ශ්රීල ලංකා දේශපාලනය- ශ්රීල ලංකා ආරක්ෂක හමුදාවම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා දේශපාලනය- ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවම bvb

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමන්විතයි. මේවා පාලනය ආරක්ෂක අමාත්යංrශයට අයත් අතර වර්තමානයේ දී ආරක්ෂක ඇමති ලෙස ක්රිතයාකරන ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ පාලනය කෙරේ.මුලික වශයෙන් ශ්රිත ලංකා පාබල හමුදාව ගොඩබිම යුධ කටයුතු සඳහා යොමුවිය.අනිත් සේවාවන්ට වඩා පැරණි හමුදාවද එය විය.විශාලත්වයෙන්ද එය ප්ර මුඛ විය. කෙසේ නමුත් රට මුහුදින් වටවී තිබීම නිසා නාවික හමුදාව වැඩිම වැදගත් ආරක්ෂක ශක්තියක් හමුදාවමෙන් සැලකුණි. ගුවන් හමුදාව මූලික වශයෙන් යුධ හමුදාවටත් නාවික හමුදාවටත් උදව් කිරීම සඳහා වු හමුදාවක් ලෙස සේවය කරයි. කෙසේ නමුත් යුධ හමුදාවේ අණ දෙන නිලධාරියා වුයේ සුළු ජනවාර්ගයට අයත් දෙමල ජාතිකයෙකි.මෑත දශකවලදී හමුදාවට සිංහල ජනයා පමණක් වාගේ බඳවා ගැනෙනු පෙනේ. මෙය බොහෝ දුරට දෙමල වර්ගයා තුළ සැක බිය ඇති වීමට හේතු විය. එහි ඉතිහාසය තුල යුධහමුදාව බොහෝ යුද්ධයන්හි දිගටම යෙදි ඇති අතර බොයර් යුද්ධය හා ලෝක යුද්ධ දෙකේදීම බ්රිඉතාන්ය අණ යටතේ යෙදී ඇත. නිදහසෙන් පසු ප්ර ධාන වශයෙන් රටතුල කැරැල්ලට විරුද්ධව අවිගත් කණ්ඩායම් වලට විරුද්ධව ක්රි යාත්මක වූ අතර ප්ර ධන වශයෙන් එල්.ටී.ටී.ඊ. යට විරුද්ධවත් එක් අවස්ථාවක අවිගත් ජෙ.වි.පීයට විරුද්ධවත් හමුදාව ක්රි යාත්මක විය.

ශ්‍රී ලංකා හමුදාව පුහුණුවීම් කටයුතු ඕස්ටේලියාව, එක්සත් රාජධානිය, ඊශ්රා යලය, එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය හා දකුණු අප්රි කාව යන රාජ්යඑය මගින් ලබා ගනී. වෙනත් රාජ්ය වල සොල්දාදුවන් ද යුධ ක්රිලයාන්විත වල යෙදෙව් බවට චෝදනා තිබුණද මේවා ඔප්පු වී නොමැති අතර සහතික වීමකුදු සිදුවී නොමැත. මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හයිටි රාජ්ය යේ ක්රිසයාත්මක සාම හමුදාවට ශ්‍රී ලාංකික යුධ හමුදාවද තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකා හමුදා එල්.ටී.ටී.ඊයට විරුද්ධව සටන් කිරීමේ 1983 සිටම යෙදී ඇත. වසර 25 ක කාලය තුළ මියගිය හෝ තුවාල ලද සංඛ්යාඅව පැහැදිලි නොමැත. දෙපාර්ශවයම ගණන් ලඝුකොට දැක්වුවත් එය දසදහස් ගණනින් විය හැක. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව වද හිංසා පැමිණ වීම, දූෂණය හා නීතිය අතට ගෙන විශාල වශයෙන් ජනයා මැරීම ගැන චෝදනා ඇත. නමුත් ඇම්නෙස්ට් ජ්යා්ත්ය න්තරයෙත්, හියුමන් රයිට්ස් වොච් (මානව හිමිකම් සෙවීමේ සංවිධානයේත්) UNHCR සංවිධානයේත් චෝදනා කිරීම් රජය කිසිම විභාග කිරීමකට එකඟ වී නොමැත. ප්රවතික්ෂේප කොට ඇත. අද දක්වා හමුදාවේ කිසිවකු යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා නොමැත.





http://en.wikipedia.org/wiki/Politics_of_Sri_Lanka#Military_of_Sri_Lanka