ශ්‍රී ලංකාව තුල වැඩිහිටියන්ට සැලකීම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව තුල වැඩිහිටියන්ට සැලකීම යන මෙම ලිපිය මගින් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුලදී වැඩිහිටියන්ට උපස්ථානය, සුරැකීම, ආදිය සිදුකෙරෙන අයුරු සලකා බැලෙයි. එලෙසින්ම 1972 ට පෙර ලංකාව ලෙසින් හැඳින්වුනු කල මෙම රට තුල ඔවුනට සැලකිලි දැක්වූ ආකාරයද විමසා බලනු ලැබෙයි. අනෙකුත් රටවල් වල මෙම කාර්යය ඉටු වන අයුර සමග සංසන්දනය කිරීමක්ද කරනු ලැබෙයි. බුදු දහමෙහි වැඩිහිටියන්ට සැලකූ අයුරු දැක්වෙන අයුරු, අපගේ පැරණි කවි, ජන කතා ආදියෙහි ඒ ගැන සඳහන් වන අයුරු ආදියද සලකනු ලැබෙයි.

සමාලෝචනය[සංස්කරණය]

දශක දෙකක් ගතවීමට පෙර, ශ්‍රී ලංකාවේ ජනගහනය තුල වැඩිහිටියන් ප්‍රතිශතය, වර්තමානයෙහි එක්සත් ජනපදය හෝ ජපානය හෝ තුල පවතින තත්වයට පත්වනු ඇත. එනමුදු ඇමරිකා එක්සත් ජනපදය හා සංසන්දනයෙහිදී ශ්‍රී ලංකාවෙහි ආර්ථික සංවර්ධනය වේගය බෙහෙවින් අඩු මට්ටමක පවතිනු ඇත. සංවර්ධිත රටවල ඒක පුද්ගල ආදායම හා සම වීමට නම් ශ්‍රී ලංකාව තුල ආශ්චර්යමත් සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙයි. ඉමහත් වෙනස්කම් සිදුනොවන්නේ නම් මහත්වූ ගැටළු සමුදායකට හෝ සමහරවිටෙක අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවිය හැක.