ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කමාන්ඩෝ රෙජිමේන්තුව

විකිපීඩියා වෙතින්
කමාන්ඩෝ රෙජිමේන්තුව
සක්‍රීය1980 – වර්තමානය
රට ශ්‍රී ලංකාව
අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
වර්ගයවිශේෂ මෙහෙයුම්
භූමිකාවඅසම්මත යුද්ධ ක්‍රම
ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්
විශේෂ විහිදුම් මෙහෙයුම්
ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම්
ඉතා වැදගත් පුද්ගලයින් (VIP) ආරක්ෂා කිරීම
විශාලත්වයරෙජිමේන්තු 4, භටයින් 3000
මෙහි කොටසකිකමාන්ඩෝ සේනාංකය
රෙජිමේන්තු මධ්‍යස්ථානයගනේමුල්ල
ආදර්ශ පාඨය"නොහැක්කක් නොමැත"
වර්ණ    
Anniversariesමාර්තු 15
ගැටුම්ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය
ආඥාපතිවරු
මධ්‍යම ආඥාපතිකර්නල් ඒ.එස්.පී. සිල්වා
සේනාංක අණ දෙන නිළදාරීබ්‍රිගේඩියර් පී.ජී.පී.එස්. රත්නායක
රෙජිමේන්තු සැරයන් මේජර්WO1 ඩී.පී.අයි. නිලන්ත කුමාර

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව යනු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඇති විශේෂ මෙහෙයුම් ඒකක දෙකින් එකකි. ඒ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා රෙජීමේන්තුවට අමතරව යි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංවිධානික සහ මෙභෙයුම් ව්‍යූහය බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවාව (SAS) ට සමානය. රෙජිමේන්තු හතරකින් යුක්ත මෙහි එක් රෙජිමේන්තුවකට භටයින් 140කගෙන් සමන්විත ප්‍රති-ත්‍රස්තවාදී ඒකකයක් ඇති අතර එය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වලදී ප්‍රමුඛව ක්‍රියා කරන ඒකකයකි. එය 1980 දී ගණේමුල්ලේදී නිර්මාණය විය.