Jump to content

වෙරළ ඛාදනය

විකිපීඩියා වෙතින්
අධික සාගර ඛාදනය: එංගලන්තයේ නැගෙනහිර හන්ස්ටැන්ටන් හි කඳු බෑවුම

සාගර ජලයේ ක්‍රියාකාරීත්වය හෙවත් සාගර ජලය ආශ්‍රිත නිර්මාණය වන සාගර තරංග, වඩදිය, බාදිය හා දියවැල්වල බලපෑමෙන් වෙරළ ඛාදනය සිදුවේ. මෙහි දී ප්‍රබල වන්නේ සාගර තරංගයි. සාගර ජල තලය මතු පිටින් සුළඟ ගැටීම නිසා සාගර තරංග හෙවත් රළ නිර්මාණය වෙ.මෙම රළ වෙගයෙන් වෙරළේ වැදීම නිසා වෙරළ ඛාදනය උග්‍ර වෙයි. සෘතුමය සුළං, වාසුළි හා භුමි කමිපාවල දී හටගන්නා සුනාමි තරංගද ඛාදනය වේගවත් කරයි.

අතීතයේ සිට ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස වෙරළ ඛාදනය සිදු වුව ද වර්තමානයේ එය ප්‍රබල කිරීමට විවිධ මානව ක්‍රියාතාරකමි ද හේතු වී ඇත. තාක්ෂණික දියුණුව, සංවර්ධන ව්‍යාපෘති ජන‍ගහනය අධික වීම නිසා වෙරළ ඛාදනය ‍කෙරෙහි මානව බලපෑමි අධික වී ඇත.

වෙරළ ඛාදනය කෙරෙහි බලපා ඇති මානව ක්‍රියාකාරකම්

[සංස්කරණය]

තාක්ෂණික දියුණුව

[සංස්කරණය]

කාර්මීකරණ දියුණුවත් සමගම කර්මාන්තශාලා වලින් නිකුත් කරන වායු ආදියේ බලපෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීඇත. එම වායුන් මගින් සුර්ය කිරණ උරාගැනීම නිසා වායුගෝලීය උෂ්ණත්වය ක්‍රම‍යෙන් වැඩි වී පෘථවි පරිසරය තාපවත් වීමත් ඒ නිසා ධ්‍රැවාසන්න අයිස් තටිටු දියවීමත් හේතු කොට ගෙන සාගර ජල මටිටම වැඩි වී තිබේ. එලෙස සාගර ජල මටිටම ඉහල නැගීම නිසා වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යට වී වෙරළ ඛාදනය උග්‍ර වී ඇත.

මානව ජනාවාසවල බලපෑම

[සංස්කරණය]

ලෝක ජන සංඛ්‍යාව සීග්‍රලෙස වර්ධන‍ය වීමත් සමග වෙරළාසන්න ප්‍රදේශවල අධික ජනගහනයක් පදිංචි වි ඇත.මේනිසා වෙරළාසන්න ජනාවාස ඉදිකිරීම, කඩොලාන පරිසර පද්ධති විනාශ කිරීම, අනෙකුත් වෙරළ සමිපත් පරි‍‍හෝජනය අධික වීම නිසා වෙරළේ ස්වාභාවික ආරක්ෂාව ඉවත් වී වෙරළ ඛාදනය ප්‍රබල වී ඇත.

කොරල්පර කැඩීම

[සංස්කරණය]

සජීවී කොරල් ජීවීන් නැතිනම් කොරල් බුහුබාවන් හෙවත් පොලිප් ජීවියා මගින් වෙරළේ නිර්මාණමය වී ඇත. කැල්සියමි කාබනේටි වලින් සමන්විත කොරල් පාෂාණ වැටි කොරල් පාෂාණ ලෙස හදුන්වයි. මේවා වෙරළේ දියකඩන ස්ථාන ලෙස හදුන්වයි.මේවා වෙර‍ළේ ස්වාභාවික තාප්පයක් ලෙස ක්‍රියා කරයි. මේනිසා කොරල් වැටි මගින් වෙරළ ඛාදනය වලක්වයි.නමුත් වෙරළාශ්‍රිත ප්‍රදේශ රාශියක හුනු කර්මාන්තය නීති විරෝධී මසුන් ඇල්ලීම හා වෙනත් මානව ක්‍රියාකාරකමි නිසා කොරල්පර කැඩීම සිදුකරයි. සංචාරක කර්මාන්තය අලංකාරය සදහා තබා ගැනීම විවිධ අ‍යෝග්‍ය ධීවර කටයුතු නිසා ද කෙරල්පර විනාශ වීම සිදුවේ. මේනිසා වෙරලේ තිබු ස්වාභාවික ආරක්ෂාව නැති වී වෙරළ ඛාදනය ප්‍රබලව සිදුවෙයි.

කඩොලාන ශාක ප්‍රජාව විනාශ කිරිම

[සංස්කරණය]

වෙරළාසන්න ප්‍රධානතම ස්වාභාවික වෘක්ෂලතා පද්ධතිය කඩොලාන පරිසර පද්ධතියයි.මෙමගින් වෙරළ කලාපය තරංග ඛාදනයෙන් ආරක්ෂා කරයි.නමුත් වර්තමානයේ මෙම කඩොලාන පරිසර පද්ධති විවිධ ඉදිකිරිමි, ආර්ථික කටයුතු, දැව සඳහා මෙන්ම ආරක්ෂක කටයුතු නිසා ද එළිකිරීමි නිසා තරංග ගොඩබිම තුළට ඇදී ඒමෙන් වෙරළ ඛාදනය ප්‍රබල වී ඇත.

අයෝග්‍ය වෙරළ බැමි ඉදිකිරීම

[සංස්කරණය]

කිසියමි වෙරලාශ්‍රිත කලාපයක ඛාදනය ප්‍රබල වන විට වෙරළ ආරක්ෂා කිරීම සඳහා ඉංජිනේරැවන් විසින් විවිධ බැමි ඉදිකරනු ලබයි.විශේෂයෙන්ම තරංගවල ප්‍රබලත්වය හෝ ඒවායේ දිශාව පිළිබඳව විමර්ෂණය නොකර විවිධ බැමි වර්ග ඉදිකරනු ලබයි. එවිට එම බැමි විසින් තරංග ශක්තිය වෙනත් වෙරළාශ්‍රිත කලාපයක් කරා යොමු කිරීම නිසා එම වෙරළ ඛාදනය ප්‍රබල වේ.

වෙර‍‍ළේ විවිධ ගොඩනැගිලි ඉදිකිරීම

[සංස්කරණය]

වෙරළාසන්නයේ සංචාරක හෝටල්, ජනාවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකාරීම නිසා වෙරළ පටු වෙයි. එවිට වෙරළ ඛාදනය අවම කිරීමට යොදනු ලබන වෙරළ බැමි ඉදිකිරිමට අපහසු වෙයි. එමෙන්ම බැමි ඉදිකිරීමට ගෙන එන ගල් ප්‍රවාහනය කිරීමට මෙන්ම ගල්කුටිටි ඇතිරීමට ඉඩ නොලැබීම නිසා ෙවරළ ඛාදනය උග්‍ර වී ඇත.

වෙරළ ඛාදනයේ ප්‍රතිඵල

[සංස්කරණය]

විවිධ ප්‍රදේශ වල සිදුවන වෙරළ ඛාදනය නිසා විවිධ ප්‍රතිඵල උද්ගත වී ඇත.

ජනාවාස හා ගොඩනැගිලි විනාශ වීම

[සංස්කරණය]

වෙරළ ඛාදනයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වන්නේ වෙරළාසන්න ජනාවාස විනාශ විමයි. ශ්‍රි ලංකාවේ බොහෝ වෙරළ ප්‍රදේශවල විශාල ජන සංඛ්‍යාවක් වාසය කරන නිසා ඔවුන්ගේ ජනාවාස කෙරෙහි වෙරළ ඛාදනය ප්‍රබල ලෙස බලපා ඇත. එම නිසා නිවාස විනාශ වීම,ජීවිත හානි වීම, වැඩි වී තිබේ. එමෙන්ම සංචාරක හෝටල් විනාශ වීම, වෙරළ බඩ පොල් වගාව විනාශ වී ගිය ජනාවාස පුනරැත්තාපනය කිරීමට රජය විශාල වියදමක් දරනු ලබයි.

ගොඩබිම මුහුදට සේදීයාම

[සංස්කරණය]

වෙරළ ඛාදනයේ ප්‍රබලතම ගැටලුව ගොඩබිම මුහුද දෙසට ‍සේදීයාම හා ගොඩබිමි භුමිප්‍රමාණය අඩු වීම යි. ශ්‍රි ලංකාවේ කල්පිටිය සිට යාල දක්වා ඇති කිලෝමීටර් 685 තරම් දිග වෙරළාශ්‍රිත කොටස් වාර්ෂිකව වර්ග මීටර් 1,75,000-2,85,000 තරම් ගොඩබිම් කොටසක් වෙරළ ඛාදනය නිසා විනාශ වී යයි. 1840-1920 කාලය තුළ සීනිගම වෙරළාශ්‍රිතව පිහිටා තිබුණි. නමුත් එම කලාපයේ වෙරළ ඛාදනය ප්‍රබල වීම නිසා අද ගොඩබිම සිට සැතපුම් කාලක් දුරින් සීනිගම දේවාලය පිහිටා ඇත.

සංචාරක කර්මාන්තය කෙරෙහි බලපෑම

[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ දකුණු වෙරළ තීරය සංචාරක කර්මාන්තම සමඟ දැඩිව බැඳි පවතී. ශ්‍රි ලංකාවේ ශ්‍රේණිගත හෝටල් වලින් 75% ද හෝටල් කාමර වලින් 80% ද පිහිටා ඇත්තේ වෙරලාශ්‍රිත පටු බිම් තීරයකි. වෙරළ ඛාදනය ප්‍රබල වන විට හෝටල් වලටත්, ගිමන්හල් වලටත් භෝජනහල්, පිහිනුමි තටාක වැනි ගොඩනැගිලි වලටත්හානි පැමිනේ. මෙවන විට ද සංචාරක කර්මාන්තය ආශ්‍රිත සමහර ගොඩනැගිලි විනාශ වී ඇත. එමෙන්ම වෙරළ ඛාදනය නිසාද දංචාරක හොටල් පසුපස වෙරළ ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ඒවාට පැමීණෙන සංචාරකයින් අඩුවීමෙන්ද වෙරළ ඛාදනය සංචාරක කර්මාන්තය ෙකෙරහි බලපා ඇත.

ධීවර කර්මාන්තය කෙරෙහි බලපෑම

[සංස්කරණය]

වෙරළාශ්‍රිත විශාල ංනතාවක‍ගේ ප්‍රධාන කරමාන්තය ධීවර කර්මාන්තය යි. මේ මඟින් විශාල පිරිසක් සිය ජීවනෝපාය ‍ගෙන යයි.එමෙන්ම වෙරළාශ්‍රිත ධීවර වරායන්. ජැටි, ශීතාගාර විශාල වශයෙන් පිහිටුවා ඇත. වෙරළ ඛාදනය ප්‍රබල වීමත් සමඟම මෙම ධීවර වරායන් වෙරළ ඛදනයට ලක්වීමෙන් ධීවර යාත්‍රා වලටද බරපතල හානි සිදු වී ඇත.

ගමනාගමනයට බාධා ඇති වීම

[සංස්කරණය]

වෙරළ ඛාදනය ප්‍රබල වීමෙන් වෙරළාශ්‍රිත පරිවහන පද්ධතියට බාධා ඇති වෙයි.වෙරළ ඛාදනය ප්‍රබල වීමෙන් මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ගවලටද දැඩි තර්ජනයක් එල්ල වී ඇත.මේ වන විටත් ශ්‍රි ලංකාවේ නිරිත දිග වෙරලේ මහාමාර්ග හා දුම්රිය මාර්ග වෙරළ ඛාදනයට ගොදුරැ වි විනාශ වී ඇත.එම නිසා එම කලාපයේ ගමනාගමනයද විටින් විට ඇන හිටියි.එමෙන්ම මෙම පරිවහන පද්ධති විටින් විට ප්‍රතිසංස්කරණය කිරීමටද රජය විශාල මුදලක් වැය කරයි.

ස්වාභාවික සෞන්දර්ය විනාශ වීම

[සංස්කරණය]

එටක වැදගත් ස්වාභාවික පරිසරයන් ලෙස වෙරළ ප්‍ර‍දේශ දැක්විය හැකිය. වෙරළාශ්‍රිත ස්වාභාවික සෞන්දර්ය රටක වටිනාකම කෙරෙහිත් ජනතාවගේ විවේකය විනෝදය සඳහාත් බලපායි. මෙලෙස ප්‍රබල ලෙස වෙරළ ඛාදනය වන විට එහි සෞන්දර්යාත්මක අගය පිරිහී යයි. වෙරළ ඛාදනයේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි සෞන්දර්යාත්මක ස්ථාන 89 ක් හදුනාගෙන ඇත.

වෙරළාශ්‍රිත ඓතිහිසික ස්ථාන විනාශ වීම

[සංස්කරණය]

වෙරළාශ්‍රිත ප්‍රදේශවල විවිධ ඓතිහාසික හා විද්‍යාත්මක ස්ථාන පිහිටා පවතී නමුත් වෙරළාශ්‍රිතව ප්‍රබලව සිදුවන වෙරළ ඛාදනය එම ඓතිහාසික ස්ථාන විනාශ වීම කෙරෙහිත් බලපා ඇත. ශ්‍රි ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙවැනි ඓතිහාසික ස්ථානයන් හඳුනා‍ගෙන ඇත.

ඓතිහාසික ස්ථානය පැතිරී ඇති දිස්ත්‍රීක්කය
ශිව දේවාලය කොළඹ-මෝදර
අයියනාර් දේවාලය පුත්තලම-කරැක්කපොනායි
රන්කෙත් ව්හාරය කළුතර පට්ටිය උතුර
දුව විහාරය කළුතර-මොරගල්ල
සීනිගම දේවාලය ගාල්ල සීනිගම
ගාල්ල කොටුව ගාල්ල නගරය
දුව දේවාලය ගාල්ල තල්පෙ දකුණ
විෂ්ණු දේවාලය මාතර දෙවිනුවර
සමුද්‍රගිරි දේවාලය මාතර දෙවිනුවර
කිරින්ද විහාරය හම්බන්තොට කිරින්ද
තංගල්ල කොටුව හමිබන්තොට කොටුවේගොඩ
සමුද්‍ර විහාරය අම්පාර කුමන
විෂ්ණු කෝවිල යාපනය කිරිමලේ

වෙරළ ඛාදනය වැලැක්වීම-වෙරළ සංරක්ෂණය

[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ප්‍රධාන ගැටලුවක් වන වෙරළ ඛාදනය වැලැක්වම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. එවැනි ක්‍රියා මාර්ග රැසක් හඳුනාගත හැකි ය.

  1. වෙරළේ හා ගංගාවල වැලිකැනීම නැවැත්වීම.
  2. වෙරළාශ්‍රිත කොරල්පර විනාශය වැලැක්වීම.
  3. වෙරළාශ්‍රිත ප්‍රදේශවල ස්වාභාවික වෘක්ෂලතා වන කඩොලාන පරිසර පද්ධති විනාශය වැලැක්වීම හා වෙරළාශ්‍රිත කඩොලාන වගාකිරීමේ ව්‍යපාති දියත් කිරීම
  4. ධීවර කර්මාන්තයේදී වෙර‍ළේ ස්වාභාවික සම්පත් පිළිබඳව සැලකිල්ලක් දැක්වීම
  5. වෙරළාශ්‍රිත කොරල් පර හා කඩොලාන සම්පත් විනාශ කරන්නවුන්ට දැඩි නීතිරීති පැනවීම.
  6. වෙරළේ ගුණාත්මක වටිනාකම හා වෙරළ ඛාදනයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව සාමාන්‍ය ජනතාව, පාසල් සිසුන් විවිධ මාධ්‍ය මඟින් දැනුවත් කිරීම
  7. වෙරළාශ්‍රිත සම්පත් උපයෝගී කරගෙන ජීවිකාව ගෙන යන්නන් පුනරැත්තාපනය කිරීම
  8. වෙරළාශ්‍රිත නව ගොඩනැගිලි ඉදිකිරීම හා සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම පාලනය කිරීම
  9. වෙරළ සංරක්ෂණය සඳහා නව නීති රීති මෙන්ම නව පනත් ඉදිරිපත් කිරිමද සිදුකර තිබේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පනත් කීපයක් හඳුන්වා දී ඇත.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වෙරළ_ඛාදනය&oldid=733496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි