ශ්‍රී විජයසුන්ද්‍රාරාමය, වීරහේනේගෙදර

විකිපීඩියා වෙතින්

ශ්‍රී විජයසුන්ද්‍රාරාමය වීරහේනේගෙදර ග්‍රාමයේ පිහිටා ඇති පන්සලකි.

පිවිසීම[සංස්කරණය]

කළුගමුව - වාරියපොල මාර්ගය මාර්ගයේ 13 km කණුව හමු වූ තැන මෙම විහාරයට ඇති පිවිසුම් මාර්ගය ඇත. ප්‍රධාන මාර්ගයේ සිට මීටර කිහිපයක් ඇතුලට වූ භූමිභාගයක, විහාරස්ථානයට පිටුපසින් කුඹුරු යායද ඊට ඉහළින් මහ වැවද නිසා එහි දර්ශනීයත්වය තව තවත් වැඩි වී ඇත. වැවයි දාගැබයි ගමයි පන්සලයි එක්කාසුව මෙම විහාරස්ථානය මගින් කදිමට

ඓතිහාසික වටිනාකමක් සහිත මෙම විහාරස්ථානයේ පුරාතන යෝධයෙකු විසින් පරිහරණය කල උපකරන කිහිපයක් අදටද දැකගත හැකිය. ඔහු විසින් කෑම ගැනීම සඳහා යෙදා ගත් පාත්තරය විශ්මය දනවන සුළුය. මෙපමන ආහාර ප්‍රමාණයක් ගත් මිනිසෙකු කොපමන කාර්ය ප්‍රමාණයක් කරන්න ඇතිද? එම ප්‍රශ්ණයට පිළිතුර ඔහු වැඩ කිරිමට යොදා ගත් කැත්ත සහ උදැල්ල සාක්ෂි දරයි. කැත්ත සහ උදැල්ල අද වෙසෙන තනි මිනිසෙකුට උස්සන්න බැරි තරමට විශාලය.

බාහිර සබැඳි[සංස්කරණය]