විලියම් සැලිස්බරි

විකිපීඩියා වෙතින්

විලියම් සැලිස්බරි (1520-1584) පුනර්ජීවන යුගයේ වේල්ස්හි විසූ ප්‍රමුඛ පෙළෙ උගතෙකි. එමෙන්ම 1567 වේල්ස්හි නව තෙස්තමේන්තුවේ ප්‍රධාන පරිවර්තකයෙකි.

ක්‍රි.ව. 1520 වර්ෂයේදි පැරිසියේ කොන්වි (Conwy) ල්ලන්සන්නන් පත්තුවේ (Parish) සැලිස්බරිහිදී ඔහු උපත ලද්දේය. ඔහු අධ්‍යාපනය ලද්දේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි. එහිදි හීබ්‍රෑ, ග්‍රීක් සහ ලතින් භාෂා හැදෑරුවේය. එමෙන්ම එවකට තහනම් ව තිබු මාටින් ලුතර් ගේ සහ විලියම් වින්ඩේල්ගේ ලේඛනද මුද්‍රණ ශිල්පයද හැදෑරුවේය.

1547 දි ඔහු ඉංග්‍රිසි-වේල්ස් ශබ්ද කෝෂය නිර්මාණය කළේය. එය හඳුන්වන ලද්දේ “අ ඩික්ෂනරි ඉන් ඉංග්ලිෂෙ ඇන්ඩ් වෙල්ෂෙ” යනුවෙනි. 1550 දි ඔහු ගේ A brief an a playne introduction to pronounce the letters in the British tong නැමැති කෘතිය රොබට් ක්‍රොව්ලි විසින් මුද්‍රණය කරනු ලැබීය. මෙහි සංස්කරණය කරන ලද මුද්‍රණයක් හෙන්රි ඩෙන්හැම් විසින් මුද්‍රණය කරන ලදී. මෙම ග්‍රන්ථ දෙක දහසය වෙනි සියවසේ කථා කරන ඉංග්‍රිසි ගැන තොරතුරු ලබා ගැනීම සඳහා වැදගත් මූලාශ්‍රයන් විය.

මෙම කාල සීමාවේදි සැල්ස්බරි වේල්ස් බසින්ද පොත් ප්‍රකාශයට පත් කළේය. 1547 දී වේල්සයේ ආප්තෝපදේශ අඩංගු කෘතියක්ද ප්‍රකාශයට පත් කළේය. මෙය සකස් කර තිබුණේ Gruff udd hiraethog විසිනි.

1550 දී ඔහු ප්‍රකාශයට පත් කළ පොතක් මුද්‍රණය කරන ලද්දේ රොබට් ක්‍රොව්ල් විසිනි. එය වේල්ස් සහ ඉංග්‍රිසි භාෂා දෙකෙන්ම විය. මෙම ග්‍රන්ථය ප්‍රකාශ කිරීමේ පරමාර්ථය වූයේ දේවගැති විවාහයන්ට පක්ෂපාති ප්‍රොතෙස්තන්ත ප්‍රතිපත්ති සාධාරණීකරනය කිරීමයි. නැවත 1550 දී ද විවාදාත්මක ලේඛනයක් ක්‍රොව්ලි ලාංඡනය යටතේ එළි දැක්විණි. සැලිස්බරි විසින් එය සකස් කරන ලද බව එහි දැක්වුණි. එය “The baterie of the popes Botereax, commonly called the high altare” නම් විය. ක්‍රොව්ලිගේ ලාංඡනය සහිතව 1551 දි ප්‍රකාශයට පත් කරන ලද පොදු යාඤා 1549 පොතෙන් ගත් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය සහ සංදේශයන්හි පරිවර්තන එහි අඩංගු විය. ප්‍රොතෙස්තන්ත වාදියෙකු වීම නිසා පළමුවැනි මේරි රජ සමයේ බොහෝ කාලයක් (1553-1558) සැඟවි සිටීමට ඔහුට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ලිවීමේ කටයුතු සහ ප්‍රකාශන කිරීම්වලට නැවතීමේ තිත තැබුණි. සැමටම ඔවුන්ගේ දේශීය භාෂාවෙන් බයිබලය තිබිය යුත්තේය යන ඉරැස්මුස් සහ ලූතර්ගේ ශ්වාසයන් සැලිස්බරි විසින් ක්‍රියාත්මක කරන ලද්දේය. පළමුවැනි එළිසබෙත්ගේ අනුප්‍රාප්තියත් සමග සැලිස්බරි මෙම ව්‍යපෘතියේ වැඩ කිරීමට ගියේය. 1563 දී ඔහු පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවා ගැනීමට උනන්දුවෙන් කටයුතු කළේ එම පනත මගින් වේල්ස්ගේ සහ හියර්ෆොර්ඩ් හි බිෂෝප් වරුන් සඳහා බයිබලය පරිවර්තනය කිරීම ප්‍රමුඛ කාර්යයක් වු බැවිනි.

සැල්ස්බරි, රිචඩ් ඩේවිඩ් සහ තෝමස් හුයෙට් සමග නව තෙස්තමේන්තුව ග්‍රීක් භාෂාවෙන් වේල්ස් බසට පරිවර්තනය කිරීමට ක්‍රියා කළේය. මෙය 1567 ප්‍රසිද්ධියට පත් කරන ලදි. ඔහු පොදු යාච්ඤා ඉංග්‍රිසි පොතද වේල්ස් බසට පරිවර්තනය කළේය. එය 1567 දී ප්‍රකාශයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=විලියම්_සැලිස්බරි&oldid=472073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි