විකිපීඩියා:සංස්කරණදැන්වීම

විකිපීඩියා වෙතින්

සංස්කරණදැන්වීම් යනු පරිශීලකයෙක් විසින් පිටුවක් සංස්කරණය කරන විටදී සංස්කරණ කවුළුවට ඉහලින් පෙන්නුම් කරන පණිවුඩ කොටුවකි. ඔවුන්ගේ පරීශීලක සහ සාකච්ඡා පිටු සඳහා සංස්කරණදැන්වීම් තැනීම ඕනෑම පරිශීලකයෙක් විසින් කල හැකි වුවද අනෙකුත් නාමඅවකාශයන් සඳහා සංස්කරණදැන්වීම් තැනීම හෝ සංස්කරණය කිරීම කල හැක්කේ පරිපාලකවරුන් සහ ගිණුම් තනන්නන් විසින් පමණි.

සංස්කරණදැන්වීම් භාවිතා කිරීමට නම්, විකිපීඩියා නාමඅවකාශ සංකල්පය පිළිබඳ මූලික අවබෝධයක් ඔබ සතු විය යුතුයි; එය වනාහි මාධ්‍යවිකි මෘදුකාංග විසින් හඳුනාගන්නා ලබන උපසර්ගයකින් ඇරඹෙන නමක් සහිත හා ඉන් පසු දෙතිතක් සහිත හෝ ප්‍රධාන නාමඅවකාශය සන්දර්භයෙන් උපසර්ගයක් විරහිත විකිපීඩියා පිටු ගොන්නකි.

පිටුවක් සංස්කරණය කරන විට (හෝ ආරක්ෂිත පිටුවක මූලාශ්‍රය නරඹන විට ) ඔබ දකින පණිවුඩ කොටු සමහරක් සංස්කරණදැන්වීම් නොවෙති; ඒ වෙනුවට, ඒවා මාධ්‍යවිකි අතුරුමුහුණත් පණිවුඩ වෙති.

සංස්කරණදැන්වීම් සබැඳි[සංස්කරණය]

පිටුවක් සංස්කරණය කරන විට බොහෝ විට පිටුවට ඉහළින් මෙවැනි රතු හෝ නිල් හෝ සබැඳි ප්‍රදර්ශනය වෙයි:

නැතහොත් මෙවැනි ආකාරයට විය හැක: