Jump to content

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශය

විකිපීඩියා වෙතින්

ලෝකයේ මුලින්ම ජනාවාස බිහිවූ රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි (අසත්‍යයි. වසර 5000 සිට 12000 දක්වා අතීතයට අයත් නියොලිතික ජනාවාස සාධක ලෝකයේ හමුව ඇතත් ලංකාවේ එතරම් පැරණි නියොලිතික ජනාවාස ‍ පිලිබද සාධක නැත. ඊට ආසන්නතම නියොලිතික ජනාවාස හමුවන්නේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ය. ශ්‍රී ලංකාවේ හමුව ඇති නියොලිතික ජනාවාස ක්‍රි.පූ.6 වන සියවසට එහා නොයයි.). මීට වසර 2500 කට පමණ පෙර විජය කුමාරයාගේ පැමිණීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ විවිධ මට්ටමේ ජනාවාස පැවති බවට සාක‍ෂි තිබේ. (ජනාවාස පිලිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර?) විජය කුමාරයාගේ පැමිණීමෙන් පසුව ක්‍රමවත් අයුරින් ජනාවාස බිහිවිය.විජය කුමරු සමග ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් විවිධ ස්ථානයන්හි ජනාවාස පිහිටුවාගත් බව මහා වංශයේ සදහන් වේ.මෙසේ පිහිටුවා ගනු ලැබු එක් ජනාවාසයක් වූ අනුරාධපුරය පසු කාලයේදී සීඝ්‍ර දියුණුවකට ලක්විය.

13 වන සියවසින් පමණ පසු දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජධානි ක්‍රමයෙන් නිරිත දෙසට සංක්‍රමණය වූ අතර,ඒ සමගම ජන සංඛ්‍යාවද,ජනාවාසද එම ප්‍රදේශ වලට සංක්‍රමණය විය.ඒ අනුව කලින් විශාල ලෙස ජනාවාස වී තිබූ වියළි කලාපය ක්‍රමයෙන් ජනශූන්‍ය බවට පත්වූ අතර,නිරිත දිග ප්‍රදේ‍ශ වල ජන සංඛ්‍යාවත්,ජනාවාසත් ආරම්භ විය.බටහිර ජාතින්ට වියළි කලාපය ආර්ථික වශයෙන් වැදගත් නොවූ අතර,තම මව් රටවලට අමුද්‍රව්‍ය සපයා දිය හැකි තෙත් කලාපය පිළිබදව සුවිශේෂ අවධානය යොමු විය.එනිසා තෙත් කලාපය ජනාකීර්ණ වී ජනාවාස වැඩි වශයෙන් බිහිවිය.

සමස්ථයක් වශයෙන් සළකන විට

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 80% ක් පමණ ග්‍රාමීය ජන සංඛ්‍යාවට ඇතුළත් වේ.ශ්‍රී ලංකාවේ ජනාවාස හා ජනසංඛ්‍යාව හදුනා ගනු ලබන්නේ පරිපාලන ඒකකයන් අනුවයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන සංඛ්‍යාවේ අඩුම ප්‍රතිශතයක් දක්නට ලැබෙනුයේ කොළඹ දිස්ත්‍රික්ක‍යෙනි.එහි ප්‍රතිශතය 25%ක් පමණ වේ.මොණරාගල දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාෙවන් 97.8%ක් ම ජන සංඛ්‍යාවට ඇතුලත්ය.සමස්ථ වශයෙන් වියළි කලාපීය දිස්ත්‍රික්ක වල ග්‍රාමීය ජන සංඛ්‍යා ප්‍රතිශතය අධිකයි.ශ්‍රී ලංකාවේ නිළ වශයෙන් නාගරික ප්‍රදේශ ලෙස පිළිගන්නා මහ නගර සභා,නගර සභා හැරුණු විට අන් සෑම ජනාවාසයක්ම ග්‍රාමීය ජනාවාස ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වර්ග

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ග්‍රාමීය ජනාවාස විවිධ ආකාරයට වර්ගීකරණය කළ හැකිය.

පිහිටීම අනුව ග්‍රාමීය ජනාවාස වර්ග

[සංස්කරණය]

වැව් ජනාවාස,කඳුකර ජනාවාස,නිම්න ජනාවාස

හැඩය සහ ව්‍යාප්තිය අනුව ග්‍රාමිය ජනාවාස වර්ග

[සංස්කරණය]
  • රේඛීය ජනාවාස
  • පොකුරු ජනාවාස
  • විසිරුණු ජනාවාස

ඉඩම් භාවිතය හා ආර්ථික ක්‍රියාකාරකම් අනුව ග්‍රාමිය ජනාවාස වර්ග

[සංස්කරණය]

කුඹුරු ජනාවාස,තොටුපල ජනාවාස,ධීවර ජනාවාස,වතු ජනාවාස

වික්‍රමතිලක මහතාගේ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වර්ග කිහිපයකි.

  1. සමූහ තැටි ජනාවාස
  2. වැව් මාධ්‍ය කරගත් ජනාවාස
  3. වතු ජනාවාස
  4. විසිරුණු පහත්බිම් ජනාවාස
  5. ධීවර ජනාවාස
  6. ජානපදික ජනාවාස

මීට අමතරව ජනාවාස වල ප්‍රභවය,ආර්ථික කටයුතු වල ස්වභාවය,ප්‍රභවය වු කාලය වැනි කරුණු පදනම් කොට ගෙන ගනිමින් ග්‍රාමීය ජනාවාස ප්‍රධාන කොටස් කිහිපයකට බෙදේ.

  1. පුරාණ ගම්මාන
  2. මහවැලි ගම්මාන
  3. වතු ජනාවාස
  4. වෙනත් ග්‍රාමිය ජනාවාස

පුරාණ ගම්මාන

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වියළි කලාපිය ප්‍රදේශ වල ඇත.වැව,දාගැබ හා කුඹුරු යාය පදනම් කරගත් මෙ‍ම පුරාණ ජනාවාස දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන ජනාවාස වර්ගයකි.මෙ‍ම පුරාණ ගම්මානයකට ඇතුල් වන අංග කිහිපයකි.

ගංගොඩ

[සංස්කරණය]

මෙයින් අදහස් කරන්නේ ගමේ පදිංචි කරුවන්ගේ නිවාස පවත්නා කලාපයයි.මෙ‍ම නිවාස බොහෝ දුරට ඒකරාශි වී පිහිටා තිබේ.

ගම්මානයේ ඉතාම වැදගත් අංශය වන්නේ වැවයි.වර්ෂා ඍතුවේ ලැබෙන අතිරික්ත ජලය ගබඩා කර ගැනීම සඳහා මෙ‍ම වැව් නිර්මාණ කර තිබේ. මේවා බොහෝමයක් මහ කන්නයට පමණක් ජලය රදා පවතින සෘතුමය වැව් වශයෙන් හැදින්විය හැකිය.

පුරාණ වෙල

[සංස්කරණය]

වැවට ආසන්නවම පිහිටා ඇත.දීර්ඝ කාලයක් තිස්සේ වගා කල කුඹුරු මීට අයත් වේ.

අළුත් වෙල

[සංස්කරණය]

පුරාණ වෙලට පරිබාහිරව හා ඊට මායිම්ව අළුතෙන්ම අස්වද්දා ඇති කුඹුරු මීට අයත් වේ.ජන සංඛ්‍යා වැඩි වීමත් සමග අළුතෙන් කුඹුරු අස්වැද්දීම අවශය වීම මෙම අළුත්වෙල බිහිවීමට හේතුවයි.

පුරාණ ගමක තවත් වැදගත් ලක්ෂයණයක් වන්නේ හේන් වගාවයි.පැරණි ගම්මාන බොහෝ දුරට ස්වයංපෝෂිත තත්වයක පැවති අතර ,කුඹුරෙන් ලැබෙන වී වලට අමතරව හේන් වලින් ධාන්‍ය , එළවළු, හා වෙනත් ද්‍රව්‍ය ලැබිණි.

මහවැලි ජනාවාස

[සංස්කරණය]

ගාමිණි දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වන මහවැලි ව්‍යාපාරය යටතේ ආරම්භ කොට ඇති ජනාවාස වල පහළ මට්ටමේ ජනාවාසද ග්‍රාමීය ප්‍රදේශ වලට අයත්ය.මුලින්ම ආරම්භ කරන ලද්දේ “එච්” කලාපයේය.මේවා පොකුරු ජනාවාස රටාව ගනී.එක් වාරිමාර්ග කොට්ඨාශයක‍ට ජනාවාස පොකුරක් බැගින් සැලසුම් කර තිබුණි.එක් ජනාවාස පොකුරකට ගම්මාන 4-5 ක් අයත් වේ.එක් ජනාවාසයක පදිංචි කරවන ලද ජනසංඛ්‍යා ප්‍රමාණය 500 කි. මහවැලි සංවර්ධන මණ්ඩල‍ය හා ප්‍රංශෙය් සොග්‍රියා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ පුරාණ ගම්වල ජනාවාස තත්වය අධ්‍යයනය කිරිමෙන් පසුව ආර්ථික හා සමාජීය සංවර්ධනය උපරිම මට්ටමකට පත් කිරිමේ මුලික අරමුණ ඇතුළු “එච්” කලාපයේ ජනාවාස සැලසුම් කර තිබුණි.මෙ‍ම රටාවට පදනම් වන මූලික මුලධර්ම 5 ක් සධ්‍යතා වාර්තාවේ දැක්වේ.

  1. ප්‍රජා ඒකාබද්ධතාවය ඇති කිරීම මහවැලි ජනපද වලට විවිධ ප්‍රදේශ වලින් හා විවිධ සංස්කෘතික පසුබිම් වලින් පැමිණෙන විවිධ ආගම් ජාති කුල ආදියට ඇතුලත් වන ජනපදිකයින් ඒකීය ජන කොට්ඨාශයක් බවට පත් කිරිම මෙයින් අදහස් කෙරේ.
  2. ඵලදායි ග්‍රාමීය නායකත්වයක් බිහි කිරිම
  3. ස්වයං කළමණාකරණය සඳහා ජනපදිකයින් බිහි කිරිම
  4. ස්ව ශක්තිය පිළිබඳව අදහස වර්ධනය කිරිම
  5. ප්‍රජා සංවර්ධනය

මෙම මුලධර්ම මගින් ජනාවාස හා වගා බිම් අතර දුර අවම කිරිමටත් ,ජනපදිකයින්ට අවශ්‍ය වන පහසුකම් පහසුවෙන් ලබා දීමටත්,ජනාවාස වල වඩාත් ෙයා්ග්‍ය වූආර්ථික හා සමාජීය ව්‍යුහයක් ඇති කිරීමටත් අපේක‍ෂා කෙරිණි.පොකුරු ජනාවාස රටා ඇති,සමජාතීය ජනපදික කණ්ඩායමී වෙ‍න වෙනම පදිංචි කරවීම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් හා නව කළමණාකරණ පද්ධතිය යන හේතු නිසා මෙම ජනාවාස අනෙක් ඒවාට වඩා වෙනස්ය.

වතු ජනාවාස

[සංස්කරණය]

වතු ජනාවාස බිහිවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයින් යටතේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ පළමුව කෝපි වගාවද ,පසුව තේ ‍වගාවද ප්‍රචලිත වීමෙන් පසුවයි.රබර් වගාව යටතේද සුළු වශයෙන් ඇත.ජන හා සංඛ‍්‍යාලේඛන දෙපාර්තමේන්තු නිර්වචනයට අනුව වතු වශයෙන් හදුන්වන්නේ නේවාසික කම්කරුවන් 10 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් පදිංචිව සිටින වතු වගාව කරන ඒකකයන්ය.

මූලාශ්‍ර

[සංස්කරණය]

මානව සම්පත් හා ජනාවාස, ඇම්.රත්නායක