ශරන්යා මනිවන්නන්

විකිපීඩියා වෙතින්

ශරන්යා මනිවන්නන් ලේඛිකාවකි. නැටුම් ශිල්පිනියකි. චිත්‍ර ශිල්පිනියකි. නිළියකි. ඡායාරූප ශිල්පිනියකි. මාධ්‍යවේදිනියකි. මේ වනවිට ඇය සිය ප්‍රථම නවකතාව වූ Constellation of Scars හා පද්‍ය එකතුවක් වූ Witchcraft යන නිර්මාණ සකස් කිරීමෙහි යෙදී සිටින්නීය. 2006 වර්ෂයේ පසුභාගයේ දී ඇය විසින් නිර්මාණය කරන ලද පද්‍ය හා නිරූපණ ග්‍රන්ථයක් සීමා සහිත සංස්කරණයක් ලෙසින් නිකුත් කෙරිණි. එය අයරි නම් විය. ඇයගේ තනිව කතා කරන වචන සංදර්ශනය වූ Ochre as the Earth 2007 වර්ෂයේ ජුනි මස 3 වැනිදා පැවැත්විණි. එය ක්වාලාලාම්පූර් කලා දර්ශනයේ ප්‍රධාන අංගයක් විය.

වර්ෂ 1985 ජූලි 30 වැනි දා ඉන්දියාවේ උපත ලද ශරන්යා හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ හා මැලේසියාවේය. වර්තමානයේ ඇය ක්වාලාලාම්පූර් හා චෙන්නායිවල වෙසෙන්නීය. ඇයගේ ආවේණික ද්වීභාෂා (ඉංග්‍රීසි, දෙමළ) ලේඛන හා රඟ දැක්වීම් ජනප්‍රියත්වයට පත්විය. ඇය මැලේසියාවේ නූතන රහස් ස්වාධීන ලේඛකයන්ගේ සමාගමෙහි ඉංග්‍රීසි, දෙමළ යන භාෂා දෙකම භාවිතා කරන ප්‍රථම හා එකම ලේඛිකාවයි.

ලක්ෂ්මි පීප්ස්නා සමරසිංහ, ඉන්ද්‍රන් අමිත්‍රනායගම් ෆ්‍රැන්සිස්කු බියර්ඩ්, ශ්‍රී කුමාර් වර්මා හා ලක්ෂ්මි පමුන්ජක් ආදී අන්තර්ජාතික ලේඛකයන්ගෙන් ඇයගේ ලේඛන සඳහා යහපත් ප්‍රතිචාර හිමිව ඇත. ඇය අන්තර්ජාල බ්ලොග් ලියන්නියක ද වන අතර ඇයගේ බ්ලොග් පිටුව හරහා මැලේසියාවේ පන්සල් විනාශ කිරීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමටද ඇය දායක වන්නීය. ඇය විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට මෙම ගැටළුව පිළිබඳව දන්වා යවන ලද විවෘත ලිපිය හොඳම ලියුම කාණ්ඩය යටතේ 2007 කව්ෆැක් සම්මාන උළෙලට යෝජනා විය.


උපුටා ගැනීම්[සංස්කරණය]

"Culture informs my everyday life in very prosaic ways, and this bleeds into my creative life in what I hope are more profound ways." “සංස්කෘතිය අතිශය නීරස ආකාරයකින් මාගේ එදිනෙදා ජීවිතයට දැනුම් දීම සිදු කරන අතර මාවිසින් වඩා හෘදයාංගම ලෙස බලාපොරොත්තු වූ මාගේ නිර්මාණශීලී ජීවිතයට මෙය රුධිර වහනය සිදු කරයි.” (Imagining ourselves තුළදී උපුටා ගන්නා ලදී, කාන්තාවන් පිළිබඳ අන්තර්ජාතික කෞතුකාගාරය.)

"https://si.wikipedia.org/w/index.php?title=ශරන්යා_මනිවන්නන්&oldid=472080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි