විද්‍යුත් පද්ධති හා පරිපථ පිළිබඳ දළ විශ්ලේෂණයකිs

විකිපීඩියා වෙතින්
කාර්මික සංඛ්‍යාංක වොල්ට්මානයකින් මූලාදර්ශයක් පරීක්ෂා කිරීම.


විවිධ වූ කටයුතු ඉටුකර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධති භාවිතා කරයි. ඉලෙක්ට්‍රොනික පරිපථවල ප්‍රධාන භාවිතයන් වන්නේ,

  1. දත්ත සකස් කිරීම හා පාලනය.
  2. විද්‍යුතය වෙනත් ශක්ති ප්‍රභේද වලටත් , වෙනත් ශක්ති විද්‍යූතය බවටත් පත්කිරීම සහ විද්‍යූත් ජවය බෙදාහැරීම් කටයුතු

මෙම යෙදුම් දෙක සඳහාම විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර හා විදුලි ධාරාවන් අනාවරණය කිරීමත් හා නිර්මාණය කිරීමත් අවශ්‍යය වේ. 19 වන ශත වර්ෂයේ අගභාගයට පෙර දුරරේඛ සහ දුරකථන මගින් දත්ත සම්ප්‍රේෂණයට විද්‍යුත් ශක්තිය භාවිතා කළ නමුත් රේඩියෝව සොයා ගැනීමෙන් පසුව විද්‍යුතයෙහි සංවර්ධනයේ නිපුණත්වයක් වර්ධනය විය.

විද්‍යුත් පද්ධතියක් සලකා බැලීමේ එක් ක්‍රමයක් සඳහා එය ‍කොටස් 3 කට බෙදෙනු ලැබේ.ඒවා පහත දැක්වේ.

  • ප්‍රධාන - ඉලෙක්ට්‍රෝනික හෝ යාන්ත්‍රික සංවේදක (හෙවත් පාරනායක) මෙම උපාංග භෞතික ලෝකයේ ඇති (ස්පර්ෂක හෝ තාක්ෂණික ජාල වැනි) බාහිර ප්‍රභවයක සිට සංඥා / තොරතුරු ලබා ගන්නා අතර මෙම සංඥා / තොරතුරු පද්ධති තුළ ධාරාව/ වෝල්ටීයතාවය හෝ සංඛාංක (ඉහළ / පහළ) සංඥා බවට පද්ධතිය තුළදී පරිවර්තනය කරයි.
  • සංඥා සැකසුම් යන්ත්‍ර - ප්‍රායෝගික යෙදුමක් සඳහා ප්‍රයෝජනවත් වන පරිදි ප්‍රධාන සංඥා මෙහෙය වීම, අර්ථ දැක්වීම හා පරිවර්තනය කිරීම මෙම පරිපථ වලින් සිදු කරයි. මෑතක සිට සංඛ්‍යාංක සංඥා සැකසුම් යන්ත්‍ර භාවිතයෙන් සංකිර්ණ සංඥා සැකසීම සිදු කරනු ලැබේ.
  • ප්‍රතිදාන ධාරා / වොල්ටීයතා සංඥා නැවතත් ප්‍රයෝජනවත් භෞතික ආකාරයන් බවට පරිවර්තනය කරන ඔදයන (Actuators) හා වෙනත් උපාංග වේ. (පරනායක වැනි) (උදා - මේ ඔස්සේ විදුලි මොටරයක් භ්‍රමණය කිරීම වැනි ‍භෞතික ක්‍රියාවලිය ඉටුකරනු ලැබේ.

උදාහරණයක් ලෙස රූපවාහිණියක් මෙම කොටස් තුනෙන් සමන්විත වේ. රූපවාහිණියේ මුද්‍රණය මගින් විකාශය කළ සංඥා (ස්පර්ශකය හෝ යොත් මගින් ලැබෙන) උපාංගය මගින් භාවිතා කළ හැකි ධාරා / වෝල්ටීයතා සංඥා බවට පරිවර්තනය කරයි. රූපවාහිණිය තුළ ඇති සංඥා සැකසුම් පර්පථ මගින් මෙම සංඥාවල ඇති දීප්තිය, වර්ණය හා ශබ්ද මට්ටම් කියවා තොරතුරු උපුටා ගනී. ඉන් පසු ප්‍රතිදාන උපාංග මගින් මෙම තොරතුරු නැවත භෞතික ආකාරයට පරිවර්තනය කරයි. කැතෝඩ කිරණ නලයක් මගින් විද්‍යුත් සංඥා තිරය මත වන දෘෂ්‍ය ප්‍රතිබිම්බ බවට පරිවර්තනය කරයි. චුම්භක එලවුම් ශබ්ද විකාශක මගින් විද්‍යුත් සංඥා ශ්‍රවණය කළ හැකි ධ්වනි බවට පරිවර්තනය කරයි. Dhanushka...... bandara http://en.wikipedia.org/wiki/Electronics