වෛද්‍ය මානව විද්‍යාව

විකිපීඩියා වෙතින්

වෛද්‍ය මානවවිද්‍යාව, සමාජ හා සංස්කෘතික මානවවිද්‍යාවේ අනුවිෂයකි. සෞඛ්‍ය, රෝගාබාධ සහ හෙදකර්මය හා ඒ හා සබැඳි සංසිද්ධීන්ගේ සමාජයීය කි‍්‍රයාකාරීත්වය සහ සංස්කෘතික නියෝජන පිළිබඳව මානව විද්‍යාඥයින් විසින් පවත්වන ලද ආනුභූතික පර්යේෂණ සහ එහිදී බිහිවූ න්‍යායයන් හඳුන්වාදීම පිණිස වර්ෂ 1963 දී පමණ සිට මෙම පදය භාවිත කෙරේ. තවද මේ සඳහා සෞඛ්‍ය පිළිබඳ මානව විද්‍යාව සහ රෝගාබාධ පිළිබඳ මානව විද්‍යාව වැනි වදන් ද යුරෝපීය රටවල භාවිත කෙරේ. වෛද්‍ය මානව විද්‍යාව යන පදය පෘතුගීසි භාෂාවේ එන “medische anthropologie” යන වචනයේ පරිවර්තනයක් සේ සැලකේ. එය වර්ෂ 1940 දී පමණ කාලයේදී සෞඛ්‍ය සහ රෝගාබාධ සම්බන්ධයෙන් සිදුකරන ලද දාර්ශනික අධ්‍යයන ගැන සඳහන් කිරීම සඳහා ඇතැම් ලේඛකයින් විසින් භාවිත කරන ලද්දකි


සටහන්[සංස්කරණය]

Medical_anthropology
"https://si.wikipedia.org/w/index.php?title=වෛද්‍ය_මානව_විද්‍යාව&oldid=465030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි