විලාසිතා-මෝහනීය නිරූපිකාවෝ

විකිපීඩියා වෙතින්
අඩ නිරුවත් මෝහනීය ඡායාරූපයකට පෙනී සිටින මිෂෙල් මර්කින් නිරූපිකාව

මෝහනීය ඡායාරූප කලාවේදී නිෂ්පාදනයක්, විලාසිතාවක් හෝ පරිසරය වෙනුවට නිරූපිකාව අවධාරනය කරයි. විලාසිතා ඡායාරූපකරණයේදී ඇදුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන අතර මෝහනීය ඡායාරූපශිල්පයේදී අවධාරනය කෙරෙන්නේ නිරූපිකාවගේ ලිංගිකත්වයයි.

මුල්කාලීන මෝහනීය ඡායරූප ශිල්පය ‘ප‍්‍රංශ තැපැල්පත්’ සමඟ බැඳුනක් විය. මේවා ප‍්‍රංශයේ මහමඟ වෙළඳුන් විසින් අළෙවි කළ තැපැල්පත් ප‍්‍රමාණයේ කුඩා රූප විය. 1900 ගණන්වලදී නරඹන්නා පුදුමයට පත්කළ සරාගී ඇඳුමින් සැරසුනු සෙල්ලක්කාර ඉරිව්වලින් සිටින නිරූපිකාවන්ගේ ඡායාරූප ඇතුලත් රූප ජනපි‍්‍රය විය. මේවායේ නිරූපිකාවන් වෙතින් පළවූයේ ඔවුන්ට එක්වන ලෙස නරඹන්නන්ට ඇරයුම් කරන ඉරියව්වකි. බෙටී ග‍්‍රැබල් එදා මෙදාතුර සිටි මේ ශෛලියේ ජනපි‍්‍රයම නිරූපිකාවක් වූ අතර ඇය නාන ඇඳුමින් සැරසී සිටි ඡායාරූපයක් දෙවන ලෝක යුද්ධ සමයේ සොල්දාදුවන් අතර අතිශයින් ජනපි‍්‍රය විය. 1953 දී පළමු ප්ලේ බෝයි සඟරාවේ මැරිලින් මොන්රෝ පෙනී සිටියාය. ප්ලේ බෝයි සඟරාව ප‍්‍රථම නිරුවත් මෝහනීය ඡායාරූප අන්තර්ගතවූ සඟරාව වූ අතර එය ප‍්‍රධාන ධාරාවේ පාඨකයින් ඉලක්ක කරගත්තක් විය. හෝප් ටැල්මන්ස් සහ ඩිටා වොන් ටීස් විසින් හෙයිඩි වැන් හෝර්න් සහ බර්නි ඩෙක්ස්ටර් වැනි නව පරපුරේ නිරූපිකාවන්ට දොර විවරකර දීමත් සමඟ 90 දශකයේදී මෝහනීය නිරූපිකාවෝ අතිශයින් ජනපි‍්‍රයත්වයට පත්වූහ.