විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ
![]() | මෙම විකිපීඩියා පිටුව යාවත් කාලීන කිරීම අවශ්‍යයි. වත්මන් සිදුවීම් වලින් සහ නවතම තොරතුරු වලින් මෙම විකිපීඩියා පිටුව යාවත් කාලීන කිරීමට කාරුණික වන්න. වැඩිමනත් තොරතුරු සඳහා සාකච්ඡා පිටුව බලන්න. |
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් සිදුකිරීමේ අවසරය, යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් 'ස්වයං-චිරස්ථිත' යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. කෙසේ වුවත්, පරිශීලකයන්ට තම සංස්කරණ අතුරින් ඒවා ජාලය හා විෂය සදහා ඉතා නිවැරදි විය යුතුය. ස්වයංකීය තහවුරැවීම පර්යන්තය: දින 90 සහ සංස්කරණ 100 කි.
පිටු ගෙන යෑමට, අර්ධ-ආරක්ෂිත පිටු සංස්කරණයට, සහ ගොනු උඩුගත කෙරුමට හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා CAPTCHAවක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. ස්වයංකීය තහවුරැවු පරිශීලකයන් අනිකුත් පුද්ගලයන් විසින් සාදන ලද පිටු ලකුණු කිරීම කල යුතුයි. Special:නව පිටු සදහා මුරසංවාරය කිරීම සහ එම පිටු සුරකිමින් පොත් වශයෙන් විකී සදහා ඇතුලත් කල යුතුය. අමතර වශයෙන්,සංස්කරණ පෙරහනට යම් සංඛ්‍යාත්මක අගයකින් යුතු අවවාද සහ මෙවලම් තිබෙනවා. මේවා ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට බලපාන්නේ නැත.