වීදිය බණ්ඩාර මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්
statue of veediya bandara at this school

පාසලේ ඉතිහාසය[සංස්කරණය]

1910 ජනවාරි 10 වන දින වයස අවුරුදු 7-8 පමණ වන වූ පිරිමි ළමුන් 14-15 අතර පිරිසකගෙන්මෙම විද්‍යාලය ඇරඹිණි.ගම්මුන් විසින් කටු මැටි ගසා පොල් අතු සෙවිලි කරන ලද ගොඩනැගිල්ලක,එකම ගුරුවරයාද විදුහල්පතිවරයාද වූ ඩී.ජේ.අමරසිංහ මහතාගේ මූූලිකත්වයෙන් මෙම පාසල ආරම්භ කරන ලදී.

1914 වන විට පාසලට රජය මගින් සිථිර ගොඩනැගිල්ලක් ලැබුණු අතර සිසුන් සංඛ්‍යාව 40ට වැඩි වී අැත.1920 වන විට ගුරුවරුන් 2දක්වා වැඩිවී ගැහැණු ළමුන්ද පාසලට බදවාගෙන අැත.ඒබැවින් මෙය මිශ්‍ර පාසලක් වූ අතර 1943දී ගුරුවරුන් ගණන 6 දක්වා වැඩි වර්ධනය විය.1953 පමණ වන විට අ.පො.ස.(සා/පෙළ)දක්වා පන්ති සංඛ්‍යාව වැඩි කරන ලදී.මෙකල සිසුන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගිය අතර අංග සම්පූර්ණ ගුරු නිවසක්ද,ළිදක්ද,වැසිකිළියක්,කැසිකිළි 2ක් එකල ස්ථාපනය විය.මුල් විදුහල්පති තුමාගේ කාලයේ ඉගෙනගත් සිසුන් ඉහළ තනතුරු දරණ අය බවට පත්ව අැති අතර මෙකල සිසුවෙක් විදේශ සංදේශ දෙපාර්තුමේන්තුවකද සේවය කර අැත. 1963 වසර පමණ වන විට අැදුරුමඩුල්ල 10 දෙනෙකුන්ගෙන්ද සිසුන් ගණන 288කින්ද වර්ධනය විය.1972 වසරේදී මාණ්ඩලික ක්රීඩා තරග වලට ළමුන් සහභාගී කිරීම,ශ්රමදාන කටයුතු කිරීම,බණ්ඩාරණායක ගුණානුස්මරණ සංවත්සර සිදු කිරීම කරන ලදී.1973 සිසුන් 402 දක්වාද ගුරුවරුන් 13 දක්වාද වැඩි විය.පස්වන ශ්රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු කොටසින් ළමුන් 10 දෙනෙක් සමත් වී අැත.මෙම කාලයේදී ජේ.ඒ. විජේවික්රම යටතේ ශිෂ්‍ය සමිති පවත්වා අැත.අ.පො.ස.(සා/පෙළ) ප්රතිඵල සතුටුදායක මට්ටමක විය.

1978 වසරේ අ.පො.ස.(සා/පෙළ) සාර්ථක වූ නිසා 1979-05-10 දින අ.පො.ස.(සා/පෙළ) පන්ති පැවැත්වීමට රජයෙන් අවසර ලැබිණි.1979 දෙසැම්බර් මස මොරපිටිය විදුහල මහා විද්‍යාලයක් බවට පත් කෙරීය.පාසල් සංවර්ධන සමිතිය රැස්ව මෙම පාසල වීදිය බණ්ඩාර මහා විද්‍යාලය නමින් නම්කර ඒ බව අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට දැනුම් දිය.සිසුන් වැඩිවීමත්,ඉඩකඩ අඩුවීමත් නිසා 1981-01-20 දින සිට පාසල දෙවරු ඉගැන්වීම අැරඹිණි.

රජය විසින් වර්ග අඩි 100*20 ගොඩනැගිල්ලක් සෑදූ නිසා ඒවක සිටි 666ක් වූ සිසුන්ටත් 21ක් වූ ගුරුවරුන්ටත් පහසු විය.

1982 දී සිසුන් නිවාස 2කට බෙදා නිවාසාන්තර ක්රීඩා තරග පැවැත්විය.ක්රීඩා පිටියට භාවිතා කලේ අසල්වැසියකුගේ ඉඩමකි.ඒය නැරඹීමට පැමිණි රජයේ නිළධාරීන් ක්රීඩාපිටියේ අඩුපාඩුව පියවීම වස් රජයේ ඉඩමක් ඔවුන්ට ලබා දුන් අතර පාසල් සංවර්ධන සමිතියේ හා ගුරු මඩුල්ලේ සහයෙන් ක්රීඩාපිටිය සකස් කරන ලදී.

1987 වසරේදී අාචාර්ය මණ්ඩලය 31ක් වූ අතර 1987 වසරේදීම වර්ග අඩි 70*20 ප්රමාණයේ ගොඩනැගිල්ලක් ඉදිවිය.1936 වර්ෂයේ පමණ සිට පාසලට විශාල මෙහෙයක් ඉටු කල අත්වැල්තොට ගංංගාරාමාධිපති ඛේමානන්ද ස්වාමීන් වහන්සේට උපහාර පිණිස ඒම ශාලාව ශ්රී ඛේමානන්ද ශාලාව ලෙස නම් කෙරීය.1987-08-01 දින සිට මොරපිටිය විදුහල පර්ෂද මූලස්ථාන විද්‍යාලයක් දක්වා උසස් කෙරීය.ඒ පමණක් නොව ජේ.ඒ.විජේවික්රම මහතාගේ මූලිකත්වයෙන් ජාතික වෘක්ෂය වන නා පැළ 145ක් විද්‍යාල භූමියෙහි මෙම වසරේදී සිටු විය.මුල්ම පර්ෂද රැස්වීමද 1987-10-27 දින මෙම පාසලේදී සිදු කරන ලදී.

ළමුන් 10-15 අතර ප්රමාණයෙන් අැරඹුනු විදුහලේ සිසුනි සංඛ්‍යාව 1988 වන විට 1010 දක්වා වර්ධනය වූ අතර 1990 වන විට ඒය 1120 දක්වා වර්ධනය වූවා පමණක් නොව අැදුරු මඩුල්ලද 49 දක්වාද වැඩි විය.ගුරු මණ්ඩලයේ සහභාගීත්වයෙන් හා ග්රාම නිලධාරීන්ගේ සහයෝගයෙන් ජනසවිලාභීන්ගේ අාධාර අැතිව අක්කර 2ක පමණ විශාල ක්රීඩාපිටියක් තැනීම 1990 වසරේදී සිද්ධ විය.

1997 වසරේ නවෝද්‍යා පාසලක් බවට පත් වූ පසු විද්‍යාගාරයක් හා පරිගණක ඒකකයක්,පුස්තකාලයක් ලැබුණු අතර 2007 වසරේදී පාසලට තෙමහල් ශාලාවක්ද ලැබිණි. 2010 වසරේ සියවස් සැමරුම දින 5ක් පුරාවට උත්සවාශ්රීයෙන් පැවැත් වූ අතර ඒම වසර පාසලේ දැවැන්ත සංවර්ධනයක් වූ වසරක් ලෙස දැක්විය හැකිය.


තෙමහල් ශාලාව

2016 වසර සිට පාසලේ උසස් පෙළ විෂයන්වන වාණිජ,කලා විෂයන්ට අමතරව ගණිත,විද්‍යා විෂයද අැතුළත් විය.

2005 වසරේ පාසලේ සා/පෙළ සමත් වීම 85.71429% ද උ/පෙළ සමත්වීම 81.818183% විය.

ඉදිරිපස
මතුගම-කලවාන මාර්ගය

ජයග්රහණයන් කිහිපයක්

  • 2005 සුවසර තක්සලාව පරිසර වැඩසටහනේ ජාතික මට්ටමේ ප්රථම ස්ථානය
  • 2015දීත් සුවසර තක්සලාව පරිසර වැඩසටහනේ ප්රථම ස්ථානය
හිටපු ජනාධිපති පර්සි මහේන්ද්ර(මහින්ද) රාජපක්ෂ මහතා අතින් සම්මානයට පාත්ර වන අවස්ථාවක්
  • 2011සිට අඛණ්ඩව මේ දක්වා අගලවත්ත 2 කොට්ඨාසයේ හොදම අ.පො.ස.(සා/පෙළ) ප්රථිඵල වාර්ථාකරණය
  • ජාතින ඵලදායීතා සම්මාන උළලේ ප්රථම ස්ථානය.
  • 2016 වස⁣රහි උසස්පෙළ විභාගයෙන් සිසුන් 4 දෙනෙක් විශ්වවිද්‍යාල⁣ ප්‍රවෙශය ලබාගත් අතර ඒ අතර කලුතර දිස්ත්‍රික්කයහි වාණිජ අංශයෙහි 9 ස්ථානය හිමි සිසුවාද සිටී.

පාසලේ විදුහල්පතිවරු නාම ලේඛනය[සංස්කරණය]

වසර විදුහල්පතිවරයා
1910 D.J.අමරසිංහ.මයා
1914 D.G.ඒදිරිසිංහ.මයා
1920 D.J.අතුකෝරල.මයා
1933 D.R.පෙරේරා.මයා
1935 M.M.පෙරේරා.මයා
1943 N.D.A.ධර්මසේන.මයා
1956 I.M.I.චාලිස්.මයා
1959 K.A.D.විජේනායක.මයා
1962 U.D.S.කුලසිංහ.මයා
1963 I.D.තෝමස්සිංඤෝ.මයා
1964 W.S.පෙරේරා.මිය
1970 U.D.S.ජයතිස්ස.මයා
1970 බන්දුපාල කන්නන්ගර.මයා
1972 K.සීලවතී.මිය
1973 A.B.දසනායක.මයා
1977 H.ඒදිරිසිංහ.මයා
1979 P.K.D.පියවර්ධන.මයා
1982 D.හෙට්ටිඅාරච්චි.මිය
1983 විමල්.S.ගුණෙත්ති.මයා
1985 D.P.කුලසේකර.මයා
1989 පදුමසේන අතුකෝරල.මයා
1991 J.A.විජේවික්රම.මයා
2005-මේදක්වා B.M.Dසිසිර ශාන්ත.මයා


නවෝද්‍යා විද්‍යාලයක් හා ද්විතීයික පාසලක් දක්වා වූ සංවර්ධනය[සංස්කරණය]

වර්ෂය සිසුන් සංඛ්‍යාව ගුරු සංඛයාව සිදුවූ වර්ධනය
1910 10-15 01 බාලක පාසලක් ලෙස අාරම්භ කිරීම
1914 50 03 වර්ග අඩි 50*10 යුත් ගොඩනැගිල්ල සකස් කිරීම
1920 70 03 මිශ්ර පාසලක් බවට පත් වීම
1943 64 06 72*16 යුත් ගොඩනැගිල්ලක් ඉදිවීම
1977 408 13 ශිෂ්‍ය සමිති අාරම්භ කිරීම
1979 408 13 උසස් පෙළ පන්ති අාරම්භ කිරීම

මහා විද්‍යාලයක් බවට පත්වීම

1982 666 21 වර්ග අඩි 70 * 20 ගොඩනැගිල්ල විවෘත කිරීම
1987 1110 40 පර්ෂද මූලස්ථානය විද්‍යාලයක් බවට පත්වීම

වර්ග අඩි 70*20 ගොඩනැගිල්ලක් තැනීම නා පැළ 145 ක් සිටුවීම

1990 1120 49 අක්කර 2ක ක්රීඩා පිටිය තැනීම
1996 950 45 නවෝද්‍යා පාසලක් බවට පත්වීම
2007 800 41 නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
2010 1000+ 45+ වීදිය බණ්ඩාර පිළිමය/කන්නන්ගර පිළිමය/අනගාරික ධර්මපාල පිළිමය විවෘත කිරීම(2010-01-10)
                    දියඅැල්ල නිර්මාණය කිරීම ප්රධාන පාර අසල පිවිසුම හා වීර පවුර නිර්මාණය කිරීම 
                    ක්රීඩාපිටිය දෙවරක්ම විශාල කිරීම 
2016 1000+ 45+ 5S සංකල්පයට අනුව දීර්ඝ සංවර්ධනයක් කෙටිකලක් තුළ සිදුවීම
උසස් පෙළ පන්ති සදහා නව ස්ථාන සැදීම 
කාර්යයාලය ටයිල් අතුරා ප්රතීසංස්කරණය කිරීම 
නව තාක්ෂණාගාරය ඉදිකිරීම(2016) 
ගණිත සහ විද්‍යා යන උසස් පෙළ විෂයන් අාරම්භ කිරීම(2016) 
නැටුම්,සංගීත,චිත්ර යන ඒකක අැති ගොඩනැගිලි ඉඩ කඩ ලැබෙන ලෙස ප්රතිසංස්කරණය කිරීම(2014-2015) 
සියවස් සැමරුම් උළෙල දින 5ක් පුරාවට පැවැත්වීම