විකිපීඩියා:තේකඩය/සත්කාරක පිවිසීම පිළිබඳ

විකිපීඩියා වෙතින්
තේකඩය ලාංඡනය
ගොනුව:WP teahouse logo.png by User:Heatherawalls, licensed under the Creative Commons Attribution-Share Alike 3.0 Unported license: http://creativecommons.org/licenses/by-sa/3.0/deed.en
මෙය තේ කඩයයි

නව සංස්කාරකවරුන්ට සමිසුරු සහාය,
විකිපීඩියා ප්‍රජාවෙහි කොටසකි.

තේකඩය සතරැස් ලාංඡනය
සත්කාරක පිවිසීම

විකිපීඩියාව සක්‍රීය ප්‍රජාවක් බව අමුත්තන්ට ඒත්තු ගන්වනු වස්, සත්කාරක පිටුව මතට සක්‍රීය සත්කාරකවරුන් ගෙන ඒමට උත්සාහයකි

මාගේ සත්කාරක පැතිකඩ විවේක-කාමරයට ගෙන ගොස් ඇත්තේ මන්ද?[සංස්කරණය]

තේකඩය පිටු (සාකච්ඡා පිටුද ඇතුළුව) කිසිවක් වෙත සති දෙකකට කාලයක් තුල සංස්කරණයක් නොකල සත්කාරකවරුන්ගේ පැතිකඩ WP:තේකඩය/සත්කාරක_විවේකකාමරය වෙත HostBot විසින් ස්වයංක්‍රීය ලෙසින් ගෙන යනු ලැබේ.
නව සංස්කාරකවරුන්ට උදවු කිරීම පහසු නොවන බවත් විවිධ හේතූන් නිසා සත්කාරකයෝ විකිවිවේක ලබා ගන්නා බවත් අපි දනිමු. ඕනෑම තේකඩය පිටුවක සංස්කරණයක් කිරීමෙන් හෝ හස්තීය ලෙසින් පිවිසීමෙන් හෝ ඔබ හට යළි අවතීර්ණ විය හැක! HostBot විසින් ඔබගේ පැතිකඩ කිසිවිටෙක මකා නොදමනු ඇත; ඔබ යළි කිසිදා සහභාගී නොවුනද, සත්කාරක Pantheon තුල ඔබගේ කෘත්‍යයන් නිසා ස්ථිර සටහන් තැබෙනු ඇත.

'පිවිසීම' සිදුකරන්නැයි මා හට පවසන්නේ ඇයි?[සංස්කරණය]

ඔබ යළි තේකඩය අමුත්තන්ට උදවු කිරීමට සූදානම් බවට සංඥාවක්, පිවිසීම මගින් ලබා දෙනු ලැබේ. මෙය විසින්, විවේක-කාමරය වෙත තිබූ ඔබගේ පැතිකඩ, සත්කාරක පිටුව වෙත ගෙන යෑමෙන් අමුත්තන්ට ඔබ දැක ගත හැකි වනු ඇත.

සක්‍රීය සත්කාරකයෙකු ලෙසින් මා යළි පිවිසෙන්නේ කෙසේද?[සංස්කරණය]

ඔබගේ පැතිකඩ, විවේක-කාමරය වෙත ගෙන ගොස් ඇත්නම්, කරුණාකර WP:තේකඩය/සත්කාරක පතනය හෝ WP:තේකඩය/සත්කාරක සෝපාව තුල 'පිවිසීම' බොත්තම ක්ලික් කර, සංස්කරණ කවුලුව යට පිටුව සුරකින්න ක්ලික් කල විට, පැය 24 ක් තුල ඔබගේ පැතිකඩ, HostBot විසින් ස්වයංක්‍රීය ලෙසින් යළිගෙන එනු ඇත. ඕනෑම තේකඩය පිටුවක් සංස්කරණය කිරීමෙන් මෙම දෙයම ඉටු කර ගත හැකි බැවින්, ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමෙන්, සාකච්ඡා පිටු සංවාදයක සහභාගී වීමෙන් හෝ, ඔබට විහරණය සපයන වෙනත් ඕනෑම දායකත්වයක් ව්‍යාපෘතිය වෙත සැපයීමෙන්, ඔබ යලි අවතීරණය වී ඇති බව HostBot ට ඒත්තු ගන්වන්න!