ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

විකිපීඩියා වෙතින්
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
Department of Survey
Agency overview
ආරම්භ කරේ 1800[1]
පාලනය ශ්‍රී ලංකාව
වෙබ් අඩවිය
survey.gov.lk

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව යනු ශ්‍රී ලංකාවේ රජයේ දෙපාර්තමේන්තුවකි. 1800 අගෝස්තු 02 වන දින පිහිටුවන ලද මෙම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව ලෙස සැළකේ.[1]

ඉතිහාසය[සංස්කරණය]

1796 වසරේදී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස 1798 වර්ෂයේ මාර්තු 06 දින කොමිසමක් මඟින් සර් ෆෙඩ්රික් නොර්ත් පත් කරනු ලැබිණි. 1800 වසරේ මැයි 3 වන දිනදී ප්‍රකාශයට පත්කල පොදු ඉඩම් සන්තක කර ගැනීම් අවලංගු කිරීම හා ඉඩම් අයිතිය තනි පුද්ගලායනය කිරීම නම් ඉඩම් ප්‍රකාශනය හේතුවෙන් ඉඩකඩම් මැන නිර්ණය කිරීම වැදගත් අවශ්‍යතාවයක් බවට පත් විය. ෆෙඩ්රික් නොර්ත් විසින් 1800 වසරේ අගෝස්තු 2 දිනැති ප්‍රකාශනය සකස් කිරීමත් සමග ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ස්ථාපනය විය.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 [http:http://www.survey.gov.lk/surveyweb/Home%20Sinhala/index.php "ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව"]. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2016. {{cite web}}: Check |url= value (help)
  2. [http:http://www.survey.gov.lk/surveyweb/Home%20Sinhala/history.php "ඉතිහාසය"]. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2016. {{cite web}}: Check |url= value (help)