වෙදනලාව

විකිපීඩියා වෙතින්
නූතන වෙදනලාව

වෙදනලාව යනු (EN=Stethoscope) ධ්වනික වෛද්‍ය උපකරණයක්වන අතර එය මිනිසුන්ගේ හෝ සත්වයන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ඇති වන්න‍ා වූ නොයෙකුත් ශබ්දයන් ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. මෙය බොහෝ අවස්ථාවල දී හෘද ස්පන්දනයේ දී ඇති වන ශබ්ද සහ ශ්වසනයේදී ඇතිවන ශබ්ද ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. තවද එය බඩවැල්වල ඇතිවන ශබ්ද සහ ධමනි හා ශිරා තුළින් රුධිරය ගමන් කිරීමේදී ඇති වන ශබ්ද ශ්‍රවණය සදහා ද යොදා ගනී. දුලබ වශයෙන් භාවිතාවන කාර්මික වෙදනලාවක් මගින් ‍යන්ත්‍රෝපකරණවල අභ්‍යන්තරයෙහි ඇතිවන ශබ්ද ශ්‍රවණය සදහා භාවිතා කරනු ලබයි. උදාහරණ - අභ්‍යන්තර කොටස්වලින් නිකුත් කරන ශබ්දවලට සවන් දීමෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන එන්ජිමක් හදුනාගත හැකිය. එය විද්‍යාත්මක අවශ්‍යතාවයන් සදහා රික්තකයන් තුළ කාන්දුවීම් පරීක්ෂා කිරීම සදහා ද යොදා ගනී.

වෙදනලා වර්ග[සංස්කරණය]

ධ්වනික වෙදනලා[සංස්කරණය]

ධ්වනික වෙදනලාවක්

මේවා බොහෝ පුද්ගලයන් සදහා වඩාත් සුපුරුදු වන අතර පපුව මත තබන ලද වෙදනලාවෙහි කොටස මගින් හදුනාගන්නා ශබ්දය වාතය පිරුණු නල ඔස්සේ ගමන් කර අවසානයේදී ශ්‍රවණය කරන්නාගේ කණ දක්වා ගමන් කරනු ලබයි. වෙදනලාවෙහි පපුව මත තබන කොටස පැති දෙකකින් යුතු වන අතර එය විවිධ වූ ශබ්ද සංවේදනය සදහා රෝගියා මත තබනු ලබයි. එය ප්‍රාචීරයකින් සහ සීනුවක් වැනි කොටසකින් සමන්විත වේ. (Diaphragm and Bell) මෙම ප්‍රාචීරය වැනි ‍කොටස රෝගියා මත තැබුව ‍හොත් සිරුරෙන් නිකුත්වන ශබ්ද මගින් ප්‍රාචීරය කම්පනය වී ධ්වනික පීඩන තරංග නල හරහා ගමන් කොට ශ්‍රවණය කරන්නා‍ගේ කණ වෙත ලගාවේ. සීනුව වැනි කොටස රෝගියා මත තැබු වහොත් නිකුත්වන ශබ්ද තරංග මගින් සමෙහි ඇතිවන කම්පනයන් මගින් සෘජුවම ධ්වනික පීඩන තරංග ශ්‍රවණය කරන්න‍ාගේ කණ වෙතට ගමන් කරයි. සීනුව වැනි කොටස මගින් අඩු සංඛ්‍යාත තරංග පරිවහණය කරන අතර ප්‍රාචීරය මගින් අධි සංඛ්‍යාත තරංග පරිවහණය කරනු ලබයි. මෙම පැති දෙකකින් සමන්විත වෙද නලාව සොයා ගනු ලැබුයේ 20 වන ශතවර්ෂයේ මුල් අවධිවල දී විසූ Rappaport සහ Sprague විසිනි. ධ්වනික වෙදනලාවන් මගින් ඇති කරන ලද එක් ගැටළුවක් වූයේ ඇති වූ ශබ්දවල මට්ටම අතිශය කුඩාවීමයි. මෙම අසීරු අවස්ථාවන් 1999 දී ස්ථරීභූත අඛණ්ඩ අභ්‍යන්තර කුහරයක් සහිත වෙදනලාවක් සහ 2002 දී චාලක ධ්වනික ක්‍රියාවලියක් සහිත වෙදනලාවක් නිෂ්පාදනය මගින් ජයග්‍රහණය කරන ලදී. ධ්වනික වෙදනලාවන් බහුලවම භාවිතා කෙරේ.


ඉලෙක්ට්‍රොනික වෙදනලා[සංස්කරණය]

ඉලෙක්ට්‍රොනික වෙදනලාවන් මගින් සිරුරෙන් නිකුත්වන ශබ්දයන් ඉලෙක්ට්‍රොනික ක්‍රමෝපායන් භාවිතා කර ගැනීම මගින් වර්ධනය කරනු ලබයි. මෙමගින් අඩු ශබ්ද මට්ටම් ද නිසි පරිදි ශ්‍රවණය කිරීමට හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් ඉලෙක්ට්‍රොනික වෙදනලාවලින් මෙලෙස ශබ්දය වර්ධනය කර ගැනීමේ ක්‍රමෝපායන් භාවිතා කර ගැනීමේදී ඇතැම් අවස්තාවල දී යම් යම් දෝෂ ඇති වූ අතර ඇතැම් ශබ්ද මට්ටම් ඉවත් කරනු ලැබීමක් සිදුකරනු ලබයි. මෙමගින් මධ්‍යම පරාසයේ ශබ්ද වර්ධනය කරන අතර උච්ච සහ අඩු සංඛ්‍යාත පරාසයන් සහිත ශබ්ද දුර්වල කිරීමක් මගින් ඉලෙක්ට්‍රොනික වෙද නලාවල සමස්ත ක්‍රියාකාරිත්වය සීමා කරනු ලබයි. මේවන විට බොහොමයක් වූ සමාගම් මගින් ඉලෙක්ට්‍රොනික වෙදනලාවන් නිෂ්පාදනය කරනු ලබන නිසා කෙටිකාලය් තුළදී ඉලෙක්ට්‍රොනික වෙදනලාවන් මගින් ධ්වනික වෙදනලාවන්වල පැවැත්මට අවදානමක් එල්ලකරනු ඇතැයි බලාපොරොත්තු වේ.

ඉලෙක්ට්‍රොනික වෙදනලාවන්වල දී සිරුරෙන් නිකුත් කරන ධ්වනික ශබ්දයන් ප්‍රශස්ත මට්ටමින් ශ්‍රවණය කළ හැකි ඉලෙක්ට්‍රොනික සංඥා බවට වර්ධනය කොට සකස් කරනු ලබයි. එකම භෞතික විද්‍යාවක් මත පදනම්ව නිෂ්පාදනය කර ඇති ධ්වනික වෙදනලාවන් මෙන් නොව ඉලෙක්ට්‍රොනික වෙදනලාවන්හි පාරනායකයන් පුළුල් වශයෙන් විවිධ වේ. ශබ්ද ග්‍රහණය කර ගැනීම සදහා බාවිතා කළ හැකි සරලතම සහ අවම ඵලදායි ක්‍රමය වනුයේ පපුව මත තබන කොටසෙහි මයික්‍රෝෆෝනයක් සවිකිරීමයි. මෙම ක්‍රමෝපාය මගින් විවිධාකාර ශබ්දයන් නිසා බාදාවන් ඇතිවන අතර එය පසු කාලීනව භාවිතයෙන් ඉවත් කරන ලදී. Welch – Allyn’s Meditron නම් වෙදනලාවෙහි භාවිතා කරන ලද වෙනත් ක්‍රමයක් නම් ලෝහ දණ්ඩෙහි හිසෙහි පීඩ විද්‍යුත් ස්ඵටිකයක් තැන්පත් කිරීම සහ කදෙහි පතුළ ප්‍රාචීරය සමග ස්පර්ශ වන පරිදි පවත්වා ගැනීමයි. 3M හිද ඝන රබර්වැනි ප්‍රාචීරය පිටුපස තබන ලද පීඩ විද්‍යුත් ස්ඵටිකයක් භාවිතා කරයි. ක්ලයිව් ස්මිත් විසින් ධාරිත්‍රක සංවේදකයක් සෑදීම සදහා විද්‍යුතයෙන් සන්නයනය වන අභ්‍යන්තර පෘෂ්ඨයක් සහිත ප්‍රාචීරයක් අන්තර්ගත වෙද නලාවක් භාවිතා කරයි. මෙම ප්‍රාචීරය මගින් ධ්වනික වෙදනලාවෙහි ක්‍රියාකාරිත්වයේ දී සිදුවන වායු පීඩනයෙහි වෙනස්වීම් විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ප්‍රතිස්ථාපනය කර ඇති අතර ධ්වනික වෙදනලාවක මෙන් ප්‍රාචීරය ශබ්ද තරංගවලට ප්‍රතිචාර දක්වයි. මෙමගින් ධ්වනික වෙදනලාවෙහි ඇතිවන ශබ්ද තරංගයන් වර්ධනය කරනු ලබයි.

ඉ‍ලෙක්ට්‍රොනික වෙදනලාවෙහි ශබ්දයන් ඉලෙක්ට්‍රෝනිකව පරිවහණය කරන බැවින් එය වයර් රහිත උපකරණයක් විය හැකි අතර එය දත්ත පටිගත කරන උපකරණයක් ලෙස ද ඇති කරන ශබ්ද අඩුකරගත හැකි උපකරණයක් ලෙස ද භාවිතා කළ හැකිය. තවද ඇතිවන සංඥා වර්ධනය සහ ඒවා ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ප්‍රතිඵලයන් ලෙසට ලබාගැනීම ද සිදුකළ හැකිය. 2001 වසරේදී වෙදනලාවන් නිෂ්පාදනය කරන පුද්ගලයන් විසින් හෘද හා ශ්වසන ශබ්ද ප්‍රස්තාරික නිරූපණයක් වන පරිදි සහ ඒ හා සම්බන්ධ ඇල්ගෝරිතමයක් මගින් විස්තර කළ හැකි පරිදි මෘදුකාංගයක් හදුන්වා දෙන ලදී. මෙම සියළුම ලක්ෂණයන් එම ශබ්ද පිළිබදව ශිෂ්‍යයන් හට ඉගැන්වීමේ දී උපකාරී වුණි.


ශබ්ද ලඝුකරණය[සංස්කරණය]

වඩා මෑතක දී ඇතැම් ඉලෙක්ට්‍රොනික වෙද නලාවල්වල හාත්පස පවතින ශබ්දයන් පෙරීමකට ලක් කළ හැකි ක්‍රමෝපායන් භාවිතා‍ වේ. 3M’s Littmann 3000 සහ Thinklabs ds32a යන වෙදනලාවල ද හාත්පස ශබ්දයන් පලවා හැරීම සදහා ඉහත කී ක්‍රමෝපායන් භාවිතා වේ. ධ්වනික වෙද නලාවල මෙලෙස හාත්පස ශබ්ද පෙරනයට ලක් කරන ක්‍රමෝපායන් අන්තර්ගත වන්නේ DRG බාහිර ශබ්ද ලඝුකරණ ආකෘති සහ Magna Fortis ධ්වනික ශබ්ද අවලංගු කිරීමේ වෙදනලා ආකෘති වලය.


පටිගත කරන වෙදනලා[සංස්කරණය]

ඇතැම් ඉලෙක්ට්‍රෝනික වෙදනලාවලට සෘජුවම ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදිය හැකි අතර ඒවා බාහිර පටිගත කිරීමේ උපකරණ වන ලැප්ටොප් පරිගණක හෝ MP3 පටිගත කිරීමේ යන්ත්‍ර මගින් පටිගත කළ හැකිය. මෙම සම්බන්ධතාවයම මින් පෙර පටිගත කරන ලද ශබ්දයන් හෙඩ්ෆෝන් භාවිතා කරමින් ශ්‍රවණය කිරීමෙන් ඒවා සවිස්තරාත්මකවම පරියේෂණවල දී අධ්‍යයනය කළ හැකි අතර අදාල රෝගියාගෙ‍් තත්ත්වය පිළිබදව වෙනත් රටක හෝ වෙනත් දුරින් පිහිටි රෝහලක සිටින විශේෂඥ වෛද්‍යවරයෙකුට ඒවා ශ්‍රවණය කිරීම මගින් නිර්ණයකට එළඹිය හැකිය. මෙය Telemedicine නම් වේ.


කළලයන් හි ශබ්ද ශ්‍රවණය කිරීම සදහා බාවිතා කරන වෙද නලා[සංස්කරණය]

මෙය ට්‍රම්පටයක් වැනි හැඩයක් සහිත ධ්වනික වෙද නලාවකි. එය ගර්භණී කාන්තාවකගේ උදරය මත තබා කළලයෙහි හෘද ශබ්ද ශ්‍රවණය කරනු ලබයි. මෙම වෙද නලාව එය සොයා ගත් ප්‍රංශ ජාතික ප්‍රසව වේදියෙකු වූ ඇඩෝල්ෆ් පිනාඩ් (1844 – 1934) ගේ නමින් පිනාඩ් වෙද නලාව හෝ පිනාඩ් ලෙස හදුන්වනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=වෙදනලාව&oldid=558126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි