ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉඩම් ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීමක්[සංස්කරණය]

Land map.jpg

ලොව සියලු ශිෂ්ටාචාර ගොඩනැගුනේ භූමිය මුල්කරගෙනයි.අවශ්‍ය පරිදි ඉඩම් සැපයීම කළ නොහැකි වුවත් ජනාවාස සංවර්ධනයත් සමග ඇතිවූ සමාජ,ආර්ථික සංවර්ධනය නිසා ඉඩම පිළිබඳ ඉතා හොඳ කළමනාකරණයක් තිබිය යුතු විය.

නීති පද්ධතීන්හි ක්‍රමික සංවර්ධනයට මූලාරම්භය වූ රෝම නීතියෙහි මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපාදන දක්නට ලැබේ.පැහැදිලිව දක්නට ලැබෙන පරිදි රෝම නීතියේ Res Mancipi නම් දේපල Mncipatio නම් ක්‍රමයටද Res nec Mancipi නම් දේපල Traditio හෙවත් හිමිකම භාරදීම නම් ක්‍රමයටද පවරා දේ.

ලෝකයේ දැනට ප්‍රධාන වශයෙන් ලියාපදිංචි කිරීම් තුනක් භාවිතා වන බව කිව හැක.එනම් පුද්ගලික හුවමාරුව,ඔප්පු ලියාපදිංචි කිරීම හා හිමිකම් ලියාපදිංචි කිරීමයි.

ලේඛන ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීමක්[සංස්කරණය]

ඉඩම් ලියාපදිංචියේදි ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව සිදුවන්නේ ලේඛන ලියාපදිංචියයි.මෙහිදී සිදුවනනේ ඉඩම් වලට සම්බන්ධ ගනු‍දෙනු වලදී ඇතිකරගනු ලබන සාධන පත්‍ර හෙවත් ඉඩම් වලට බලපාන ඔප්පු එම ඉඩම පිහිටි ප්‍රදේශයේ ඇති ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රෙජිස්ටරයෙහි (ලේඛනයෙහි)අදාල ඉඩම සඳහා වෙන් කළ පිටුවේ සටහන් කිරීමයි.එය පොදු ලේඛනයක් වන අතර අවශ්‍ය ඕනාම පුද්ගලයකුට එම ගනුදෙනු පිළිබඳ තොරතුරු ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත හැක.ඉඩමේ සත්‍ය හිමිකම පවතින්නේ කාටද යන්න අව‍බෝධ කර ගැනීමට ඕනාම පුද්ගලයකුට හැකියාව ලැබේ.අනෙක් අතට එම ඉඩම් සම්බන්ධව පවතින්නා වූ අවහිරතා සහ බැඳීම් අවබෝධ කර ගැනීමට හැකිවීමෙන් යම් ගනුදෙනුවකට එළඹීමට පෙර අදාළ ඉඩමේ නෛතික තත්වය අවබෝධ කර ගැනීම සඳහා මෙකී ක්‍රමය ‍උපකාරී වේ.

හිමිකම් ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීමක්[සංස්කරණය]

Lns.jpg


ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ඉතිහාසය 17 වන ශතවර්ශය දක්වා දිව යක්කන් බව හඳුන්වා දිය හැක.මේ ක්‍රමය ප්‍රථමයෙන් ලොවට හඳුන්වා දී ඇත්තේ 1852 සිට 1865 දක්වා ඕස්ට්‍රේලියාවේ රෙජිස්ටාර් ජනරාල් ධූරය හෙබවූ සර් රොබාට් රිචඩ් ටොරන්ස් විසිනි.ඒ නිසා මෙම ක්‍රමය ටොරන්ස් ක්‍රමය ලෙස හඳුන්වයි.මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ රටවල විශේෂිත වූ සීමා කිරීම් සහ වෙනස් ක්රීම් පැවතිය හැකිය.

හිමිකම් ලියාපදිංචිය සාමාන්‍යයෙන් අදියර තුනකින් සිදු කරනු ලබයි.ඉඩමක අනන්‍යතාවය තහවුරු කිරීම,ඉඩම හා ඉඩමේ අයිතිය රාජ්‍ය ආයතනයක් මගින් ලියාපදිංචි කිරීම මෙම අදියර තුන වේ.මනා ඉඩම කළමනාකරණයක් තිබෙන දියුණු රටවල අද අනුගමනය කරනු ලබන්නේ ඉඩම් පිළිබඳ හිමකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයයි.දියුණු රටවල පමනක් නොව සංවර්ධනය වෙමින් පවතින ‍බොහොමයක් රටවලටද අද හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කර ඇත.මලයාසියාව,නේපාලය,පිළිපීනය,කෙන්යාව,ඉතියෝපියාව,ටැන්සානියාව,උගන්ඩාව හා ඝානාව ආදී රටවල් ඒ යටතට වැටේ.

ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පිළිබඳ තත්වය[සංස්කරණය]

Lnd.gif


ශ්‍රී ලංකාවේ ඉඩම් කටයුතු පිළිබඳව පරීක්‍ෂා කොට වාර්තා කිරීමට පත් කරන ලද සියලුම ඉඩම් කොමිෂන් සභා වාර්තා වලින් හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක ඇති වැදගත්කම හා ඉක්මණින් පටන් ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.1985 ඉඩම් කොමිෂන් සභා වාර්තාවෙන්ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතර ප්‍රමාද නොකර වහාම හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට තදබල නිර්දේශයක් කර ඇත.

1964 දී ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත ඇති කරන ලද්දේ අවශ්‍යයෙන්ම ඉඩම් වල හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ඇති කරන තෙක් අතුරු පියවරක් ලෙසිනි.එහෙත් එය මේ රටේ බලපැවැත්වෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ එකම ක්‍රමය බවට පත්ව ඇත.නමුත් අවුරුදු 14 කට පසුව ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා වඩා හොඳ විධිවිධාන සැලසීම පිණිස 1877 දී ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත පනවනු ලැබීය.ඒ අනුව 1877 අංක 05 දරන ආඥා පනත මගින් හිමිකම් ලියාපදිංචි කිරීමේ නීති පද්ධතියක් හඳුන්වාදීමට උත්සාහ ගෙන ඇත.

මේ අනුව ප්‍රකාශිත ප්‍රදේශ ලෙස හඳුනවා දුන් දෙහිවල,වැල්ලවත්ත,කිරුළපන යන ප්‍රදේශ වල කැඩැස්තර මිනුම් පවා කර ඇති බව ඉහත තොරතුරෙන් පැහැදිළි වේ.නමුත් ප්‍රධාන වශයෙන් මේ සඳහා දැරිය යුතු වියදම හේතු කොටගෙන ආන්ඩුකාරවරයා විසින් 1981 මාර්තු මාසයේ දී එය අත් හිටවටනු ලැබීය.ඒ අනුව ලයිරිස් අප්පු එ. තෙන්නකෝන් කුමාරිහාමි දී සින්නතම්බි විනිසුරු ප්‍රකාශ කළේ අපේ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සපයන්නේ ලේඛන ලියාපදිංචි කිරිම මිස හිමිකම් ලියාපදිංචිය නොවන බවයි.

හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතින් පැනනගින සුවිශේෂ වූ අයිතිවාසිකම් පනකත් 29 වගන්තියෙන් දක්වා ඇත.එනම් ලියාපදිංචිය පිළිබඳ අතෘප්තියට පත් තැනැත්තෙකුට දිසා අධිකරණය වෙත ඉල්ලුම් කිරීමට හැකියාව තිබීමයි.පනත තව දුරටත් ප්‍රකාශ කරන්නේ එකී ඉඩම උපරිම ඵලදාව ලබාගත හැකි පරිදි සංවර්ධනය කිරීමටත්,සම අයිතිය අර්ථලාභී අයිතිය අනුව බෙදා හැරීමටත් එතුළින් කළමනාකරුවකු පත්කළ හැකි බවත්ය.හර්ශ ප්‍රනාන්දු මහතා සිය "Registration of title to Land" නම් ලිපියේ දක්වන පරිදි මෙම පනත මගින් තවදුරටත් හිමිකම් පරීක්‍ෂා කරන්නෙකුට එම ලේඛන සියුම් ලෙස පරීක්‍ෂා කිරීමෙන් හෝ ඔප්පු පරීක්‍ෂා කිරීමෙන් එය හොඳ හිමිකමක් ද යන්න නිගමනයකට එළඹීමේ හැකියාව ඇත.එසේම මෙතුළින් ලේඛනයක විකාශනය පිළිබඳව පැහැදිලිව දක්වා ඇති නිසා එහිදි ලැබෙන ආරක්‍ෂාව සේම ඒ පිළිබඳව පූර්ණ විශ්වාසය ද තැබිය හැක.

මේ අනුව ශ්‍රී ලංකාවේ හිමිකම් ලියාපදංචිය සම්බන්ධයෙන් ඇති දෝෂ අවම කිරීම සඳහා 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කරගෙන ඇත.

පරිශීලිත ග්‍රන්ථ[සංස්කරණය]

* The Law of property in Sri Lankavolume I  :-G.L. Peris
* Introdution to the Law of property  :-Walt
* Registration of title to Land  :-Harsha Fernando
* the Registration of title Act  :-Nihal Jayamanna

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

[1] [2] [3]