"සැප්තැම්බර් 11 ප්‍රහාරය-ගුවන් යානා කොල්ලකරැවන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
(වෙනසක් නොමැත)

18:56, 6 ජනවාරි 2010 තෙක් සංශෝධනය

ප්‍රහාරකයන්ගෙන් පහළොස් දෙනෙක් සවුදි අරාබියෙන් ද, දෙදෙනෙක් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයෙන් ද තවත් අයෙකු ඊජිප්තුවෙන්ද අනෙක් පුද්ගලයා ලෙබනනයෙන්ද එක්ව සිටිය හ. සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන ප්‍රහාරකයන්‍ තොරතුරු වලට ප්‍රතිවිරුද්ධව මෙම ගුවන් යානා මංකොල්ලකරුවන් හොදින් අධ්‍යයනය හදාරා ඇති වැඩිහිටි පිරිස් හා විශ්වාසයන් හොදින් තහවුරු කරගත් පුද්ගලයන් බව පෙනේ.

ප්‍රහාරයෙන් පැය ගණනක් තුළ FBI විසින් ප්‍රහාරයට පැමිණි ප්‍රහාරකයන් කවුරුන් ද යන වග සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අණාවරනය කර ගන්නා ලදී. මොහොමඩ් අට්ටා ගේ බඩු බඩුබාහිරාදිය අතර සියළු ගුවන් යානා මංකොල්ලකරැවන් 19 දෙනොගේ අනන්‍යතාවය හෙළි කරන ලිපි ලේඛණ සහ ප්‍රහාරය සම්බන්ධව තොරතුරු , ප්‍රහාරය‍ට හේතු, හා වටපිටාව පිළිබද හෙළි කරන තොරතුරු ඇතුළත් විය.

2001 සැප්තැම්බර් 27 වන දින FBI විසින් ත්‍රස්තවාදීන් 19 දෙ‍නාගේ ජායාරූප ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඔවුන්ගේ ජාතිකත්වය මෙන් ම බොහෝ අයගේ අන්වර්ථ නාමයන් ද ඒ සමගම ප්‍රසිද්ධියට පත් කරන ලදී. විශේෂ නිළධාරින් 7000ක් පමණ යොදා ගනිමින් FBI විසින් මෙතෙක් පවත්වනු ලැබු විශාලම පරික්ෂණය පෙන්ට්බොම් ( Penttbom ) ලෙස කේත නාමයකින් හැදින් වු සැප්තැම්බර් ප්‍රහාරය පිළිබදව පරික්ෂණය යි. ඇ.එ.ජ රජය මෙන්ම FBI විශ්වාස කරන්නේ මෙම ප්‍රහාරයට වගකිව යුතු වන්නේ ඔසාමා බින් ලාඩන් නායකත්වය අල්කයිඩා සංවිධානය වන බවයි. FBI සදහන්කරන අන්දමට " අල්කයිඩා හා බින් ලාඩ්න් සැප්තැම්බර් 11 ප්‍රහාරයට වගකිව යුතු බවට සාක්ෂි ඉතා පැහැදිලිවත් බිද හෙළිය නොහැකි ලෙසටත් සනාථ වී ඇත." බ්‍රිතාන්‍යයද එම මතය සනාථ කරනු ලැබු රටවල් අතරට එක් වේ.

ඔසාමා බින් ලාඩ්න් 2001 ප්‍රහාරය සදහා උනන්දු කල හේතුන් කිහිපයක් පරියේෂකයන් විසින් ඇ.එ.ජ විරැද්ධව ශුද්ධ යුද්ධයක් ප්‍රකාශ කිරිම සහ බින් ලාඩ්න් විසින් ආගමික නියෝගයක් අත්සන් තැබීමත් 1998 දී ඇමරිකානු සාමාන්‍යය ජනතාව ඝාතනය කිරිම සදහා ඇරයුම් කිරිම ඒ අතර වේ.


References


"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."