගටම පැවතියේය. දේශීය ක්‍රීඩකයින් සඳහා අතිරේක තේරීම් තරඟ ඇතුළත් තරගද අවසාන කාලවලදී ආරම්භක විය.

තරඟකාරී මට්ටම ඉහළ නැංවීම සඳහා ලොව පුරා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් එකිනෙකා සමඟ සම්බන්ධ වී මහනුවර, ගාල්ල සහ කොග්ගල ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල මෙම තරඟාවලිය පැවැත්විණි. එක් එක් අදියර යන් සඳහා ශ්‍රේණිගත කිරීම් සිදුකර අවසන් අදියර කොළඹදී පැවැත්විණ.

කාල්ටන් සුපර් 7 තරග මාලාවට තරඟ කිරීමට කණ්ඩායම් 10 ක් වූ අතර, පළාත් සභා නවය සහ යාපනය කලාපය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී විය.

  • Central Kings
  • Eastern Eagles
  • Jaffna Challengers
  • North Central Typhoons
  • North Western Blacks
  • Northern Gladiators
  • Sabaragamuwa Stallions
  • Southern Sharks
  • Uva Vipers
  • Western Warriors

කොළඹ සෙවන්ස් (2015 - වර්තමානය)[සංස්කරණය]

ඩයලොග් සමාගමේ අනුග්‍රාහකත්ව ගිවිසුමක් අනුගමනය කිරීමෙන් අනතුරුව, අන්තර්ජාතික කණ්ඩායම් ආකෘතිය 2015 දී නැවතත් කොළඹ දී පැවැත්විය. 2015 තරඟාවලිය ආසියානු සෙවන්ස් තරගාවලියේ තෙවැනි සහ අවසාන අදියර බවට පත්විය. ඔක්තෝබර් මාසයේදී දින දෙකක් පුරා අන්තර්ජාතික කණ්ඩායම් 11 ක් තරඟ වැදි අතර ජයග්‍රාහකයාට හිමි සම්මානය ජපානය ද, හොංකොං අනුශූරයන්ද, ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයටද පත්විය. 2016 දී මෙම තරඟාවලිය නැවතත් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් වටය සදහ කණ්ඩායම් අටක් විසින් තරග කරනු ලැබීය. හොංකොං විසින් මෙම තරඟාවලිය ජයගනු ලැබුවේ දකුනු කොරියාව දෙවන ස්ථානයට හා චීනය තුන්වන ස්ථානයට පත්කරමිනි.

පෙර ජයග්‍රාහකයින්[සංස්කරණය]

වර්ෂය නගරය ක්‍රීඩාංගණය ජයග්‍රාහකයින්
සිංගර් ශ්‍රී ලංකා සෙවන්ස් කප් ප්ලේට් බෝල්
1999 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය දකුණු කොරියාව මැලේසියාව ඉන්දියාව
2000 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය චීන තායිපේ ජපානය තායිලන්තය
2001 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය චීන තායිපේ ඩෙන්මාර්කය චෙක් ජනරජය
2002 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය පෘතුගාලය දකුණු කොරියාව හොංකොං
2003 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය කෙන්යාව ශ්‍රී ලංකාව අරාබි ගල්ෆ්
2004 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය ජපානය ශ්‍රී ලංකාව කසකස්ථානය
2005 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය ජපානය ශ්‍රී ලංකාව අරාබි ගල්ෆ්
2006 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය දකුණු කොරියාව තායිලන්තය මැලේසියාව
2007 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය හොංකොං චීනය ඉන්දියාව
2008 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය මැලේසියාව කසකස්ථානය සිංගප්පූරුව
කාල්ටන් ශ්‍රී ලංකා සෙවන්ස් කප් ප්ලේට් බෝල්
2009 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ජපානය තායිලන්තය පකිස්ථානය
2010 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ෆීජී බාබේරියන්ස් නවසීලන්ත ලෙජන්ඩ්ස් ජර්මනිය
කාල්ටන් සුපර් සෙවන්ස් තරගමාලා ශූරතාවය අදියර ශූරතාවය අදියර අනුශූරතාවය
2011 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය සෙන්ට්‍රල් කිංග්ස් සදර්න් ෂාර්ක්ස් සෙන්ට්‍රල් කිංග්ස්
කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය සෙන්ට්‍රල් කිංග්ස් වෙස්ටර්න් වොරියර්ස්
2012 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්

ජැෆ්න චැලෙන්ජර්ස්

නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් සදර්න් ෂාර්ක්ස්
කොළඹ පොලිස් ක්‍රීඩාංගණය ජැෆ්න චැලෙන්ජර්ස් වෙස්ටර්න් වොරියර්ස්
2013 නුවරඑළිය රේස්කෝස් ක්‍රීඩාංගණය ජැෆ්න චැලෙන්ජර්ස් සදර්න් ෂාර්ක්ස් නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස්
නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය සෙන්ට්‍රල් කිංග්ස් ඊස්ටන් ඊගල්ස්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ජැෆ්න චැලෙන්ජර්ස් නොදර්න් ගැලැඩියේටර්ස්
කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණය සබරගමුව ස්ටැලොන්ස් ජැෆ්න චැලෙන්ජර්ස්
2014 කුරුණෑගල ශාන්ත ආනා ක්‍රීඩාංගණය වෙස්ටර්න් වොරියර්ස් නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් නොදර්න් ගැලැඩියේටර්ස්
බෙලිඅත්ත D A රාජපක්ෂ ක්‍රීඩාංගණය නොදර්න් ගැලැඩියේටර්ස් නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස්
කොග්ගල BOI ක්‍රීඩාංගණය වෙස්ටර්න් වොරියර්ස් සදර්න් ෂාර්ක්ස්
කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය නොදර්න් ගැලැඩියේටර්ස් වෙස්ටර්න් වොරියර්ස්
ඩයලොග් ශ්‍රී ලංකා සෙවන්ස් කප් ප්ලේට් බෝල්
2015 කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණය ජපානය දකුණු කොරියාව එක්සත් අරාබි එමීර්
2016 කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණය හොංකොං ජපානය පවත්වා නැත

පෙර ජයග්‍රාහකයින් (පාසල්)[සංස්කරණය]

වර්ෂය ක්‍රීඩාංගණය ජයග්‍රාහකයින්
කප් ප්ලේට් බෝල්
1999 බෝගම්බර ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලය කිංස්වුඩ් විද්‍යාලය පවත්වා නැත
2000 බෝගම්බර ක්‍රීඩාංගණය ශා. අන්තෝනි විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය වෙස්ලි විද්‍යාලය
2001 බෝගම්බර ක්‍රීඩාංගණය ශා. පීතර විද්‍යාලය වෙස්ලි විද්‍යාලය රුහුණු ඒකාබද්ධ
2002 බෝගම්බර ක්‍රීඩාංගණය විද්‍යාර්ථ විද්‍යාලය ශා. අන්තෝනි විද්‍යාලය ශා. තෝමස් විද්‍යාලය
2003 බෝගම්බර ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලය රාජකීය විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය
2004 බෝගම්බර ක්‍රීඩාංගණය කිංස්වුඩ් විද්‍යාලය ශා. සිල්වෙස්ටර් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය
2005 බෝගම්බර ක්‍රීඩාංගණය ශා. අන්තෝනි විද්‍යාලය විද්‍යා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය
2006 බෝගම්බර ක්‍රීඩාංගණය ශා. අන්තෝනි විද්‍යාලය කිංස්වුඩ් විද්‍යාලය ශා. සිල්වෙස්ටර් විද්‍යාලය
2007 බෝගම්බර ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය
2008 බෝගම්බර ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය ආනන්ද විද්‍යාලය

References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_සෙවන්ස්&oldid=593485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි