සංස්කරණ
622
ක්
Singhalawap (කතාබහ | දායකත්ව) |
|||
මානවයයන්ගේ, [[ප්‍රාග්-ප්‍රසව වර්ධනය|ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි]] අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , [[සංසේචනය]]ට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා [[ඉන්ද්‍රියය පද්ධතිය]]න් නිර්මාණය වීමෙන් අනතුරුව ඇරඹී, <ref>[http://www.medterms.com/script/main/art.asp?articlekey=3424 MedicineNet.com]. මෙයද බලන්න [http://dictionary.reference.com/browse/fetus Dictionary.com].</ref> උපත දක්වා පවතියි.<ref>සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න ''[http://www.britannica.com/ebc/article-9363664/embryo එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා]'': "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ''[http://www.bartleby.com/65/fe/fetus.html ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා]'' (සයවන සංස්කරණය). Retrieved [[2007-03-05]]: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ ."</ref>
==වර්ධනය==
{{ප්‍රධාන|ප්‍රාග්-ප්‍රසව වර්ධනය}}
[[ගොනුව:Views of a Foetus in the Womb detail.jpg|thumb|left|[[ලෙනාඩෝ ඩා වින්සි]]ගේ "ගර්භයක පිහිටි භ්‍රෑණයක් දිස්වන අයුරු" නමැති, එකතුවෙන් චිත්‍රයක්.]]භ්‍රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ [[කළලය]] තරමට භ්‍රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. <ref>Drews, Ulrich. [http://books.google.com/books?id=FqaVniKBs2wC&pg=PA360&dq=embryo+fetus+morphogenesis+teratogens+malformation&as_brr=3&ei=M5aISarNBoquywTvnv2oDQ Color Atlas of Embryology], page 360 (Thieme 1995).</ref> [[ගර්භපාතය]], තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු [[ගැබ් නැසීම]] , හෝ ප්‍රේරිත [[ගබ්සාව]] ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්‍රෑණ අවස්ථාව පුරාවටම, භ්‍රෑණය [[වැදෑමහ]]ට සම්බන්ධව පවතින්නේ [[පෙකණි වැල]] මගින් වන අතර, [[ඔක්සිජනිකෘත]], [[පෝෂක]]-සරු රුධිරය වැදෑමහ වෙතින් භ්‍රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්‍රෑණය වටවී ඇත්තේ [[උල්ඛ තරලය]] මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්‍රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්‍රෑණය තාප හානිය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|2}}
|
සංස්කරණ
ක්