ශ්‍රිත (ගණිතය)

විකිපීඩියා වෙතින්
The red curve is the graph of a function f in the Cartesian plane, consisting of all points with coordinates of the form (x,f(x)). The property of having one output for each input is represented geometrically by the fact that each vertical line (such as the yellow line through the origin) has exactly one crossing point with the curve.

ශ්‍රිත (කුලක සිද්ධාන්තය) මෙම ලිපියට හෝ කොටසට සම්බන්ධ විය යුතු බව යෝජනා විය. ශ්‍රිතයක ගණිතමය සංකල්පය රාශි 2ක් අතර පරායත්තතාව ප්‍රකාශ කරයි. එක් රාශියක් දී ඇති (ස්වායත්ත විචල්‍ය හෝ එහි “ආදානය”) අතර අනෙක නිෂ්පාදනය. (පරායත්ත විචල්‍ය, ශ්‍රිතයේ අගය හෝ “ප්‍රතිදානය”) ශ්‍රිතයක් , තාත්වික සංඛ්‍යා වැනි නිත්‍ය කුලකයකින් ගන්නා ලද එක් එක් ආදානයට ඇති තනි ප්‍රතිදානවලින් යුක්ත වේ.

ශ්‍රිතයක් ඉදිරිපත් කිරීමට ආකාර කිහිපයක් ‍ති‍බේ. සූත්‍රයක් මඟින් , රූප සටහන් හෝ ප්‍රස්ථාර මඟින් , එය ගණනය කරන ඇල්ගොරිතමයක් මඟින් , එහි ගුණවල විස්තරයක් මඟින් එය සිදු කළ හැක. සමහරක විට ශ්‍රිත ඒවා අනෙක් ශ්‍රිතවලට ඇති සම්බන්ධය හරහා විස්තර කරනු ලැ‍බේ. (උදාහරණ ලෙස ප්‍රතිලෝම ශ්‍රිත බලන්න) ව්‍යවහාරික අංශවලදී ශ්‍රිත , ඒවායේ අගය වගු හෝ සූත්‍ර මඟින් විශේෂණය කරනු ලබයි. ඇති සෑම ශ්‍රිතයක්ම සියලු විස්තර කිරීම් විධිවලින් විස්තර කළ නොහැක. අයෙක් ශ්‍රිතය හා එය ඉදිරිපත් කළ හැකි විවිධ ක්‍රම අතර පැහැදිලි බවක් ඇති කළ යුතු වේ.

ගණිතය පුරාවට ඉතාමත් වැදගත් අදහසක් වන්නේ ශ්‍රිතයක සංයුතියයි. z යනු y හි ශ්‍රිතයක් නම් හා y යනු x හි ශ්‍රිතයක් නම් z , x හි ශ්‍රිතයකි. එය අපි විධිමත් නොවන ආකාරයකින්, සංයුත ශ්‍රිතයක් ලැබෙන්නේ ප්‍රථම ශ්‍රිතයේ ප්‍රතිදානය දෙවැන්නේ ආදානය ලෙස භාවිතා කිරීමෙන් යැයි විස්තර කරයි. ශ්‍රිතවල මෙම ලක්ෂණය එය සංඛ්‍යා හෝ සංඛ්‍යාංක වැනි අනෙකුත් ගණිතමය නිමැවීම් වලින් වෙන් කොට දක්වයි. තවද මෙම ලක්ෂණය එහි ප්‍රබල ව්‍යුහය සමඟ ශ්‍රිත පිළිබඳ සිද්ධාන්ත ද ලබා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රිත_(ගණිතය)&oldid=353681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි