වේවැල්කැටිය සෙල් ලිපිය

විකිපීඩියා වෙතින්

සිව් වන මහින්ද රජු (ක්‍රි.ව.1026-1042) විසින් පිහිටුවන ලද වේවැල්කැටිය සෙල් ලිපිය මෙරට පැරණි නීති පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය විමසන විට වැදගත් වේ. මෙම ශිලා ලේඛනය අඩි 06ක් උස අඩි 01.06 ½ක් පළල ශිලාමය පුවරුවක පේළි 45ක් වන සේ කොටා ඇත. සෙල් ලිපියට අනූව මනුෂ්‍ය ඝාතනය හා මීමුන්, එළුවන්, හරක් ආදී සතුන් ඝාතනය කිරීමද, පුද්ගලයෙකු මරණ දණ්‌ඩනයට ලක්‌ කළ හැකි වරදක්‌ බව සඳහන් කොට තිබේ.[1]

පෙ‍ළ[සංස්කරණය]

1.ශ්‍රී සිරිබර් කැත් කුළ කොත් ඔකාවස් රජ පරපුරෙ
2.න් බට් කැත් උසබ් නට් අග් මෙහෙසුන් වුලක්දිව් පොළො
3.යෝන පරපුරෙන් හිම් වූ සිරිසඟ්බෝ අභයි මහ රජ්හු සන්ලැඟු නව ව
4.න හවුරුදුයෙහි උන්ද්වප් සන්ද් පෙරෙ අව මාස් හිදස

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පැරැණි ලක්‌දිව අධිකරණ සම්ප්‍රදාය". දිවයින. 9 අගෝස්තු 2009. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015.