විකිපීඩියා:නිර්මල බුදු දහම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
                         නිර්මල බුදු දහම

ලංකාව තුළ බොහෝ විවේචනයට ලක්වූ මතයක් ලෙස ශ්රී ලංකාවේ වලගම්බා රජ දවස කෑගල්ලේ අලු ලෙනේදී නිර්මල ධර්මය ග්රන්ථාරූඩ කරවන ලද බව දක්වන මතය ගත හැකිය. මෙම පන්සලේ තිබී එංගලන්තයට රැගෙන ගිය ත්ර්පිටක පොත් වහන්සේ නමක් පරිවර්තනය කොට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් නිර්මල ත්රිපිටකය නැවත රචනා කරන ලද බව කියයි. මෙය මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදී දැක බලා ගත හැකි බව කියවේ. 2020 ජනවාරි 4 දින කොළඹ පැවති විභජ්ජ වාදයේදී මැදගොඩ අභයතිස්ස හිමි පවසන ලද්දේ එම පිටපත් ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් කෝටි තිහක් වැය වන බවයි. එයි හැගෙන්නේ එම ත්රිපිටක පිටපත් මේ වන තුරු (2020.01.05) ලංකාවට ලැබී නොමැති බවකි. එසේ නම් මීවනපලානේ හිමි පරිවර්තන කළා යයි කියන්නේ කුමක්දැයි ගැටලුවකි. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව කියමින් මතයක් ගොඩනැගීමට උත්සාහ දරන්නේද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ය.

ත්රිපිටකයේ සැගවුනු රහස්

ත්රිපිටකය යනු ලෝක සත්ත්වයාගේ විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහමයි. සූත්ර විනය අභි ධර්ම වශයෙන් ඇසීමෙන් , දැකීමෙන්, පිළිපැදීමෙන් රාග බව, ද්වේශ බව සහ මෝහ බව උදුරා දැමීම සදහා දේශනා කළ ධර්මයයි. ලොව පහළ වූ සියලු බුදුවරයන් වහන්සේ මේ දහම දේශනා කළේ මාගධී ( අධිගමයට මග ) භාෂාවෙනි. මාගධිය රූප සංඤා නැති (අකුරු නැති ) ශබ්ද සංඤා පමණක් ඇති බුදුවරුන්ටම සුවිශේෂී වූ භාෂාවකි. මේ බුද්ධ භාෂිත ත්රිපිටක දහම පවත්වාගෙන ආවේ ශ්රාවක පිරිස වනපොත් කිරීමෙන් හෙවත් කටපාඩම් කර ගැනීමෙනි. ඒහෙත් බුදුන් පිරිණිවන් පෑ දින පටන් ලෞකික අර්ථ ගත් පෘතග්ජනයන් විසින් ලොකෝත්තර දහමේ අර්ථ වෙනස් කරමින් ප්රකාශ කරන්නට වූහ. ඒ නිසා එවකට ශාසනය භාර වූ කාශ්යප හා උපාලි මහ රහතන් වහන්සේලාත් ආනන්ද මහතෙරුන් වහන්සේත් මූලිකව බුදුන් පිරිනිවී තුන් මසකින් ධර්මය සංඝායනා කොට මතු ආරක්ෂාවට කටයුතු කලහ. ඒයින් අවුරුදු සියයකට පසුව කාලාශෝක රජු විසින්ද , ඒයින් අවුරුදු දෙසියයකට පසුව කණිෂ්ක රජු විසින්ද මූලිකත්වය ගෙන සංගායනා ඇරඹීය. කාශ්මීරයේ රජ කළ කණිෂ්ක රජුගේ කාලයේ භාරත‌යේ වේදාන්තවාදී බ්රානහ්මණ පඩිවරු බුදු දහම වැලද ගත්හ. නාගර්ජුන, අශ්වඝෝෂ සහ විශ්වමිත්ර වැනි භික්ෂූ ප්ර්ධානීන් බුදු දහමත් හින්දු දහමේ අනාර්ය භාවන‌ා ක්රම එක් කර මහායාන ක්රමය බිහි කළ අතර භාරතයේ විවිධ පළාත්වල සිටි බහුශ්රුත මහතෙරුන් 500 ක් කැදවා සතරවැනි සංඝායනාව සිදු කළහ. එම සංඝායනාවට ලංකාවේ භික්ෂූන් සහභාගී නොවීය. මෙසේ වරින් වර පෘතග්ජනයින් විසින් තම තමන්ගේ අදහස් ඇතුලු කරමින් ඒකතු කරමින් දහම විකෘත්ති කිරීමෙන් ඇතිවන හානිය වැලැක්වීම සදහා දහම ලේඛනගත කිරීමේ අවශ්යකතාවයක් ඇති විය. මේ අතර බැමිණිටියාසාය නම් වූ මහා නියගයෙන් මේ හෙලබිම විපතට පත් විය. ජලය නොමැති කම නිසා ශාකවල යුෂ පානය කිරීමේ තත්ත්වයක් උදා විය. රජ රටේත් රුහුණේත් ජීවත් වූ භික්ෂූන් වහන්සේලා නොසිදෙන දිය උල්පතක් ඇති කෑගල්ලේ ඇති අලු ලෙනට ( ගල් ගුහා සහිත විහාරය ) ඒකරාශී වූහ. ඒක රාශී වී මෙතෙක් අවුරුදු 452 ක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන රැක ගෙන ආ බුදු දහම මතු ආරක්ෂාව සදහා ලේඛන ගත කොට තැබීමට තීරණය කළහ. මහා වංශයට අනුව මෙතෙක් භාණක පරම්පරා තුනක් රැකගෙන ආ දහම වලගම්බා රජුගේ අනුග්රහයෙන් සිංහල ආර්යයන් වහන්සේලා විසින් සිංහල භාෂාවෙන් ලියා තැබූහ. ‍ මෙයින් පසු දුටුගැමුණු රජතුමා රට පුරා පැවති හෙල අටුවා ග්රන්ථ අනුරාධපුරයට ඒකරාශීකොට සත් මහල් ප්රාසාදයක තැන්පත් කරන ලදී. මෙයින් පසු මාර්ග ඵල ලැබීම සදහා නිර්මල දහම අධ්්‍යයනය කිරීමට විදෙස් රටවලින් ගිහි පැවිදි පිරිස් ලංකාවට පැමිණෙන්නට වූහ. මේ අතර වේදයිත හින්දු ආකල්ප දැරූ අශ්වඝෝෂ පරපුරට අයත් බුද්ධඝෝෂ නැමැති භික්ෂුවද භාරතයේ සිට ලංකාවට වැඩම කරන ලදී. බුද්ධඝෝෂ හිමි අනුරාධපුර මහා විහාරයට සම්බන්ධ වී මෙතෙක් හෙල බසින් පැවැති ත්රිපිටක හෙල අටුවා පාලියට පරිවර්තනය කලහ. මෙතෙක් පැවති විමුක්ති මග්ගය විශුද්ධි මග්ගය බවට පත් කලේය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දස අනුස්සති වලට ලෞකික වූ කසින භාවනා තිහක් ඒකතු කොට සම සතලිස් භාවනා නමින් විකෘත්තියක් කලේය. බුද්ධඝෝෂ හිමියෝ පොත් 17 ක් ලියූහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී මාගේ දහම වේදයිත භාෂාවෙන් පරිවර්තනය නොකරන්නැයි පනවා තිබූ නියමය නොතකා වේදයිත අදහස් ඇතුලත් කලහ. නිර්මල බුදු දහම හෙල බසින් පාලියට නැගීමේදී වේදයිත මත සහ හින්දු ආකල්ප ඒකතු කිරීමෙන් විකෘත්තියක් සිදු විය. නිවන් මග වැසී ගියේය. අනාර්ය වැදුම් පිදුම් ක්රම ආගමට ඒක් විය. බුදු දහම බුද්ධාගමක් බවට හැරිණි. පානංජලී උපනිෂද් - ජෛන ධර්ම මිශ්ර විය. ක්රිස්තු වර්ෂ 1860 දී ඉංග්රීසි ජාතික පෝර්ඩ් ටර්නර් කෑගල්ල උප දිසාපති පදවියට පත් වී ආවේය. සිංහල හා පාලි ඉගෙන ගත් ඔහු එවකට කෑගල්ල අලු ලෙනෙහි වාසය කළ ගණින්නාන්සේලා ආරක්ෂා