ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ආදිවාසින් වශයෙන් හඳුන්වන්නේ යම් දේශයක දැනට වසන ජනවර්ග අතරින් පැරණිතම ජන වර්ගය/වර්ග යි.

ලංකාවේ සිංහල සහ වැදි යන ජනවර්ග දෙකම ආදිවාසින් වේ.

මෙරට සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්‍රධාන නගරය. විවිධ ග්‍රොත්‍රිකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්‍යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්‍රොහියකු වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජන ප්‍රරවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්‍යාඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ඥතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්‍රයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.

ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්‍රවිඩයන්ද ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්‍රමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්‍යයන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්‍රමණිකයන්ගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරටට අනන්‍ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්‍රමණික ජන කොටසක් බවට පත්වේ.

මූලාශ්‍ර[සංස්කරණය]