විහාර මහාදේවි බාලිකා විද්‍යාලය

විකිපීඩියා වෙතින්

1977 පෙබරවාරි 01වන දින ආරම්භ වු කිරිබත්ගොඩ විහාර මහාදේවි විද්‍යාලය ශ්‍රී ලංකාවේ පාසලකි.

ඉතිහාසය[සංස්කරණය]

එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍ය සහ කැලණිය පාර්ලිමෙන්තු මන්ත්‍රි ආර්.එස්.පෙරේරා විසින් මෙම විද්‍යාලයට විහාර මහාදේවි නමින් නම් කරන ලදි. ආරම්භයේදි ගුරු මණ්ඩලය 07 දෙනෙකුගෙන් හා ශිෂ්‍යාවන් 23 කු ගෙන් සමන්විත විය. අද වන විට 137 ක් වු ඇදුරු මණ්ඩලයකින් හා ළමුන් 3500 සමන්විතය. මෙම පාසලෙහි ආරම්භක විදුහල්පතිනිය ලෙස කටයුතු කොට ඇත්තේ අමරා වික්‍රමසිංහ මැතිණියයි. පළමු සිසුවියගේ නම ලියා පදිංචි කරන ලද්දේ එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ප්‍රේමදාස උඩගම ව්සිනි. මෙම පාසල ලංකාවේ පාසල් ලැයිස්තුවේ 9926 ලබා උපන්නාය. මෙම පාසලෙහි උද්යෝග පාඨය වුයේ ,.ගුණ-නැණ-විරිය.,යන්නයි

1991. 11.17 මෙම පසලෙහි ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ විය. මෙම සංගමය හරහා පාසල දියුණු තත්ත්වයකට පත්වුණි. මෙම ආදි ශිෂ්‍ය සංගමයේ මුල්ම ව්‍යාපෘතිය වුයේ..පර්පල් නයිට්..සංගිත සංදර්ශනයයි ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලට පිහිනුම් තටකයක් හා ශ්‍රවණාගාරයක් ඉදිකොට තිබේ. ගෘහස්ත ක්‍රිඩාගාරයක් ඉදිකරමින් පවති.

පාසලෙහි ළමුන් සදහා ඇති ක්‍රිඩා[සංස්කරණය]

  • බැඩ්මින්ටන්
  • ස්පෝර්ට්ස්
  • කරාතේ
  • ඇරොබික්ස්
  • චෙස්
  • ක්‍රිකට්
  • මේස පන්දු
  • පැසිපන්දු
  • දැල් පන්දු
  • හොකි
  • අත්පන්දු
  • ජිම්නාස්ටික්


පාසලෙහි ඇති නිවාස[සංස්කරණය]

  • ඉන්ද්‍රනීල
  • පද්මරාග
  • පුෂ්පරාග
  • වෛරොඩි

පාසලෙහි ඇති සංගම[සංස්කරණය]

  • කුඩා මිතුරි
  • බොදු සංගමය
  • සිංහල සමිතිය
  • සමුපකාර සංගමය


හිටපු විදුහල්පතිනියන්[සංස්කරණය]

  • අමරා වික්‍රමසිංහ
  • කුමාරි වීරසුරිය
  • සන්ධ්‍යා නීලමනි


පාසලේ ඔප්පුව[සංස්කරණය]

බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රිකයේ බටහිර සියනැ කෝරලේ අධිකාරි පත්තුවේ තලවතුහේන්පිට උතුර ග්‍රාමසේවා කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ එස්ටේට් නම් ඉඩමෙහි අංක 340-අක්කර 3ක් පමණ වු ඉඩම.