ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලලිමේන්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික තරුණ පාර්ලිමේන්තුව ස්ථාපිත කර ඇත. එය ශ්‍රී ලංකා රජයේ යෞවන කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මෙම යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාව විසින් සපයනු ලැබේ.

ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව ප්‍රථම වරට ආරම්භ වන්නේ 2011 වසරේදීය.ශ්‍රී ලංකාවේ 5 වන යොවුන් පාර්ලිමේන්තුව දැනට ක්‍රියාත්මක වේ. එය සාමාජිකයින් 360 කින් සමන්විත වේ. පැතුම් රණසිංහ ආරච්චිලාගේ මහතා දැනට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කර ඇත. යොවුන් පාර්ලිමේන්තු පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීමට යොවුන් පාර්ලිමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මේ වන විට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වගකිවයුතු තනතුරුවලට පත්වී ඇත.