ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්

විකිපීඩියා වෙතින්

අධ්‍යාපන අමාත්‍යංශය විසින් පහසුකමි පාදක කරගෙන සමස්ථ පාසල් පද්ධතියම වසර 2005.01.18 දිනැති චක්‍රලේකය මගින් අති දුෂ්කර, දුෂ්කර, අපහසු නොවන, පහසු හා ඉතා පහසු යනුවෙන් වර්ග කර තිබේ. ඒ අනුව අති දුෂ්කර පාසල් 1391ක්ද දුෂ්කර පාසල් 1963ක්ද පවතී.‍ මේවා බොහොමනයක්ම ඈත පිටිසර පළාත්වල පිහිටා ඇති අතර ගමනාගමන, විදුලිය, සන්නිවේදනය නවාතැන් ආදී පහසුකම් අවම හෝ කොහෙත්ම නැති ඒවා වීම ඒවාට ඇති දුෂ්කරතාවන්ය. මේ තත්වය උතුරු හා නැගෙනහිර පළාත් වල වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර බස්නාහිර පළාතේද මෙම දුෂ්කරතා සහිත පාසල් නැත්තේද නොවේ.

ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල් වල ගුරු හිඟය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සමස්ථ ගුරු පිරිස දෙලක්‍ෂ දසදහසකට ආසන්නය.ඔවුන් ප්‍රභේද හෙවත් විෂයන් 20කට අයත් වෙති. ඉංග්‍රීසි, ගණිතය, නැටුම්, සංගීත ආදී වශයෙනි. සිංහල හා අන් කලා විෂයන් සඳහා 6000ක් පමණ ගුරු අතිරික්තයක් ඇති බවද, සැබැවින්ම ගුරු හිඟය පවතින්නේ අනෙකුත් විෂයන් සඳහා වේ.

වාර්තාවලට අනුව සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 33ක් සඳහා විද්‍යා,ගණිත ගුරුවරුන් 19 ක්ද, ඉංග්‍රීසි ගුරුවරුන් 50ක්ද උපාධි ගුරුවරුන් 18ක්ද සෞන්දර්යය ගුරුවරුන් 08ක්ද 2007 ජනවාරි වන විට ගුරුවරුන් 150කට ආසන්න හිඟයක් පැවතී ඇත. මෙවැනි ඈත ප්‍රදේශවල පමණක් නොව අගනුවරට ආසන්න සමහර පාසල් වල ගුරු හිඟයක් පවතින බව ළමයින් සහ දෙමාපියන් එක්ව කරනු ලැබූ උද්ඝෝෂණ වලින් පෙනී යයි. මෙයට උදාහරණයක් ලෙස හොරණ අධ්‍යාපන කලාපයේ ගල්පාත, පාතකඩ කණිටු විදුහලේ දෙවන හා තුන්වන ශ්‍රේණි සඳහා 2003 වසරේ සිට ගුරුවරු නැති බව වාර්තා වී ඇත.

ගුරු හිඟය යන්න සංකීර්ණ ගැටළුවකි.අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වාදෙන පරිදි ගුරු හිඟය යනු පාසලක ගුරු සංඛ්‍යාව නියමිත යෝග්‍ය සහ අනුමත වශයෙන් තුන් ආකාර බවය. ඔවුන් පෙන්වා දෙන්නේ යම් පාසලක අනුමත ගුරු සංඛ්‍යාව හා දැනට සිටින සංඛ්‍යාව අතර වෙනස ගුරු හිඟය බවයි.එසේම නියමිත ගුරු සංඛ්‍යාව සිටියද යම් යම් විෂයයන් සඳහා ගුරුවරු නැතිනම් එතැනද ගුරු හිඟයක් පවතින බව පෙන්වා දෙයි. එසේම ගුරුවරු උපයෝජනයේ දුර්වලතාද පවතී.එසේම ඇතැම් ගුරුවරුන්ට සතියකට ලැබෙන්නේ කාලපරිච්ජේද 10 ට අඩු ප්‍රමාණයකි. එසේම එක් විෂයක් සඳහා එක් ගුරුවරයෙකු ලබාදීම කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙනු ලබයි. එනම් එකම ගුරුවරයාට විෂයන් 02 ක් හෝ 03 ක් ඉගැන්වීමට වන පාසල්ද තිබේ. එසේම පන්තිවල ළමයින් අඩුකම නිසා අනුමත ගුරු සංඛ්‍යාව නොමැති පාසල් වල එකම ගුරුවරයාට පන්ති ගණනාවක කටයුතු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. දිවයිනේ සමස්ථ ගුරුසංඛ්‍යාව හා පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව සලකන කල 1:22 ක මට්ටමකි. දියුණු රටවල පවා එය 1:26කි. සංඛ්‍යාත්මක වශයෙන් සලකන කළ ශ්‍රී ලංකාවේ පවතින්නේ ගුරු හිඟයක් නොව විෂමතාවයකි.


දුෂ්කර පාසල්වල ගුරු හිඟය මඟහැරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ගත් පියවර[සංස්කරණය]

2005 වර්ෂයේදී විද්‍යාපීඨ 17 තුළින් පුහුණූව ලත් ගුරුවරු 3076 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරය අනුයුක්ත කෙරුනේ ගුරු හිඟය පැවති පාසල් වලටය. නමුත් ඔවුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් ඒවායේ රැදීසිටිනවාද යන්න ගැටළුවකි. දේශපාලන හිතවත්කම් මත හෝ වෙනත් බලපෑම් මඟින් ඔවුන් මාරුවීම් සාදා ගන්නා බව කවුරුත් දන්නා රහසකි. පුහුණුව සඳහා ඔවුන් ජාතික මට්ටමින් බඳවා ගන්නා නිසා දුෂ්කර පාසල් අනිවාර්ය සේවාව සඳහා අනුයුක්ත කිරීමද ගැටළුවක් බව කියැවේ.

මෙයට විසදුමක් ලෙස අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමේදී 60%ක් පමණක් දිස්ත්‍රික්ක 15න්ද ඉතිරි 40% ජාතික මට්ටමින්ද බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.දුෂ්කර ප්‍රදේශවල අයදුම්කරුවනට මෙහිදී ප්‍රමුඛත්වයක් ලැබෙන අතර පුහුණුයවන් පසු ඔවුන් ඒ ප්‍රදේශ වල පාසල් වලට පත් කළ හැකිවේ. එසේම වසර 2005 වසරේදී උපාධිධාරීන් ගුරුපත්වීම් සඳහා 17000ක් බඳවා ගැනීමද දක්නට ලැබුණි. නමුත් කළමණාකරණ දුර්වලතා නිසා එම අරමුණ ඉටු නොවීය. දුෂ්කර පාසල් වල ගුරු හිඟයට ස්වේච්ඡා ගුරු සේවාව අරඹනු ලැබීම දැකිය හැකිය. එසේම වසර 05 ක් ඇතුළත විද්‍යාපීඨ ඩිප්ලෝමාව හෝ උපාධිය සම්පූර්ණ කිරීමෙන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය වීමට හැකිය. එසේම ඔවුන්ට රු.3000ක දීමනාවක් මෙන්ම දුෂ්කර පාසල් වල සේවය සඳහා දිරිගැන්වීමක් ලෙස ඒ පාසල් වල ගුරු භවතුනට වැටුපෙන් 10% ක් 15% ක් ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබීය. එසේම පළාත් ගුරු සේවාව ආරම්භ කිරීමද අධ්‍යාපන අමාත්‍යංශය ගත් පියවර අතර වේ.

ගුරු හිඟය මඟහැරීමට ගත් පියවර අසාර්ථක වීමට හේතු[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ගුරු භවතුන්ගෙන් 65% ක්ම කාන්තා පක්ෂයේ වීම දුෂ්කර පාසල් වල ගුරු හිඟය මඟහැරීමට ගත් පියවර අසාර්ථක වීමට හේතු විය. ගමනාලමන හා නවාතැන් පහසුකම් නැතිවීම හේතුවෙන් මෙන්ම ගුරු සේවයට භාහිරින් සේවයේ යෙදී සිටින අය සමඟ විවාහ වී සිටීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා ස්ථානයට ආසන්නයේ පාසල්වල සේවයට යොමුවීම දක්නට ලැබේ.

එසේම දුෂ්කර පාසල් වල ගුරු හිඟයට මෙන්ම ඒවායේ අධ්‍යාපනය සිදුනොවීමට ගුරුවරුන් දුෂ්කර පාසල් සඳහා මාරුකර යැවීමද හේතුවක් බව පිළිගත යුතුය. කැපවීමෙන් සේවය කිරීමේ හැඟීමක් දඬුවම් ලැබ යන ගුරුවරයාගෙන් බලාපොරොත්තුවිය නොහැකිවා මෙන්ම ඔහු හෝ ඇය නිතරම බලාපොරොත්තු වන්නේ එතැනින් මාරු වී යාමටය. ගුරු මාරු ක්‍රමයේ පවතින අඩුපාඩු හා දුර්වලතාද මෙම පියවර අසාර්ථක වීමට හේතු වී ඇත. මෙවැනි දුෂ්කරතා හා දුර්වලතා නිසා අධ්‍යාපන අමාත්‍යංශය ගත් පියවර අසාර්ථක වී ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය මෑතකදී ගත් පියවරක් ලෙස, ගුරු පුරප්පාඩු ඇති පාසල් වලට තම නම නියමකර පත්වීම් ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උපාධිධාරීන් වෙතින් අයදුම්පත් කැඳවා තරඟ විභාගයෙන් තේරී අදාල විද්‍යාලයට පත්වීම් ලබන ඔවුන් අනිවාර්යෙන්ම වසර 08 ක් එහි සේවය කළ යුතුවේ.දුෂ්කර පාසල් වල ගුරු හිඟය මඟහැරීම හා ඒවායේ පවතින ගුරු පුරප්පාඩු පියවීමට මෑතකදී ගත් පියවරකි එම පියවර.

දුෂ්කර පාසල් වල ගුරු හිඟය මඟහැරීම සඳහා රජයේ ප්‍රතිපත්තිය වන්නේ ගුරුවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දීමත්,අදාළ පාසල් දුෂ්කර හා අති දුෂ්කර බවට පත්වීමට හේතු වූ කරුණු අමාත්‍යංශ මට්ටමින් ඉවත් කිරීමට කටයුතු කිරීමත්ය. (උපුටා ගැනීම: දෙසතිය:2007 පෙබරවාරි කලාපය)


ගොනුව:ABC.JPEG.jpg


සබැඳි ලිපි[සංස්කරණය]

අධ්‍යාපනය