ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

විකිපීඩියා වෙතින්
ගොනුව:Sick heart walking hg clr.gif
මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

වෛද්‍ය විරාජ් පෙරේරා මහතා සමඟ සම්බන්ධ වුව හොත් මත්ද්‍රව්‍ය වලින් ගැලවීම බොහොම සරල දෙයක්.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ ඉතිහාසය හා පැතිරීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුව මෑතකාලීන සංසිද්ධියක් නොවේ.ක්‍රි.ව.1505දී ලංකාව පෘතුගීසීන් විසින්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන් විසින්ද ආක්‍රමණය කරන ලදී. ප්‍රථමයෙන්ම පෘතුගීසි ජාතිකයන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන ලද අතර පෘතුගිසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ.1829දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා විසින් ශ්‍රි ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරිම පිණිස අනුබල දෙන ලදී.මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා අබිං ගෙන්වීම කරන අතරතුරදීම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමය.


එසේම මේ වන විට අබිං වෙළෙඳාම ක්‍රමවත් කිරිම සඳහා ලයිසන් ක්‍රමය හඳුන්වා දී තිබු අතර එමඟින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි.ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ අබිං කෑම සමාජ ප්‍රශ්නයක් ලෙසින් ගැටලු මතු වීමට පටන් ගත් නිසා මේ සම්බන්ධයෙන් 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී.[1]


1930 ගණන් වන විට ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජාය. 1929 දී ගංජා සහ විෂ මත් වර්ග වලට අන්තරායකාරී මත් ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කළේ මේවායේ භාවිතය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තිබුණ නිසාය.1948 වන විට ශ්‍රි ලංකාවට නාමික නිදහස ලබා දී තිබු නමුත් විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබුණි. එකල බොහෝ පිරිස් ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස අබිං ප්‍රවාහනය කොට වෙළෙඳාම් කරන ලද අතර ලංකාවේ වෙළෙඳසැල් වලින්(කලුකඩ) අබිං වැඩි මිලකට මිලදී ගැනීමට හැකි විය. සිංහල ආයුර්වේද වෛද්‍යවරුන්ටද කලුකඩ තුළින් තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට සිදු විය.19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී අබිං වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර විය.

THUMB
THUMB

]]

1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් කර නොතිබුණු විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කරන ලදී.1984 අංක 11 දරණ අන්තරායදායක ඖෂධ පාලනය කිරිමේ ජාතික මණ්ඩල පනත නමින් වු පනතක් මඟින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී.


ශ්‍රී ලංකාවේ මෑතක් වන තූරුම මත් ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන මත් ද්‍රව්‍ය වශයෙන් ගංජා සහ අබිං සැළකිය යුතු වුවද, 70 දශකය අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය. එය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන කොළඹ, හික්කඩුව වැනි ප්‍රදේශ වලට සීමා වුවද වර්තමානය වන විට මෙහි භාවිතය වර්ධනය වී අනෙක් පාරම්පරික මත් ද්‍රව්‍ය හා සම තත්වයට පත්ව ඇත.

මත් ද්‍රව්‍ය ප්‍රශ්නයේ වර්ධනය[සංස්කරණය]

මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැළකිය හැක්කේ 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. මත් ද්‍රව්‍ය ප්‍රශ්නය නව මුහුණුවරකින් වර්ධනය වූයේත් තවත් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් හට ගත්තේත් මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ අනියම් දායාද ලෙසයි. මේ යටතේ ආනයන හා අපනයන සීමාවන් ලිහිල් කිරීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමත්, පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වලට අවසර ලැබීමත් නිසා නොයෙකුත් නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපයීමට බොහෝ අය තැත් කර ඇත

මේ හා සම්බන්ධව මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපෑ තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ ශ්‍රි ලංකාව පිහිටා ඇති ස්ථානයයි. එනම් අවාසනාවකට මෙන් ලංකාවට ආසන්න ප්‍රදේශ දෙකක් ලෝකයටම විෂ මත් ද්‍රව්‍ය නිපදවන කලාප දෙකක් වීමයි.එනම් නැගෙනහිර දෙසින් ස්වර්ණමය ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන (ලාඕසය, තායිලන්තය, බුරුමය) කලාපයද, බටහිරින් ස්වර්ණ චන්ද්‍රවංකය ලෙස හැඳින්වෙන (ඇෆ්ගනිස්ථානය,ඉරානය, පකිස්ථානය) කලාපය යන දෙකය. ශ්‍රී ලංකාව මෙම කලාප දෙකටම මැදින් පිහිටා තිබීම මත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමට හේතුවක් විය.

මත් ද්‍රව්‍ය ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයද බෙහෙවින් වග කිව යුතුය. සංචාරක ව්‍යාපාරය තුළ පවතින ලි‍හිල් භාවය , එය මේ රටේ මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වීමට උපයෝගි වන මාධ්‍යයක් බඳුය. මෙම සංචාරකයෝ ජාත්‍යන්තරව මත් ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස කටයුතු කිරීම නිසා පහසුවෙන් ලංකාවට මත් ද්‍රව්‍ය රැගෙන එති. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නාරිගම, හික්කඩුව, උනවටුන, නැගෙනහිර වෙරළේ පාසිකුඩා,කල්කුඩා,අරුගම්මේ වැනි සංචාරක ප්‍රදේශ වලත් මත් ද්‍රව්‍ය වලට යොමු වී ඇති තරුණ ‍කොටස් වල සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වී තිබේ.

ජාත්‍යන්තර ගමන් බිමන් 1978න් පසු සීග්‍රයෙන් ඉහළ යාමද මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපා ඇති තවත් හේතුවකි. විදේශිකයන් බහුල වශයෙන් ලංකාවට පැමිණීම හා ලාංකිකයන් රැකියා අවස්ථා සඳහා විදේශ ගත වීම හා ආපසු ඒම මෙම ගණයට වැටේ. මැද පෙරදිග සේවය කරන ඇතැම් ලාංකික කාන‍්තාවන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවා ගනී. ඇමෙරිකාවේ මාපියා, කටෝරා ආදී සංවිධාන ලංකාවේ මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකා‍වේ පවතින ත්‍රස්වාදී කටයුතුද මෙම ප්‍රශ්නය උග්‍ර වීමට බලපා ඇත. මොවුන් ජාත්‍යන්තර ත්‍රස්වාදයට සම්බන්ධ වී නවීන අවි ආයුධ මිලයට ගැනීමටත් වෙනත් අවශ්‍යතාවන් සඳහාත් මුදල් සෙවීම සඳහා හොඳම මාර්ගය කරගෙන ඇත්තේ මත් ද්‍රවශ ජාවාරම් වල යෙදවීමයි.යුරෝපා මත් ද්‍රව්‍ය නාශක ඒජන්සිය ශ්‍රි ලංකාවට වාර්තා කර ඇති අන්දමට, 1986 අප්‍රේල්, මැයි මාස වලදී පමණක් ඩොලර් 40,000,000 වටිනා මත් ද්‍රව්‍ය තොග සමඟ ශ්‍රී ලංකා ජාතිකයින් 80 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. 80 දශකය තුළ පමණක් ශ්‍රී ලංකාවේ දෙමළ 200කට මත් ද්‍රව්‍ය චෝදනා පිළිබඳ‍ව යුරෝපීය රට වලදී නඩු පවරා ඇත. [2]

මත් ද්‍රව්‍ය භාවිතය සමාජ ප්‍රශ්නයක් ලෙස[සංස්කරණය]

සමාජය තුළින් උපත ලබා මුලු සමාජයටම අහිතකර ලෙස බලපෑම් කරන්නා වූද, වැඩි දෙනෙක් තුළ නිරතුරු අවබෝධයක් ඇත්තා වූද, එකී අහිතකර සමාජ වාතාවරණය වෙනස් කිරී‍‍‍මේ ඕනෑකමක් ඇත්තා වූද , ගතික සිදුවීම් මාලාවක් සමාජ ප්‍රශ්නයක් වෙයි.මෙයට අනුව මත් ද්‍රව්‍ය භාවිතයද සමාජ ප්‍රශ්නයක් වී ඇත. ශ්‍රී ලංකාවේ හෙරොයින් වලට ඇබ්බැහි වූ ප්‍රමාණය 50,000ක් පමණ අධික ප්‍රමාණයක් සිටින බව පර්යේෂණ මඟින් හෙළි වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18-30ත් අතර වයස් කාණ්ඩයට අයත් බව ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි. පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය දක්වන පරිදි 1993 වර්ෂයේදී විදේශ මත් ද්‍රව්‍ය වෙළෙඳ පළේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය පැහැදිලි කර ගත හැකිය


රට පුද්ගලයින් සංඛ්‍යාව මත් ද්‍රව්‍ය වර්ග ‍හා ප්‍රමාණය
කැනඩාව 02-03 කි.ග්‍රෑම්. 347 ග්‍රෑම් 7-හෙරොයින්
ඉන්දියාව 10-10 කි. ග්‍රෑ.612 ග්‍රෑ. -හෙරොයින්
ඉතාලිය 01
මාලදිවයින 14 500 ග්‍රෑ. 5 මි.ග්‍රැම් 5-හෙරොයින්


මත් ද්‍රව්‍ය භා‍විතය නිසා පැන නගින සමාජ ප්‍රශ්න අතර සිය දි‍‍වි නසා ගැනීම ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැකිය. මත් ද්‍රව්‍ය භා‍විතයෙන් පසුව ඇතිවන මානසික විකෘති‍යෙන් පුද්ගලයා සිය දිවි නසා ගැනීමට ‍පෙළඹිය හැකිය. මත් ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත් වීම හෝ අකර්මණ්‍ය තත්වයට පත් වුව හොත් ප‍වුල තුළ පැන නගින ගැටලු අතිමහත්ය. මූලික පවුල යන සංස්ථාව බිඳ වැටිය හැකිය. එය පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායි කරුණකි. එසේම වර්තමාන‍යේදී ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන කාන්තා ප්‍රතිශතය ඉහළ යමින් පවතී. පහත සඳහන් සංඛ්‍යා ලේඛන තුළින් එය අවබෝධ කර ගත හැකිය.(මූලාශ්‍රය- බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1993)

වර්ෂය 1988 1989 1990 1991 1992
කාන්තාවන් සංඛ්‍යා‍ව 2208 1943 3272 3870 4311


මෙම තත්වය නොයෙකුත් ප්‍රශ්න ඇති වීමට ‍හේතු වේ. 1996 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ පරිභෝනය කරන ලද රට බීම ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා විස්තර පහත දැක්වේ.

මත්පැන් වර්ගය පරිභෝජනය කරන ලද ප්‍රමාණය(ලීටර් වලින්)
1. ධාන්‍ය මත්පැන් 17,897,332,640 2
2. බ්‍රැන්ඩි 663,427,525
3රම් 24,440,615
4. සයිඩර් 168,900
5.අරක්කු 45,323,766,678
විස්කි 122,218,805

මෙම දත්ත ‍වලට අනුව වර්තමාන සමාජය තුළ මත්පැන් පරිභෝනය කෙතරම් ඉහළ මට්ටමකින් පවතින්නේදැයි පැහැදිලි වේ.අනෙක් අතට රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් මෙම මත් ද්‍රව්‍ය ගැටලුව නිසා විනාශ වී යයි. විශේෂයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් විර්ෂිකව පිටරට වලට ඇදී යයි. සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නඩත්තු කිරීමේ නිලධාරීන්ට වැටුප් ගෙවීම, නඩු කටයුතු සම්බන්ධ අධිකරණ වියදම් හා මත් ද්‍රව්‍ය නාශක කටයුතු සඳහා පොලීසියට හා ආරක්ෂක අංශ සඳහා වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සමාජ ප්‍රශ්නයක් වන්නේය.දුම් බීම සම්බන්ධයෙන්ද සමාජ ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට සිගරට් දුම ආශ්‍රිත ලෙඩ රෝග වලින් වසරකට මිලියන 2.5ක පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් ජීවතක්ෂයට පත් වේ.මේවා අතර හදවත් රෝග,පිළිකා,සිරෝනික් සහ එම්ෂසීමා යන රෝග බහුල වේ...

]]]]

]]]]

මත් ද්‍රව්‍ය උවදුර පිටු දකින්නේ කෙසේද?[සංස්කරණය]

* ආගම මඟින් ඉටු විය යුතු කාර්යභාරය ලෙස අප අදහස් කරන දෙය හරියාරව ඉටු   කිරීමට හැකි සමාජික පසුබිමක් මෙරටේ   ගොඩ නැගීම.
* තරුණයින් තුළ ගුණාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනික අවස්ථාව සලසා දීම.
* පුනරුත්ථාපනය සහ පසු විපරම. 
* විවිධ සංවිධාන මඟින් උපදේශන සේවා දියත් කිරීම.
  • දැනුවත් කිරිම් හා දැනුවත් වීම .

මෙහිදී මූලික පියවරක් විය යුතුවන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත් පැන් හා දුම්පානය කිරීමෙන් ඇති විය හැකි හානිකර අනිෂ්ට ඵල විපාක පිළිබඳ තොරතුරු නොයෙක් ආකාරයෙන් ප්‍රකට කිරීමයි. දේශනා මගින් හා සාකච්ඡා සමුළු පැවැත්වීම මගින්, පාසල් සිසුන්ට මේ ගැන අවබෝධයක් ලබාදිය හැකි ය.

වැඩි වැඩියෙන් බදු අය කිරීමෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය සහ දුම් පානය අඩුකළ හැකි යැයි ඇතැමෙක් කල්පනා කරති.එය තරමක් දුරට එසේ විය හැකි ය.එහෙත්, එවිට සමහර අය, වඩාත් අහිතකර ද්‍රව්‍ය භාවිතයට පෙළෙඹෙත්. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය මැත්පැන්වල මිල ඉහළ යනවිට, නීති විරෝධී (විස මිශ්‍ර) කසිප්පු නිෂ්පාදනය ද ඉහළ යන්නේ ය. මෙම බීම නොයෙක් තැන්වල පහසු මිලට ලබා ගත හැකි ය. මේවායින් සිදුවන හානිය හා අනිටු විපාක මහජනායා ට, විශේෂයෙන් කුඩා අයට පහදා වටහා දුනහොත් මත්ද්‍රව්‍ය හා මත්පැන් සොයා යෑම ක්‍රමයෙන් පහත වැටෙනු ඇත.

මේ සඳහා ඵලදායී සක්‍රීය පියවර හැකි පමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි. නිදසුනක් වශයෙන්, ප්‍රාථමික මට්ටමේ සිට සිසුනට මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට බල කර සිටිය හැකි ය. සිසුන් ගේ නො බිඳෙන අවධානයක් ලැබිය හැකි තරම ට මෙම වැඩ සටහන් ආකර්ෂවත් හා බලවත් විය යුතුය.මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය දැඩි ලෙස පිළිබිඹු වනසේ මේවා සකස් විය යුතුය.

නමුත් දැන් සිදුවන්නේ මෙහි අනික් පැත්ත ය. වර්තමානයෙහි කොම්පියුටර්, අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් කුඩා අයගේ දෙනෙතට ඉතා අධිකව හා බලවත් ලෙස ඉදිරිපත් කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරැට් ආදිය පිළිබඳ සුබ වාදයයි. මේ භයානක උවදුරෙන් අපේ දරුවන්; අපේ අනාගත පරපුර ගලවා ගැනීම, රජයේ පරම යුතුකම හා වගකීම විය යුතු ය.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

  1. ජේ.ඩී. ධර්මප්‍රිය- මත්ද්‍රව්‍ය හා සමාජය, පිට 33
  2. දිවයින දිනපතා සංග්‍රහය,උපාලි ප්‍රකාශන, කොළඹ,1986, පිට 4-5