"වේද" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණ සාරාංශයක් නොමැත
Bhaghi1972 (කතාබහ | දායකත්ව) No edit summary |
No edit summary |
||
මෙම නැවත සකස් කරන ලද "සාමානා" සෘග්වේදයේ ඇති ඒවායෙන් බොහෝ ලෙස වෙනස්වේ. සමහර අවස්ථාවලදී මෙම වෙනස්කම් වාක්‍යාත්මක වේ. නමුත් සමහර ස්ථානවල සම්ප්‍රදායික උච්චාරණයට වඩා පැරණි උච්චාරණ ඇත. "සාමානා" ගායනයේදී මෙම ශ්ලෝක විකෘති වේ. දීර්ඝ ගායනය නැවත නැවත ගැයීම, විවිධ ස්වර එක් කිරීම, ආදි දේ නිසා මෙය සිදුවේ. මේ නිසා මේවා ගායනයට අදාළ රෙගුලාසි "ගානා" හෙවත් ගීත පොත් වල ඇතුළත් වේ. මේවාට උදාහරණ ලෙස "ග්‍රාමගෙය ගානා" හා 'ආරන්‍යාගානා" දැක්විය හැක.
== වේද සාහිත්‍යය - වේදාන්ග (Vedanga) ==
සම්ප්‍රදායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධව සැකසුන ශිල්පීය විෂයන් හයක් ඇත. මේවා වේදාන්ග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේදාන්ග නිර්වචනය කරන ලද්දේ මෙසේය.
''නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථ දැක්වීම සහ උත්සව අවස්ථාවන්හිදි උචිත ලෙස මන්ත්‍ර ගායනා කිරීමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ"
වේද යුගයේ අවසානයේ සිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශයද දක්නට ලැබේ.
වේදාන්ග විෂය හය මෙලෙස දැක්විය හැකිය
*ශබ්ද /වාග් විද්‍යාව
* කාව්‍ය චන්දස්
* ව්‍යාකරණ
* නිරුක්තිය
* ජ්‍යෝතිෂ්‍ය
* ඇදහිලි වත් පිළිවෙත්
* කල්ප
== සංශෝධනය ==
|