Jump to content

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය

විකිපීඩියා වෙතින්

අඩ සියවසකට ආසන්න කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වූ සරල බහුතර මැතිවරණ ක්‍රමය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහෝසි කොට ඒ වෙනුවට නව නියෝජන ක්‍රමය වශයෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුනි. සමානුපාතික ක්‍රමය හඳුන්වා දීමට හේතු වූයේ සරල බහුතර නියෝජන ක්‍රමය මගින් මහජන මතය හරිහැටි නියෝජනය නොවීමයි. 1970 හා 1977 යන වර්ෂවල මැතිවරණ ගෙන බැලූකල පෙනීයන්නේ 1970 බලයට පත් සමඟි පෙරමුණ 44% ක් පමණක් ඡන්ද ප්‍රතිශතයක්‍ ලබාගන්නා බවයි. නමුත් ඔවුන්ට ව්‍යවස්ථාදායකයේ ආසන 77%ක්ම හිමි වේ. මේ අනුව මහජන මතය හරිහැටි නියෝජනය නොවේ. මෙවැනි හේතූන් නිසා සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්හ. නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා වැනි අය පවසන්නේ, මෙම මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමට හේතු වූයේ එම 1978 බලයට පත් ආණ්ඩුව සතු වූ දේශපාලන ආත්මාර්ථකාමිත්වය බවයි. කෙසේ නමුත් සමානුපාතික ක්‍රමය හඳුන්වා දීම සුළු පක්ෂ වල ප්‍රගතියට ඉවහල් වූ බව පෙනේ.මහජන මතය සමානුපාතිකව නියෝජනය වන නිසා ඔවුන්ට ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක් හිමි විය. 1978 ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන පරිච්ඡේදය මගින් මැතිවරණ ක්‍රමය සඳහා ප්‍රතිපාදන සපයා ඇත. සමානුපාතික මැතිවරණ ක්‍රමය ක්‍රයාත්මක වන ආකාරය

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීම

[සංස්කරණය]

ආණ්ඩුක්‍රම ව්‍යවසවස්ථාවේ 95(1) හා 95(2) වගන්ති අනුව මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කොමිසන් සභාවක් ජනාධිපති වරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්යරවස්ථා සභාව (17 ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රකාරව) පත්කිරීම සිදුකරයි. එහි සාමාජිකයන් තිදෙනෙකි. මෙය ස්වාධීන කොමිසමකි. 96(3) වගන්තියට අනුව මැතිවරණ කලාප නීර්නය කිරීමේදී පරිපාලන දිස්ත්‍රික්ක සැලකිල්ලට ගනියි. එක් එක් කලාප වල මන්ත්‍රි ආසන ප්‍රමාණය නීර්ණය කරන්නේ මෙසේ ය.

TV = දිවයිනේ සමස්ථ ඡන්ද සංඛ්‍යාව
Q = සුදුසුකම් ලැබීමේ ඡන්ද සංඛ්‍යාව

මේ අනුව දිවයිනේ සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රී 160 ක් වූ මුළු සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව මන්ත්‍රී ආසනයක් වෙන්කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ ඡන්ද සංඛ්‍යාව වේ. එහිදී ලැබෙන ඡන්ද සංඛ්‍යාවෙන් මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එම දිස්ත්‍රික්කයට අදාල ආසන ගණන තීරණය වේ.

නාම යෝජනා පත්රැ භාර දීම

[සංස්කරණය]

ව්‍යවස්ථාදායකය සඳහා පැවැත්වෙන මැතිවරණයකදී මැතිවරණ කොට්ඨාස පදනම් කරගනිමින් 196 දෙනෙකු තෝරාගනියි. ඒ අතරින් කොට්ඨාස දිස්ත්‍රික් අනුපාතය මත සිව් දෙනෙකු බැගින් 36 දෙනෙකු තෝරා ගනියි. එසේම 14 වන සංශෝධනය මගින් ඇතිකල ජාතික ලැයිස්තු ක්‍රමය මගින් 29 දෙනෙකු ජාතික ඡන්ද ප්‍රතිශතය මත තෝරා ගනියි. මේ අනුව ව්‍යවස්ථාදායකයට තෝරාගන්නා මුළු ගණන 225 කි. සෑම මන්ත්‍රි කොට්ඨාශයක්ම බහු මන්ත්‍රි වේ. නාමයෝජනා පක්‍‍ෂය විසින් සකස් කරයි. එහිදී මන්ත්‍රීධූර සංඛ්‍යාවට වඩා තුන්දෙනෙකුගේ නම් ඇතුලත් කළ යුතුය.

උදා:-රත්නපුර මැතිවරණ කොට්ඨාශය
10 + 3 = 13

අපේක්ෂකයන්ගේ නම් සකස් විය යුත්තේ අකාරාදී පිළිවෙළටය. එම නාමයෝජනා පත්‍ර: ඉදිරිපත් කරනුයේ පක්ෂ ලේකම්ගේ අත්සන සහිතවය.


සභිකයන් තෝරා ගැනීම.

[සංස්කරණය]

ඡන්ද ගණන් කිරීමෙන් පසුව වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමි වේ. පසුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 5% ට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ ඉවත් කරයි. ඉතිරි පක්ෂවල ඡන්ද එකතුව අදාල සංඛතාව ලෙස සැලකේ. ඉන්පසු එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව සම්ප්‍රයුක්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ඒ පක්ෂකයට හිමි ආසන ගණන තීරණය වේ. පක්ෂයට මන්ත්රීධූර වෙන්කල පසු එම පක්ෂයේ වැඩිම මනාප ලබාගත් අනුපිළිවෙලට මන්ත්‍රීවරුන් තෝරාගනී.

පුරප්පාඩු පිරවීම

[සංස්කරණය]

සරල බහුතර ක්‍රමයේ දී මන්ත්‍රිධූරයක් හිස් වූ විට අතුරු මැතිවරණයක් පවත්වයි. නමුත් සමානුපාතික ක්‍රමයේ දී අදාල අපේක්ෂකයන් අතරින් ඊළඟට වැඩිම මනාප ලබාගත් පුද්ගලයා මන්ත්‍රීවරයා ලෙස තෝරා ගනියි.

ජාතික ලැයිස්තු මන්ත්රීවධූර තේරීම

[සංස්කරණය]

ව්‍යවස්ථාදායකය සඳහා 225 ක් තෝරාගනියි.ඒ අතරින් 196 ක් ඡන්දයෙන් තෝරාගනියි. ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් තෝරාගනියි. මොවුන් තෝරාගැනීම සඳහා පදනම ලෙස යොදාගන්නේ දිවයිනේ මුළු සමස්ථ ඡන්ද අනුපාතය අනුවය. මේ ආකාරයෙන් බෙදූවිට මන්ත්‍රීධූර 29 සම්පූර්ණ නොවේ නම් වැඩිම ශේෂය පදනම් කරගෙන ඉතිරි ඒවා සම්පූර්ණ කරනු ලබයි.

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]