වීඩියෝ ජනමාධ්‍යවේදය

විකිපීඩියා වෙතින්
ඉතාලියේ වීඩියෝ ජනමාධ්‍යවේදිනියක්

වීඩියෝ ජනමාධ්‍යවේදය යනු ජනමාධ්‍යවේදියා පටිගත කළ, සංස්කරණය කළ පුවත් නිෂ්පාදනය කර ප්‍රචාරය කරන ක්‍රමවේදයයි.

වීඩියෝ මාධ්‍යවේදයේ පුරෝගාමී අවස්ථාව වශයෙන් සැලකෙන්නේ 1960 ගණන්වල ඇ.එ.ජ. වාර්තාකරුවන් විසින් කතාන්දර රචනා කොට පටිගත කළ කාල වකවානුවයි. එම අංශයේ පෙරගමන්කරුවෙකු වූ මයිකල් රොසන්ට් බිලම් වීඩියෝ කැමරාවේ ආගමනය සහ අතේ ගෙන යා හැකි කැමරාවේ ආගමනය සංසන්දනය කළහ. ප්ලාස්ටික් දල සේයාපට නිසා ඡායාරූපකරණය දියුණු විය. ඩිජිටල් වීඩියෝ තාක්ෂණය සහිත කැමරා නිසා කෘත්‍රීම ආලෝකකරණය අවශ්‍ය නොවේ. වීඩියෝ ජනමාධ්‍යවේදය හරහා සිදුවෙමින් පවතින සිද්ධියක් වාර්තා කළ හැක.


1990 මුල් භාගයේ දී NYI නම් ප්‍රවෘත්ති නාලිකාවට ප්‍රථමවරට වීඩියෝ ජනමාධ්‍යවේදීන් බඳවා ගත්තේය. 1990 මැද භාගයේ දී ජර්මනියේ පුද්ගලික ආයතනයක් මෙය අනුගමනය කළ අතර 1994 දී රජයේ විකාශන ආයතන වූ බෝයරිෂ් රන්ඩ්ෆන්ක් ද ඒ සඳහා එක්විය.


2001 දී BBC සිය සියලු ප්‍රාදේශීය කාර්යාල මයිකල් රොසන්ස් බ්ලම්ගේ අනුදැනුම මත වීඩියෝ මාධ්‍යවේදනයට පරිවර්තනය කළේය. 2005 ජූනි මස වනවිට සිය කාර්ය මණ්ඩලයෙන් 600 ක් ඔහු වීඩියෝ මාධ්‍යවේදීන් ලෙස පුහුණු කළේය. වොයිස් ඔෆ් අමරිකා, වීඩෝ නිවුස් ඉන්ටර්නැශනල් සහ එන්වය අය ද මෙම ක්‍රමය අනුගමනය කරයි. වීඩියෝ ජනමාධ්‍යවේදය පුවත්පත් අතර ද ප්‍රසිද්ධ ය. වොෂින්ටන්, පෝස්ට් පුවත්පතේ පමණක් වීඩියෝ ජනමාධ්‍යවේදීන් හයක් සේවය කරති.


එක්සත් රාජධානියේ මාධ්‍ය සංගමය 2007 මාර්තු වනවිට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 100 කට වැඩි ගණනක් වීඩියෝ මාධ්‍යවේදීන් බවට පරිවර්තනය කර තිබිණි.


ඕස්ට්‍රේලියාවේ වීඩියෝ මාධ්‍යවේදීන් බදවා ගන්නා එකම වෙළද ජාලය නිව්යෝක් ය. ඔවුන් ක්වින්ස්ලන්තයේ සිට සිය විකාශන කටයුතු මෙහෙයවයි.


වීඩියෝ ජනමාධ්‍යකරණය - යහපත සහ අයහපත[සංස්කරණය]

වීඩියෝ ජනමාධ්‍යකරණය, වීඩියෝ තාක්ෂණයේ වෙනස්වීම් සහ එම තාක්ෂණයේ වියදම හා සම්බන්ධය ගුණාත්මක කැමරා ප්‍රමාණය ඉතා කුඩාවී ඇති අතර මිල ගණන් අවමය. මේ නිසා පුද්ගලයෙකුට තනිව හසුරුවා ගත හැක.


සමහරු පවසන්නේ වීඩියෝ ජන මාධ්‍යවේදීන්ට සිද්ධියට වඩාත් ළඟාවීම දැන් පහසු වී ඇති බවය. එසේ වන්නේ කැමරාවක් ආශ්‍රිතව විශාල සංඛ්‍යාවක් කටයුතු නොකරන බැවිනි. එසේම වියදම අවම වීම නිසා සිනමාපට මෙන් තත්ත්වයෙන් උසස් වාර්තා වැඩසටහන් රාශියක් බිහිවී ඇත. තවත් සමහරු පවසන්නේ වියදම අවම කිරීමේ උපාය හරහා මෙමගින් හැකියාවන් සහ ගුණාත්මක බව හෑල්ලුවට ලක් කරන බවය.

"https://si.wikipedia.org/w/index.php?title=වීඩියෝ_ජනමාධ්‍යවේදය&oldid=472176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි