ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල ඇති රෙජිමේන්තු අතරින් පැරණතිම රෙජිමේන්තුවක් වන අතර එදා මෙදා තුර සියලුම මෙහෙයුම් සදහා තම දායකත්වය ලබා දුන් රෙජිමේන්තුවකි. වත්මන වනවිට ඒකක 05 කින් සමන්විත මෙම රෙජිමේන්තුව යුද්ධ හමුදා අභිමානය හා දැනුමින් සන්නද්ධ සෙබළ කැලකගෙන් එදා මෙදා තුර සමන්විත විය. සතුරු භූමීයේදි සහොදර පාබල ඒකක හා උරෙනුර ගැටෙමින් තම ව්‍රුත්තීය රාජකාරින් මැනවින් ඉටුකරමින් හමුදා ඉතිහාසයේ ඉහළින්ම රන් අකුරින් තම රෙජිමේන්තු නාමය සනිහිටුවන් කර ගැන්මට මෙම ඒකකයට හැකි වී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල රෙජිමේන්තු 24ක් අතුරින් සේවා බලකායක් යටතට ගැනෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අභිමානවත් බලකායකි. එදා මෙදා තුර යුද්ධ හමුදාව මුහුණ දුන් සියලු ක්‍රියාන්විත සඳහා තම අනිවාර්‍ය කැපකිරීම ඉටු කරමින් වසර සිය ගණනක් තම ඉතිහාසය වර්ණවත්ව හැඩගන්වා ඇත. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබියදී පළමු වරට 1881 වර්ෂයේදී ස්වෙච්චා පාබල හමුදාව ආරම්භ කරමින් ශ්‍රී ලාංකික සෙබළුන්ගෙන් සමන්විත ඒකකයක් ලෙස පිහිටුවන ලදී. මෙහිදී එම ඒකකයට අධාරක කණ්ඩයක් ලෙස 08 දෙනකුගෙන් සමන්විතව ගිලන් මැසි කණ්ඩායමක් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ විශ්‍රාමික ශෛලය වෛද්‍ය THS ට්‍රොට්හිල් යන වෛද්‍ය නිලධාරිගේ අණ්දීම යටතේ 1881.07.29 දින පිහිටුවන ලද අතර එය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ආරම්භය ලෙස සනිහිටුවන් කල හැක. පසුව 1948 වර්ෂයේදී ශ්‍රී ලංකාව නිදහස ලබා ගත පසු 1949.10.10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපිත කරන ලද අතර පසුව 1950 10 21 වන දින නිත්‍ය ඒකකයක් ලෙස 1 වන ශි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය කර්නල් HC සේරසිංහ යන නිලධාරිගෙ අණදීම යටතේ ගාලු මුවදොර පිටියේ පැරණි බ්‍රිතාන්‍ය රෝහල් පරිශ්‍ය තුල ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ඒකක හා එම ඒකක ආරම්භය හා විස්තර[සංස්කරණය]

  • රෙජිමේන්තු මධ්‍යස්ථානය 1990.01.15 වන දින - පළමු බලකාධිපති මේජර් ජනරාල් සී තුර්යිරාජා
                                                                         පළමු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම ඒ ආර් පෙරේරා
                                                                              පළමු විධායක අධිකාරි මේජර් එම ඒ ඩි ගුණතිලක
                                                                              පළමු රෙජිම්න්තු සැරයන් මේජර් බනි 1 ජි ආර් මුදලිරත්න
  • 1වන ශ්‍රී ලංකා යුද්ධ හමුධා වෛද්‍ය බලකාය - 1950.10.21 දින කර්නල් HC සේරසිංහ
  • 3වන බලකාය - 1999.03.01 මේජර් පි එම රත්නායක
  • 4 ශ්‍රිලයුවෛබ - 2007.11.21 මේජර් WHUD විජේරත්න
  • 5 ශ්‍රිලයුවෛබ - 2010.04.07 මේජර් KAM කන්නන්ගර
  • 2 ශ්‍රිලයුවෛබ - 1881 07.29 ශල්‍ය වෛද්‍ය TH ට්‍රොට්හිල්

යුද්ධ හමුදා රෝහල්[සංස්කරණය]

  1. යුද්ධ හමුදා රෝහල කොළබ 1950 මුල් භාගයේදී
  2. යුද්ධ හමුදා මුලික රෝහල අනුරධාපුර 1997.10 12 වන දින
  3. යුද්ධ හමුදා මුලික රෝහල පනාගොඩ 1991 වර්ෂයේදී රෝහලක් බවට පත්කර ඇත
  4. යුද්ධ හමුදා මුලීක රෝහල පලාලි 2001 වර්ෂයේ
  • යුද්ධ හමුදා මූලීක රෝහල දියතලාව 1950.11.01, දින දැනට ඇති ස්ථානයට ගෙන ඇත
  1. යුද්ධ හමුදා මුලික රෝහල මුලතිව් 2013.03.05
  • යුද්ධ හමුදා මුලික රෝහල මින්නේරිය 2013.08.03
  1. යුද්ධ හමුදා මුලික රෝහල කිලිනොච්චිය 2012.02.02

වර්තමාන ක්‍රියාකාරිත්වය[සංස්කරණය]

දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය නිත්‍ය ඒකක 04කින් සහ ස්වෙච්චා ඒකක එකකින් යුක්ත වන අතර යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා වෛද්‍ය ප්‍රථිකාර සහ අනෙකුත් ඒ හා සබඳි සේවාවන් ඉටු කරනු ලැබේ, දශක තුනකට අධික යුධමය කාල වකවානුව තුල වෛද්‍ය බලකාය සිදු කරන ලද මෙහෙය ඇති විශාල වන අතර ලොව කිසිදු වෛද්‍ය බලකායකට වත් මුහුණ දීමට සිදු නොවූ විරු අවස්තාවන් වලට ක්‍රියාන්විත වලදී මුහුණ දීමට වෛද්‍ය බලකා සාමාජිකයින් හට සිදු වූ බව අපි අවිවාදයෙන් යුක්තව පිලිගත යුතුය. මේ හේතුව නිසාම ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය යුද බිමෙදි රෝගීන් ඉවත් කර ගැනීම හා යුද බිමේදී රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රථමාධාර ලබා දීමේ කාර්යක්ෂම තාවය පිළිබඳව ජාත්‍යන්තර ඇගයීම් කිහිපයකට ලක්වීම යුද්ධ හමුදාව පොදුවේ ලබා ගත් ජයග්‍රහණයකි. මේ හේතුව නිසාම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය වෙතින් දකුණු සුඩාන් රාජ්‍යන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය රෝහලක්ද ඉල්ලුම් කර දැනට එය පවත්වාගෙන යනු ලැබේ. මෙය දකුණු සුඩාන් රාජ්යේ සාම සාධක මෙහෙයුම් වල නිරත වන විවිධ රටවලට අයත් සාම සාධක හමුදා සාමාජිකයන්ගේ නොමද පැසසුමට පත් වන රෝහලක් වී හමාරය .දැනට රෝහල් අතරින් රාජ්‍ය පරිපාලනයේ පවතින රෝහලක් ලෙස ඉහලම පහසුකම් සහ ඉහලම සේවාවක් ලබා දෙන රෝහලක් ලෙස හමුදා රෝහල නොමද පැසසුමට ලක්ව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවයේ වත්මන් සැලැස්ම[සංස්කරණය]

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය  සේවය දැනට පාලනය වනුයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක   වරයා යටතේ වන අතර දැනට හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක  ජනරාල් වරයා වශයෙන්  දෙස් විදෙස් කීර්තියට පත් විකිරණ වෙදී විශේෂඥ වෛද්‍ය  වරයකු වන මේජර් ජනරාල්  SH මුණසිංහ RWP,RSP,USP යන ජේෂ්ඨ හමුදා වෛද්‍ය නිලධාරි වරයා කටයුතු කරයි,මේ යටතේ වෛද්‍ය  සේවා අධ්‍යක්ෂක  මණ්ඩලය, දන්ත වෛද්‍ය  සේවා අධ්යයක්ෂක මණ්ඩලය, සෞඛ්‍ය  හා නිවාරණ අධ්ය‍ක්ෂක මණ්ඩලය වැනි අධ්‍යක්ෂක  මණ්ඩල කිහිපයක් ඇත. 

දැනටයුද්ධ හමුදා වෛද්‍ය සේවාව සතුව අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත යුද්ධ හමුදා රෝහලක් ලෙස යුද්ධ හමුදා රෝහල කොළඹ (නාරාහේන්පිට) ඇති අතර එය තුල සාර්ථක ලෙස වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්ද සිදු කරමින් යුද්ධ හමුදා වෛද්‍ය සේවාව තුලින් හමුදා සාමාජිකයන්ට ලබා දෙනු ලබන සේවාව කලාපයේ තරගකාරී තත්වයකට ඔසවා තැබීමට සමත් වී ඇත. මිට අමතරව යුද්ධ හමුදා මුලික රෝහල් 07 ක් ද යුද්ධ හමුදා වෛද්යට සේවාව සතු වන අතර මෙම සේවාවන් සඳහා අවැසි හෙද කාර්ය මණ්ඩල පුහුණුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධික්ෂනය යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රමීතීන් වලට යටත්ව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හෙද සේවය වෙත පරිපූර්ණ දැනුමැති හා පූර්ණ ශික්ෂණය ක් ඇති හෙද හෙදියන් බිහි කරන හමුදා හෙද විදුහලක්ද අනුරාධපුරහි ස්ථාපිත කර ඇත මිට අමතරව යුද්ධයේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයින් සඳහා පුනරුත්ථාපන ආයතන කිහිපයක් ඇති අතර ඒවානම්

  1. රාගම රණවිරු සෙවන
  2. අභිමංසල 1 අනුරාධපුර
  3. අභිමංසල 2 කබුරුපීටිය,
  4. අභිමංසල 3 පන්ගොල්ල
# රණ අරණ අත්තිඩිය.

තවද වෛද්‍ය සේවාව විසින් හමුදාව තුල වව්නියාව, ත්‍රිකුණාමලය , අම්පාර, යන කඳවුරු වල ක්ෂ්‍ර්ත්‍ර රෝහල් ද ඊට අමතර ප්‍රධාන සැරහුම් මධ්‍යස්ථාන , ඉදිරි සැරහුම් මධ්‍යස්ථාන සහ වෛද්‍ය පරීක්ෂණාගාර පවත්වාගෙන යනු ලැබේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවාව තුල කුඩාම ඒකකය වෛද්‍ය පරික්ෂනාගාරයන් වන අතර දැනට වෛද්යර පරීක්ෂණාගාර 340කට ආසන්න සංඛ්‍යාව වක් පවත්වාගෙන යනු ලැබේ.තවද රජයේ රෝහල් කිහිපයක් තුල හමුදා වාට්ටු පවත්වාගෙන යයි. එනම් අනුරාධපුර ශික්ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, වව්නියාව මහා රෝහල හි මෙම වාට්ටු පවත්වාගෙන යනු ලැබේ. මීටත් අමතරව නුදුරේදි ක්රිකයාත්මක වීමට නියමිත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් පාලනය කරනු ලබන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ශික්ෂණ රෝහලද පාලනය යුද්ධ හමුදා වෛද්‍ය සේවාව වෙත ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය තුල වෘත්තීය සෙබළු[සංස්කරණය]

යුද්ධ හමුදා වෛද්‍ය බලකාය තුල දැක ගත හැකි ප්‍රධානතම වෘතිය ලෙස වෛද්‍ය නිලධාරි හඳුනා ගත හැකි අතර ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල පිළිගත් වෛද්‍ය නිලධාරියකු විය යුතු අතරම යුද හමුදා සේවය සඳහා සුදුසු කායික යෝග්‍යතාවයකින්ද (PULHEEMS Test)යුක්ත විය යුතුය. සැම විටම වෛද්‍ය බලකා ඒකක හා රෝහල් වල ප්‍රදානි හෙවත් අණදෙන නිලධාරි තනතුර දරනුයේ වෛද්‍ය නිලධාරි වරයෙකි. වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇති හා යුධ හමුදා පුහුනුවද මොවුන් සතු වේ. සිවිල් වෛද්‍ය වරයකු වශයෙන් සම්පූර්ණ සුදුසුකම් ලැබූ මේ වෛද්‍ය වරුන් හමුදා වෛද්‍ය සේවාවට එක් වෙමින් විශේශයෙන් යුධමය කාල වකවාණුව තුල සිදුකල කැපකිරීම රටක් වශයෙන් වඩාත් ඇගයීමට ලක් කල යුතුමය. හමුදා වෛද්‍ය සේවාව තුල සිවිල් වෛද්‍ය. සේවාව තුල පවතින හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තීන් එලෙසින්ම පවති මොවුන් හමුදාමය පරිසරයක් තුල ඉතා ක්‍රමවත්ව තම රාජකාරීන් සිදු කිරීමට හැකියාව ලබා තිබෙන්නේ වෘතිය දැනුමට අමතරව ඔවුන් හමුදා පුහුණුව තුලින් ලබා තිබෙන සුවිශේෂී ශික්ෂණය නිසාය. මෙම වෘතිය සෙබළු හා සමකාලින සිවිල් වෘතිකයන් හා සසඳා බැලීමේදී වඩා ගුණාත්මක හැකියාවන් රැසක් හමුදා සේවය තුල දැක ගත හැක. තවද හෙද සහ වෛද්‍ය සහයකයින් මෙන්ම හමුදා වෛද්‍ය නිලදාරීන් තුල විශේෂ හැකියාවක් හදිසි අනතුරු වලදී ක්‍රියාත්මක වීම පිළිබඳව දැක ගත හැක. විටින් විට ඉතිහාසය තුල සිදුවූ සෞඛ්‍ය සේවාව තුල වර්ජන තත්වයන් තුලදී සිවිල් සෞඛ්‍ය සේවය වඩා ගුණාත්මකව පවත්වාගෙන යාමට හමුදා වෛද්‍ය සේවාව සමත් වීම තුලින් මෙම වෘතිකයන් සතු වෘතිය හැකියාව පිලිබඳ නොබිදෙන සාක්ෂියක් තැබීමට ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය සමත් වී ඇත.තවද හමුදා රෝහල් තුල සාත්තු සේවක සහ සනීපාරක්ෂක සේවාවන් සඳහා සිවිල් සේවක සේවිකාවන් යොදා ගනු ලැබේ.හමුදා රෝහල් තුල වඩා ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා මේ කණ්ඩායම් වල කාර්‍ය භාරය ඉතා වැදගත් වේ. මිට අමතරව වෛද්‍ය බලකාය තුල රියදුරු,අරක්කැමි, ගබඩාකරු, ලිපිකරු,පරගණක ක්‍රියාකරු ආදී විවිධ වෘතින් සඳහා සෙබළුන් ඇත නමුත් මෙම සැම වෘත්තීය සෙබලකුම තමන්ගේ වෘතියට අමතරව මූලිකවම වෛද්‍ය බලකායට අදාළ දැනුම ලබා ගෙන තිබීම අනිවාර්ය වෙ. තවද මොවුන් ඒ සඳහා බඳවා ගනු ලබන්නේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම හමුදා සේවයට අදාළ කායික යෝග්‍යතාව (PULHEEMS) සලකා බලමිනි. මෙම වෛද්යට බලකා යට අදාළ පුහුණුව ලබා ගැනීමට ප්‍රථම මොවුන් මුලික යුධ හමුදා පුහුණුව ලබා ගැනීම අනිවාර්ය වන අතර එහිදී සාමාන්‍ය අනෙක් සොල්දාදුවකු සේ සලකා අවි පුහුණුව ඇතුළුව හමුදා පුහුණුව ලබා දෙනුයේ ඕනෑම සේවයක් සඳහා මොවුන් සුදුස්සන් බවට පත් කරමිනි. එබැවින් සිවිල් සෞඛ්‍ය සේවකින්ට වඩා මෙම සෙබළුන් වැදගත් වනුයේ එම හැකියාවද ඔවුන් සතු බැවින් වන අතර සමාන්‍ය හමුදා සෙබළකුට වඩා විශේෂත්වයක්ද මොවුන් සතුය.

වෛද්‍ය පරීක්ෂණාගාර[සංස්කරණය]

වෛද්‍ය පරික්ෂනාගාරය හමුදා වෛද්‍ය සේවයේ කුඩාම ඒකකය වන අතර හමුදා වෛද්‍ය  නිලධාරියකු නොමැතිව වෛද්‍ය  සේවාවන් සපයන එකම වෛද්‍ය ඒකකයද වේ.( සමහර වෛද්‍ය පරීක්ෂණාගාර වල වෛද්‍ය නිලධාරින් රාජකාරි සපයන අතර බොහෝ ඉදිරි සැරහුම් මධ්‍යස්ථාන වල වෛද්‍ය  නිලධාරියකු සිටිය යුතු වුවද එසේ නොවන අවස්ථා ඇත, නමුත් නිල වශයෙන්ම වෛද්‍ය  නිලදාරියකු නොමැති විය හැක්කේ වෛද්‍ය පරික්ෂණාගාරයක පමණි,)

සාමාන්‍යයෙන් යුධ හමුදා වෛද්‍ය පරික්ෂනාගාරයන් වල රාජකාරි කරනු ලබනේ හෙද හෝ වෛද්‍ය සහයක සෙබළුන්ය. හෙද වරයකු නොමැති වෛද්‍ය පරීක්ෂණාගාර බොහොමයක් ඇති අතර ඒවා පාලනය කරනුයේ වෛද්‍ය සහයක සෙබළුන් විසිනි. මෙම වෛද්‍ය පරීක්ෂණාගාර තුලදී එම කඳවුරු වල හමුදා සාමාජිකයින් හට මෙන්ම සිවිල් සේවකයින් හටද ප්‍ර්ථමාධාර මෙන්ම මුලික තත්වයේ ප්‍රථිකාරද කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය ඖෂද හා සැරහුම් ද්‍රව්‍ය වෛද්‍ය බලකා ඒකක ඖෂද ගබඩා හරහා බෙදා හරිනු ලැබේ. මෙම කඳවුරු වෛද්‍ය පරීක්ෂණාගාර වෛද්‍ය කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් වෛද්‍ය බලකා ඒකක අණදෙන නිලධාරි විසින් පාලනය කරනු ලබන අතර සමාන්‍ය වෛද්‍යමය නොවන පාලන කටයුතු ඒ ඒ කඳවුරු ප්‍රධානින් විසින් පාලනය කරනු ලැබේ. වෛද්‍ය බලකාය වෙතින් සපයන සියලු සේවාවන් අදාල කදවුරු වෙත ලබා ගැනීම සඳහා මෙම වෛද්‍ය පරීක්ෂණාගාර (medical inspection room) අතරමැදි කටයුතු සලසා දේ.

වෛද්‍ය සහයක /හෙද සහයක[සංස්කරණය]

වෛද්‍ය සහයක සහ හෙද සහයක යන නම් දෙකෙන්ම හදුන්වනු ලබන්නේ එකම වෘතිය සෙබළුන්ය , මොවුන්ගේ වෘතිය නිර්මාණය කර ඇත්තේ එංගලන්ත රාජකීය හමුදාවේ සංග්‍රාමික වෛද්‍ය ශිල්පී හෙවත් CMT ( Combat Medical Technician) යන වෘතිය මට්ටම සලකා බලාය මෙම වෘතිය වැඩිම කාලයක් සහෝදර ඒකක සෙබළුන් සමග ගැටෙමි එම ඒකක තුල හා ආයතන තුල ඇති වෛද්‍ය පරීක්ෂණාගාරයන්හි රාජකාරි කරනු ලබන හෙයින් වෛද්‍ය බලකායෙ සේවාව පිලිබඳ වෙනත් ඒකක සෙබළු හා නිලධාරින් බොහෝ විට හඳුනා ගනුලබන්නේ මෙම සාමජිකයන්ගේ සේවයයි. තවද යුදමය කාල වකවානුව තුල රණ ඒකක තුල රැඳී සිටිමින් සැබෑ යුධ භුමිය තුල නොබියව සහෝදර සෙබළුන් සමග හිදිමින් අති දැවැන්ත කාර්ය භාරයක් සිදු කිරීම හරහා බොහෝ සහෝදර සෙබළුන් රැසකගේ ජිවිත බේරා ගැනීමට පළමු දායකත්වය ලබා දිමට වෛද්‍ය සහයක සෙබළුන් ක්‍රියා කරනු ලැබුවේය. මේ හේතුව නිසාම ලොව හොඳම යුධ භූමියෙන් තුවාල ලත් සෙබළු න් ඉවත් කරමින් ප්‍රථමාධාර හා හා ප්‍රථිකාර ලබා දීමේ කාර්ය පටිපාටිය ඇති හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය වෙත අනගිභවනීය ජාත්‍යන්තර කීර්ති නාමයක් ලබා ගැනිමෙහිලා සුවිශේශීම කාර්‍ය ඉටුකල වෘත්තිය කණ්ඩායම ලෙස මෙම වෛද්‍ය සහයක යන් හැදින්විය හැක. මන්ද යත් යුද භූමිය තුලටම ගොස් ඉතා අනතුරුදායක සහ කලබලකාරී වටපිටාවක් තුල සහොදර සෙබළුන් ගේ ජීවිත රැක ගැනීම සදහා හෙද සහයක/වෛද්‍ය සහයක යන් කල කාර්‍ය භාරය අති විශිෂ්ට වේ. ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය තුල වෙනත් සියලු වෘත්තිය කණ්ඩායම් වලටම පාහේ ඒ හා සමාන සිවිල් සුව සේවා වෘත්තික කණ්ඩායමක් හදුනා ගත් මුත් යුද හමුදා වෛද්‍ය සහයක / හෙද සහයකයන් සදහා ඒ වැනි කණ්ඩායමක් හදුනා ගත නොහැක. මෙම කණ්ඩායම වඩාත් වැදගත් වන්නේ මොවුන් ඉතා පුලුල් පරාසයක් ආවරණය වන පරිදි වෛද්‍ය බලකා රාජකාරින් සියල්ල කදවුරක් තුල ආවරණය කිරිමයි. මේ හා සමාන සිවිල් සුව සේවකයන් කිසිම අවස්තාවක ලොකයේ කිසිදු ස්තානයක දැකිය නොහැකි වන්නේද එබැවිනි. මෙම වෛද්‍ය සහයක වරුන් ගේ කාර්‍ය භාරය ඉතා වගකීම් සහගත වේ. හෙද වරයකු හො වරියක සෘජුව වෛද්‍ය වරයකු විසින් මෙහෙයවන ස්තානයක රාජකාරියේ නියලෙමින් හෙද සාත්තුව සිදු කරන අතර එය ඉතා වැදගත් හා වගකිම් සහගත කාර්‍යක් බව සැබෑය. නමුත මෙම වෛද්‍ය සහයක වරුන් යුද හමුදා කඳවුරු වල වෛද්‍ය පරීක්ෂණාගාර වල සිදු කරන කාර්‍ය ඉතා වෙනස් වේ. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරිම (සෘජුව වෛද්‍යවරයකුගේ අදික්ෂණයක් නොමැතිව) ,උසස් ප්‍රථමාධාර පිලිවෙත් කිරිම, රෝගින්ට හෙද සාත්තුව කිරිම, සෞඛ්‍ය අධ්‍යපන ලබා දීම,කඳවුරු සෞඛ්‍ය පිලිබඳ වගකීම් දැරීම, සෙබල පුද්ගල සෞඛ්‍ය පිලිබද සොයා බැලීම, ඒ සදහා උදව් වීම, අවශ්‍ය රෝගින් වෛද්‍ය වරයකු වෙත යොමු කිරිම, රෝගිවිස්තර සහ වෛද්‍ය කණ්ඩායම් වෙත අවශ්‍ය විස්තර එකතු කිරිම වැනි සියලු කාර්‍යන් මොවුන් මේ වනතෙක් කිසිදු ගැටලුවකින් තොරව සිදු කරමින් පවති. මේ හේතුව නිසා අද වන විට සමහර අවස්තා වලදි හෙද සහයක නමින් හදුන්වන මේ වෛද්‍ය සහයකයන් වෛද්‍ය බලකාය ගැන කතා කිරීමේදි ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සිරස්ක ලාංචනය[සංස්කරණය]

මෙය ඉහලම ඇති සිංහ රුපය මගින් රණ ඒකක සමග යුධ භුමියේ රැදී සිටිමින් දක්වන අභීත භාවයද, දෙපස වී කරල් දෙක මගින් ශ්‍රී ලාංකික සංස්කෘතියද, පෙන්නුම් කරනු ලබන අතර මැදින් දැකිය හැකි සර්පයකු එතුණු සැරමිටිය වෙදකමට අධිපති දෙවියන් ලෙස ග්‍රීක වැසියන් අදහන එතොපියස් නම් වූ දෙවියන් ගෙ අත ඇති සරමිටිය සිහිපත් කරවයි. පහල ශ්‍රී ල යු වෛ බ ලෙස සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ධජය[සංස්කරණය]

මෙම ධජය වර්ණ තුනකින් සමන්විත වන තර එම වර්ණයන් පහත පරිධි වේ Cherry Red, Royal Blue, Golden Yellow

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා නිල ඇඳුම[සංස්කරණය]

මෙය සාමන්ය, හමුදා නිළ ඇඳුමම වන අතර Cherry Red වර්ණය සහිත නලා හුය වම් පස පළඳිනු ලැබේ. සිරස්කය නිල් පැහැ වන අතර ලාන්ස් කෝප්රඑල් සිට මාණ්ඩලික සැරයන් දක්වා (Lance copral- Staff sergeant )උත්සව නිල ඇඳුමට හැර අනෙක් නිළ ඇඳුම් සඳහා නිල ලකුණු දකුණු පස අතෙහි පමණක් පළඳිනු ලැබේ. බලලත් නිලධාරි වරුන් නිල ලකුණු දකුණු අතෙහි පළඳි . කාන්තා සෙබළියන්ද මේ සමාන වන අතර ඔවුන්ගේ සාමාන්යර සේවා වැඩ ඇදුමට හා උත්සව නිල ඇඳුමට සාක්කු නොමැති හෙයින් නලා හුය පළඳිනු නොලැබේ, හෙද වරියන් හෙද රාජකාරියේ දී ඒ සඳහාම විශේෂයෙන් නිර්මිත හෙද නිල ඇඳුම ඇඳිය යුතු අතර එය හමුදා සිරස්කයක් නොපලදින ඇඳුමක් වීම විසෙෂත්වයකි. අධිකාරි ලත් නිලයන් වෙනත් ඒකක හා සමානය. සෙසු නිලයන් උත්සව නිල ඇඳුම සඳහා පළඳින සිරස්කය මුදුනෙහි වර්ණවත් හැකල් එකක් පැළඳිය යුතුය. මිට අමතරව වෛද්යස බලකා ඒකක හා ආයතන වල දවසේ කාර්ය භාර කොමිෂන් නොලත් නිලධාරී සහ ජේෂ්ඨ කොමිසන් නොලත් නිලධාරිද මෙම හැකල් එක සහිත සිරස්කය සාමාන්යක සේවා වැඩ ඇඳුම සමග පළඳි. මෙම හැකල් එක එකක ධජයට අදාල වර්ණ වලින් සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා පුහුණු අංශය[සංස්කරණය]

යුද්ධ හමුදා වෛද්‍ය බලකායද අනෙක් සාමානය හමුදා ඒකකයකට සමාන බැවින් එම ඒකකය තුලද නිල උසස් කිරීමේ පාඨමාලා සහ ආධුනික පාඨමාලාද පවත්වනු ලැබේ. බොහෝ විට ආධුනික පාඨමාලා වෙනත් ඒකක වලින්ද සපුරා ගනු ලැබුවද සමහර අවස්තාවන් වල තම රෙජිමෙන්තුවට අයත් ආධුනිකයන් සඳහා නිල උසස් කිරීමේ පාඨමාලාවන් ඒකකය තුල පවත්වනු ලැබේ, ඒ සඳහා අවශ්‍ය හමුදා උපදේශකයන් රැසක්ම වෛද්‍ය බලකාය සතුය. තවද හමුදා හෙද පුහුණු පාසල අනුරාධපුරය පිහිටා ඇති අතර ඒ තුලින් යුධ හමුදා මෙන්ම නාවික හා ගුවන් හමුදාවටද හෙද හෙදියන් පුහුණු කිරීමේ කාර්ය සිදු කරනු ලැබේ. මිට අමතරව වෛද්‍ය සහයකයින් සහ සියලු වෘත්තීන් සඳහා අදාල ප්‍රථමාධාර හා වෛද්‍යමය පුහුණුවීම් ඒකක හා රෙජිමේන්තු මධ්‍යස්ථාන හිදී සිදු කරනු ලබන අතර වෙනත් ඒකක සෙබළු සඳහා මුලික ප්‍රථමාධාර පුහුණුව, සංග්‍රාමික ජිවිත ගලවා ගැනීමේ පාඨමාලාව, රෙජිමේන්තු හෙද සහයක පාඨමාලාව යන පාඨමාලාවන් තුන ශ්‍රීලයූවෛබ ඒකක වලදී පවත්වනු ලැබේ. යුද්ධ හමුදා වෛද්‍ය බලකාපුහුණු අංශය රෙජිමේන්තු මධ්‍යස්ථානය වේරහැර හි ස්ථාපනය කර ඇත. මෙම පුහුණු කටයුතු වලට අමතරව වෙනත් ඒකක සහ ආයතන වෙතින් පවත්වනු ලබන සහ ඉල්ලුම් කරනු ලබන ඕනෑම පාඨමාලාවක් සඳහා හෝ, කාර්ය මණ්ඩල පුහුණුවීම් සඳහා හො අමතර දේශන සහය වෛද්‍ය බලකාය වෙතින් ලබා දිම් සිදු කරයි, විශේෂයෙන්ම සරසවි සිසුන් සඳහා වූ නායකත්ව පුහුණු පාඨමාලා වලදී වෛද්‍ය බලකාය වෙතින් ලබා දුන් දේශන සහය එම සිසු සිසුවියන්ගේ නොමඳ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ඒකක ස්ථාපිත ස්ථාන[සංස්කරණය]

යුද්ධ හමුදා වෛද්යක සේවා අධ්යලක්ෂක ජෙනරාල් කාර්යාලය හා අනෙකත් අධ්යික්ෂක මණ්ඩල යුද්ධ හමුධා මුලස්ථානය කොළබ හි පිහිටා ඇති අතර, යුධ හමුදා රෝහල නාරාහේන්පිට පිහිටා ඇත. රෙජිමේන්තු මධ්යහස්ථානය හා 1 ශ්රිාලයුවෛබ බොරලැස්ගමුව වේරහැර පිහිටා ඇත. 3 ශ්රිධලයුවෛබ අනුරාධපුර නෙළුම්කුලම ඇත 4 ශ්රිධලයුවෛබ පලාලි වාසවිලාන් 5 ශ්රිධලයුවෛබ හබරණ පැරණි අතරමැදි කඳවුරු භුමිය 2 සේව් ශ්රි ලයුවෛබ පනාගොඩ යුධ හමුදා ජනපධයේ

වෛද්‍ය බලකා සෙබළු සහ වෛද්‍ය බලකාමය නොවන රාජකාරි[සංස්කරණය]

වෛද්‍ය බලකා සෙබළුන් යනු සුවිශේෂී හැකියාවන් සහිත තවත් හමුදා සොල්දාදුවන් පිරිසක්ම වන අතර ඔවුන් අතරින් බොහෝ පිරිසක් තම ඒකක හා ආයතන වලින් පරිබාහිරව විවිධ ආයතන හා ඒකක වල තම ඒකක රාජකාරියට අමතර රාජකාරි සිදු කරනු දැක ගත හැක. බොහෝ පුහුණු පාසල් වල විශිෂ්ට ගනයේ හමුදා උපදේශකයින් මෙන්ම, ලිපිකරු, හා වෙනත් රාජකාරි සිදු කරන වෛද්‍ය බලකා සාමාජිකයන්ද ඇත. මිට ඉහත ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන් වලදීද වෛද්‍ය බලකා සාමාජිකයන් රැසක්ම අනෙක් තරග කරුවන් සඳහා හොඳ තරගයක් ලබා දෙමින් වැඩසටහන උත්කර්ශවත් කිරීමට සිදුකල මෙහෙය විශිෂ්ටය.ක්‍රිඩා හා වෙනත් අමතර වැඩ සටහන් වලදි, සෞන්දර්ය, නව නිපැයුම්, ආදි වෙනත් වැඩසටහන් වලදි හමුදා වෛද්‍ය බලකාය කැපි පෙනේ.

වෛද්‍ය බලකා සෙබළු වෙනත් ඒකක වල තම ඒකකයට අදාළ වෛද්‍ය්ය රාජකාරීන් සිදු කරන විට කිසිදු හෙතුවක් මත ආරක්ෂක රාජකාරීන් වල යෙදවිය නොහැක. ඒ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ජිනීවා යුධ සම්මතයන් පිළිගන්නා හමුදාවක් බැවිනි. එනම් වෛද්‍ය කණ්ඩායම් ඇත අවි දැරිය නොහැක යන නිතිය පිළිගත යුතුය. යුධමය කාල වකවානුවකදී තම ආත්මාරක්ෂාව සඳහා පමණක් සේවය කරන කඳවුරේ ප්‍රධානිගේ අනුමැතිය පරිදි අවියක් වෛද්‍ය බලකා නියෝජිතට භාවිතා කල හැක.නමුත් හමුදා වෛද්‍ය බලකා සාමාජිකයන් අනිවර්‍යෙන් යුධ පුහුනුවේ නිපුණත්වය ලබා තිබිය යුතුමය.