විවිධ T සෛල වර්ග

විකිපීඩියා වෙතින්

CD8+ T සෛල MHC කාණ්ඩ I සහ CD4+ T සෛල MHC කාණ්ඩ II යන සම්භවයක් ඇත. විවිධ T සෛල වර්ග පිළිබඳව විස්තර කර ඇත. ඒවා සදහා එකිනෙකට වෙනස් වූ ආවේණික කෘත්‍යන් ඇත.

  • උපකාරක T සෛල (Helper T cell හෝ Th cell) යනු අනුවර්ති ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි මූලික සෛල වර්ගයයි. (adaptive immune system) මෙ‍ම සෛල එක්වරක් ක්‍රියාකාරී වූ විට ඒවා සීඝ්‍රයෙන් විභේදනය වී සයිටෝකයින නම් ප්‍රෝටීන වර්ගයක් ස්‍රාවය කරයි. මේවා මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සදහා උපකාර කිරීමක් හෝ පාලනය කිරීමක් සිදු කරයි. සයිටෝකයින මගින් ලැබෙන සඥාව අනුව මෙම සෛල TH1, TH2, TH17 සෛල බවට විභේදනය වීමක් සිදුවන අතර විවිධ සයිටෝකයින වර්ග ස්‍රාවය කරන වෙනත් සෛල බවට ද පත්විය හැක. CD4+ MHC කාණ්ඩ II හා සම්බන්ධ වේ.
  • සෛල සදහා හානිකර T සෛල (Cytotoxic T හෝ cells Tc සෛල) මගින් වෛරස වලින් ආසාදිත සෛල හා පිළිකා සෛල විනාශ කරන අතර බද්ධ කරන ලද අවයව ප්‍රතික්ෂේප කිරීම ද සිදුකරයි. මෙම සෛල CD8+ T සෛල ලෙස හැදින්වෙන අතර ඒවා MHC කාණ්ඩ I ගණයට අයත්වේ. මෙම සෛල සදහා ඉහත නම ලැබී ඇත්තේ එමගින් සෛල පෘෂ්ඨය මත CD8+ නම් ග්ලයිකෝ ප්‍රෝටීනය ස්‍රාවය කරන බැවිනි. උපකාරක T සෛල හා අන්තර් ක්‍රියා කිරීමෙන් ඒවාට ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වළක්වාගත හැකි පාලක T සෛල බවට පත්විය හැකිය. (Regulatory T Cell)


  • ස්මෘති T සෛල යනු (Memory T Cells) ප්‍රතිදේහ ජනක සදහා විශේෂ වූ T සෛල වන අතර ඒවා ආසාදනයක් සුව වූ පසු ද දිගුකාලීනව සිරුර තුළ පවතී. නැවත වරක් අදාල ප්‍රතිදේහ ජනකය වෙත එම පුද්ගලයා නිරාවරණය වුවහොත් මෙම ස්මෘති T සෛල විශාල ප්‍රමාණයක් වූ Tසෛල ප්‍රමාණයක් බවට විභේදනය වීමෙන් අතීතයේ දී සිදු වූ ආසාදනය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙත මතක් කර දීමක් සිදුකරයි. මෙම ස්මෘති T සෛල ප්‍රධාන කොටස් 2 කි. ඒවා නම් මධ්‍යම ස්මෘති T සෛල (TCM Cells) සහ ඵලදායක ස්මෘති සෛලයි. (TEM Cells) ස්මෘති සෛල CD4+ හෝ CD8+ වර්ගයට අයත්වේ.
  • පාලක T සෛල (Regulatory T Cells හෝ Treg Cells) මේවා අතීතයේ දී හැදින්වූයේ මර්ධක T සෛල යනුවෙනි. මෙම සෛල ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලි නිසි පරිදි පවත්වාගෙන යාම සදහා උපකාරී වේ. මෙහි ප්‍රධාන කාර්යය වනුයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ අවසාන භාගයටවත්ම T සෛල මගින් පාලනය වන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නවතාලීම සහ ‍තයිමසය මගින් සිදුකරන සෘණාත්මක වරණය මගින් ඉබේ ක්‍රියාකාරී වන T සෛල පලායෑම වළක්වාලීමයි. CD4+ පාලක T සෛල ප්‍රධාන වර්ග දෙකකි. ඒවානම් ස්වාභාවිකව පවතින පාලක T සෛල හා‍ අනුවර්ති පාලක T සෛලයි. ස්වාභාවිකවම පවතින පාලක T සෛල (CD4+CD25+FoxP3+ පාලක T සෛල) තයිමසයෙන් හටගන්නා අතර අනුවර්ති පාලක T සෛල (Tr1 සෛල හෝ Th3 සෛල) සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර මගින් බිහිවේ. ස්වාභාවිකවම පවතින Treg සෛල අනෙකුත් T සෛල මගින් වෙන්කර හදුනාගත හැකි වනුයේ එහි සෛල තුළ FoxP3 නම් අනුවිශේෂයක් පවතින බැවිනි. FoxP3 ජානයෙහි විකෘති ඇතිවීම මගින් පාලක T සෛල වර්ධනය නවතාලයි. මෙමගින් මාරාන්තික ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයන් ඇති කරයි.


  • ස්වාභාවික මාරක T සෛල (Natural Killer T cells, NKT Cells) යනු අනුවර්ති ප්‍රතිශක්ති කරන පද්ධතිය හා සහජ ප්‍රතිශක්ති කරන පද්ධතිය අතර සබදතාව ඇති කරන විශේෂ වසා සෛල වර්ගයකි. MHC අණුමත ඇති විශේෂ පෙප්ටයිඩ හදුනාගත හැකි අනෙකුත් ගතානුගතික T සෛල මෙන් නොව ස්වාභාවික මාරක සෛල වලට CD1d අණු මගින් ප්‍රධානය කරනු ලබන ග්ලයිකෝලිපිඩ ප්‍රතිදේහජනක හදුනාගත හැකිය. වරක් ක්‍රියාකාරී වූ පසු මෙම සෛල වලට උපකාරක T සෛල සහ සෛල සදහා හානිකර T සෛල වල ක්‍රියාකාරීත්වයන් සිදුකළ හැකිය. (උදා - සයිටොකයින නිෂ්පාදනය හා මුදාහැරීම)


  • Y T සෛල මගින් ඒවා මතුපිට පෘෂ්ටය මත කැපීපෙනෙන TCR අන්තර්ගත සුළු T සෛල විශේෂයකි. බහුතරයක් වූ T සෛල වල ඇති TCR හි ග්ලයිකෝ ප්‍රෝටීන දාම දෙකක් අන්තර්ගත වන අතර ඒවා  සහ  TCR දාම නම් වේ. කෙසේ වුවත් Y T සෛල වල TCR සෑදි ඇත්තේ එක් Y දාමයකින් සහ එක්  දාමයකින්ය. මෙම කාණ්ඩයන්හි T සෛල  T සෛල තරම් වඩාත් සුලභව නොමැති අතර අන්ත්‍රයෙහි ස්ලේශ්මල පටක වල පිහිටි අපිච්චද පටක අතර ඇති වසා සෛල වල බහුලව දක්නට ඇත. Y T සෛල සක්‍රීය කරන ප්‍රතිදේහ ජනක අනු මොනවාද යන්න පුළුල්ව හදුනාගෙන නොමැත. කෙසේවුව ද Y T සෛල MHC වලටම සීමා නොවූවක් වන අතර එමගින් සම්පුර්ණ ප්‍රෝටීන් අනුවම හදුනා‍ගැනේ. රුධිරයෙහි Y T සෛල සංචිතයෙන් බහුතරයක් මානව VY9/V2 T සෛල වේ. මෙමගින් විශේෂව සහ කාර්යක්ෂමව කුඩා පෙප්ටයිඩ නොවන ක්ෂුද්‍ර ජීවි පරිවෘතිය ද්‍රව්‍ය කෙරෙහි ප්‍රතිචාර දක්වයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/T_cells#T_cell_Subsets

"https://si.wikipedia.org/w/index.php?title=විවිධ_T_සෛල_වර්ග&oldid=168172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි