ශක්ති වන සංවර්ධන විද්‍යාව

විකිපීඩියා වෙතින්

ශක්ති වන සංවර්ධන විද්‍යාව යනු වන සංවර්ධන විද්‍යාවේ එක් ආකාරයකි. මෙහි දී වර්ධන වේගය වැඩි ශාක හෝ දැවමය පඳුරු විශේෂ, තාපය හෝ බලය උත්පාදනය කිරීම වෙනුවෙන් ජීව ඉන්ධන නිපදවීම සඳහාම වගා කරයි. ශක්ති වන සංවර්ධන විද්‍යාවේ කොටස් දෙක වන්නේ කෙටි හුවමාරු වන ලැහැබ සහ කෙටි හුවමාරු වන සංවර්ධන විද්‍යාවයි. කෙටි හුවමාරු වන ලැහැබ් යනු පොප්ලර් හෝ විලෝ බෝග, අස්වනු නෙලා ගැනීමට පෙර අවුරුදු 2 සිට 5 දක්වා කාලයක වගා කිරීමයි. කෙටි හුවමාරු වන සංවර්ධන විද්‍යාව යනු ඇල්ඩර්, අළු, බර්ච්, ඕස්ට්‍රේලියාවේ කපුරු ගස්, පොප්ලර් සහ සයිකැමෝර් වැනි බෝග, අස්වනු නෙලා ගැනීමට පෙර අවුරුදු 8 සිට 20 දක්වා කාලයක වගා කිරීමයි. පොසිල ඉන්ධන වන ගල් අඟුරු, ස්වාභාවික වායු සහ තෙල් වෙනුවට වගා කළ ඉන්ධන භාවිතා කිරීමෙන් ලැබෙන වාසියක් වනනේ ඉන්ධන දහනයේ දී පිටවන ප්‍රධාන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්, ශාක වර්ධනයේ දී අවශෝෂණය කර ගැනීමයි. නමුත් පොසිල ඉන්ධන දහනයේ දී , කාබන් දහනය වීමෙන් වායු‍ගෝලීය කාබන් ප්‍රමාණය වැඩි වී කාලයත් සමඟ කාබන් තැන්පත් විමෙන් පෘතුවියේ කාලගුණය වෙනස් වේ. මෙය මිහිතලය උණුසුම් වීමට බලපාන මුල්ම හේතුවයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Energy_forestry