කරගෙන සිටි නිර්මල ත්රිපිටකය පිළිබද සොයා බැලීය. ඔහු ඒ ගණින්නාන්සේට පුවුම් කීපයක් දී කුවිතාන්සියකට අත්සන් කරවාගෙන ත්රිපිටකය මිලදී ගත්තේය. 1864 දී විශ්රාම ගිය ඔහු අපේ නිර්මල ත්රිපිටක ග්රන්ථ එංගලන්තයට ගෙන ගියේය. මේ අතර 1800 ගණන් වල ලංකාවේ රාජකාරියට ආ නෙවිල් අග්රවිනිශ්චයකරුගේ පුත් හියු නෙවිල් විනෝදාංශ වශයෙන් ලංකාවේ පුස්කොල පොත් 7000 ක් පමණ එකතුකොට එංගලන්තයට ගෙන ගියේය. ජෝජ් ටර්නර් ගෙනගිය නිර්මල ත්රිපිටකය එංගලන්ත රාජකීය කෞතුකාගාරයේ අදත් සුරක්ෂිතව ඇත. මේ ත්රිපිටකය ලංකාවට ගෙන්වා ගැනීමට කිහිප දෙනෙක් උත්සාහ කලද මයික්රෝ ෆිල්ම් වැනි ඡායා පිටපත් ක්රම එවකට නොතිබූ බැවින් ලබාගත නොහැකි විය. මේ අතර 1899 දී සොයිසා නැමැති මහතෙක් බැරිස්ටර් විභාගය සදහා එංගලන්තයට ගියේය. එහිදී හෙළ අකුරින් ලියවුණු මාගධී මුල් ත්රිපිටකය ඔහු දැක්කේය. ඔහු මේ ත්රිපිටකය සිංහලට පරිවර්තනය කරගෙන 1902 දි මජ්ජිමම නිකාය වශයෙන් ලංකාවට ගෙනාවේය. මේ අතර හියු නෙවිල්ට සම්බන්ධ ඔල්ඩන්බර්ග් නැමැති අයද ත්රිපිටකය ඉංග්රීසියට පරිවර්තනය කලේය. මාගධී අරුත් නොදන්නා මේ පෘතග්ජනයින් අතින්ද ත්රිපිටකය විකෘත්ති විය. නිවන් මග වැසී ගියේය. එංගලන්ත කෞතුකාගාරයේ ඇති ත්රිපිටක මුල් පිටපතෙන් පරිවර්තනය කරගෙන සොයිසා ලංකාවට ගෙනා ත්රිපිටකයේ බොහෝ පරිවර්තන දෝෂ ඇතැයි ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇති විය. ඒ අනුව ගිහි පැවිදි ප්රධානීන් කලුතරට රැස්වී සාකච්ඡා කොට ඒ වැරදි පෙන්වා පැහැදිලි කරමින් කලුතර දේශනා නමින් පොත්පත් ලියන්නට වූහ. වල්පොල රාහුල හිමි, උඩකැන්දවල සරණංකර හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, ඊ ඩබිලිව් අධිකාරම් මහතා, මාර්ටින් වික්රමසිංහ මහතා ආදී ප්රභූන් සොයිසා මහතාගේ වැරදි පෙන්වා දුන්හ. මේ කාලයේ රේරුකානේ ඡන්දවිමල හිමියෝද බුරුමයේ සිට ආපසු පැමිණෙන විට බුරුමයේ තිබූ ත්රිපිටක ග්රන්ථද ලංකාවට ගෙනවිත් විද්යාලංකාර පිරිවෙණේ සිට සිංහලට පරිවර්තනය කරන ලදී. බුරුමයේ තිබුණේද බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කළ ත්රිපිටකයයි. 1954 වන විට භාවිත ත්රිිපිටක ග්ර‍න්ථ වල වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් රට තුළ මහත් දහම් අර්බුදයක් හට ගත්තේය. 1954 පැවති සර් ජෝන් කොතලාවල රජය රටේ උගත් පැවිදි පිරිසක් ත්රිපිටක පරිවර්තන මණ්ඩලයක් ලෙස පත්කළේය. නිවැරදි ත්රිපිටකයක් සොයන්නට මේ පිරිස ත්රිපිටකයේ මුල් පොත් සොයන්නට වූහ. එංගලන්තයේ ඇති නිවැරදි මුල් පිටපත ඔවුන්ට ලබාගත නොහැකි විය. ඒ එවකට මයික්රෝ ෆිල්ම් වැනි දියුණු ක්රම නොතිබූ බැවිනි. එංගලන්තයේ ඇති මුල් පිටපත නොලැබුණු බැවින් ලංකාවෙන් සොයන්නට වූහ. පැල්මඩුල්ලේ පන්සලක, අම්බලන්ගොඩ පන්සලක සහ මාතර සරම් මුදලි නම් ගම් ප්රධානියකු ලග තිබූ ත්රිපිටක පොත් මේ පරිවර්තන මණ්ඩලයට සොයාගත හැකි විය. ඒවාද බුද්ධඝෝෂ හිමියන්ගේ පරිවර්තනයන්ය. බණ්ඩාරණායක ආණ්ඩුවද පත්වී 1962 වන තුරු මේ මණ්ඩලය පරිවර්තණ කටයුතු කළහ. මේ අතර සියම් රටේ ඇති තායි අකුරින් ලියූ පොතක් ගැන ආරංචි වී ඒ පොතද ගෙන්වා ගන්නා ලදී. බුද්ධ ජයන්ති පරිවර්තන සිදුවූයේ මේ පොත් වලිනි. කෑගල්ල අලු ලෙනේ තිබූ නිවැරදි නිර්මල මුල් පිටපත එංගලන්තයේය. එංගලන්ත කෞතුකාගාරයේ ඇති නිර්මල බුදු දහම ලියවුණු පොත හෝ එහි ඡායා පිටපතක් ගෙන්වා ගන්නට මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ගත් උත්සාහයද අසාර්ථක විය. එහි පිටපත් පවා නිකුත් නොකරන තත්වයට නීති පැණවී තිබුණි. ඒයින් පසුබට නොවූ මීවනපලානේ හිමියෝ වෙනත් සම්යප්රයෝගයක් යෙදූහ. ඒ අනුව ලාංකික සිංහල බෞද්ධ උපාසිකාවක හා විවාහ වී සිටි ඉංග්රීසි ජාතික හමුදා ප්රධානියකුගේ නිල තත්ත්වය යොදවා ඒ නිර්මල ත්රිපිටකයේ මයික්රෝ ෆිල්ම් පිටපත් ලංකාවට ගෙන්වා ගන්නා ලදී. ඒ සදහා වූ වියදම විශාල වූ අතර ලාංකික සැදැහැවතුන් ඒ බරපැන ඉසිලූහ. වාසනාව මතු විය. පෘතග්ජන පරිවර්ථනය කළ බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ ලියා ඇත්තේ මාගධී වචන වරදවා පෘතග්ජනයන්ට ගැලපෙන ආගමට ගැලපෙන ආකාරයෙනි. එදා හෙල අරහතුන් වහන්සේලා ලියූ ඒ පුස්කොල පොත්වල ඇත්තේ වචන වෙන් නොකොට එකට සම්බන්ධ වන අයුරිනි. සිංහල සිරිතට වචන වෙන් කරන්නට ගොස් 1954-1962 පරිවර්තන වල අර්ථ විකෘත්ති වී ඇත. එංගලන්තයේ හැරෙන්නට අනෙක් හැම රටකමත් ලංකාවේ බොහෝ තැන් වලත් ඇත්තේ බුද්ධඝෝෂ හිමිගේ වෛදික හින්දු ජෛන අදහස් ඇතුලත් කොට ලියූ ත්රිපිටක පිටපත්ය. එයින් නිවන් මග වැසී ඇත. එහෙත් විභාග සමත් වීමට නම් පුලුවන. මේ පිරිසිදු බුදු දහම යලි ඉස්මතු වන කාලයයි. අවුරුදු 1800 ක් පුරා මාර්ගඵල ආවරණය කරමින් නිවන වසා තබමින් පැවැති පරිවර්තනයන් අතින් විකෘත්ති වූ ත්රිපිටකය විශුද්ධි මාර්ගය ගුරු කොට ගරු කොට ගත් අයට මෙතෙක් සොයාගත නොහැකි වූ නිර්මල බුදු දහම විශ්ව ධර්මතාවයට අනුව දැන් ලංකාවට ලැබී ඇත. දහමට යොමවූ වැදගත් විශ්වාසවන්ත ඔනෑම කෙනෙකුට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදී නිර්මල ත්රිපිටකය දැකබලා ගත හැකිය. මාර්ගඵල සදහා අවශ්ය අර්ථ - ධර්ම නිරුක්ති පටිභාන ලබා ගත හැකිය. උපුටා ගැනීම - 2019.12.08 මව්බිම - පූජ්ය බෝපිටියේ කුසලධම්ම හිමි