වැඩිහිටි නීතිය

විකිපීඩියා වෙතින්

වැඩිහිටි නීතිය යනු වැඩිවන වැඩිහිටි ජනගහනය සම්බන්ධයෙන් බලපාන ඒ පිළිබඳ අවධානයක් යොමු කරන නීතියේ ක්ෂේත්‍රය යි.

ප්‍රභේදයන්[සංස්කරණය]

වැඩිහිටි නීතිය සමන්ව්ත වන ප්‍රධාන ආකර තුනකි.

  1. ඉඩකඩම් සැලසුම් සහ පරිපාලන බදු ප්‍රශ්ණ ද ඇතුළුව
  2. වෛද්‍යාධාර, අබලතාව සහ දිගුකාලීන රැකබලා ගැනීම
  3. භාරකාරත්වය, සංරක්ෂණ සහ වගකීම් සහ විශවාසවනත කම

ඉහතින් දැක්වූ කරුණු වලට අමතර ව ඉඩකඩම් සැලසුම් කිරීම, අන්තිම කැමති පත්‍ර, භාර, භාරකාරත්වය, වැඩිහිටි අපවාදයෙන් ආරක්ෂා කිරීම, නොසැලකීම සහ රැවටීම, ජීවිතාන්ත සැලසුම්, සියලුම ආකාරයේ අබලතාවයන් සහ වෛද්‍යය පහසුකම්, විශ්‍රාමික සැලසුම්, සමාජ අරක්ෂණ ප්‍රතිලාභ, වෛද්‍යාධාර ආවරණ, වෛද්‍යාධාර සැලසුම්, (එක්සත් ජනපදයේ නම්) පාරිභෝගික ආරක්ෂණය, සාත්තු නිවාස, නි්වෙස් තුල රැකබලා ගැනීම, ඇටර්නි බලය, විශේ’ෂඥ හෝ වෛද්‍යය උපදෙස් සැලකිල්ල, ප්‍රකාශන සහ ඇටර්නි බලය, ගෙවල් හිමි/කුලී නිවැසි අවශ්‍යයතා, නිශ්චල දේපළ, උකස් ආධාර, විවිධ මට්ටමේ උපදෙස්, අයිතිවාසිකම් පිළිබඳ උපදෙස් ලබා දීම සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, බදු ගෙවීම්, වෙනස්කම් සැලකීම වැනි ක්ෂේත්‍ර වැඩිහිටි නීතියට ඇතුළත් වේ.

වැඩිහිටි නීතියේ ඉතිහාසය[සංස්කරණය]

ඇමෙරිකානු වැඩිහිටි පණත (ුංං) හිටපු ජනාධිපති ලිනඩන් බී. ජොන්සන් විසින් 1965 ජූලි මස 14 වන දින නීතියක් බවට මුලින්ම අත්සන් කරන ලද අතර (එම වර්ෂයේ දීම මෙඩිකෙයාර් ආයතනය පිහිටුවන ලදී) එය සෞඛ්‍යය සහ මානව සේවා දෙපාර්තමේන්තුව තුළ මහළු පරිපාලන ආංශය (ංුං) පිහිටුවීම සඳහා මහෝපකාරී විය. ඇමෙරිකානු වැඩිහිටි පණත මෙම ක්ෂේත්‍රයේ ප්‍රජා පාලනය සහ සේවා වැඩසටහන් පර්යේෂණ සඳහා මුදල් සැපයීම ආදර්ශණ සහ පුහුණු වැඩසටහන් සඳහා ජනපද රාජ්‍යයන් ට බලය පවරා ඇත. 1972 දී ඇමෙරිකානු වැඩිහිටි පණත සංශෝධනය කරමින් වැඩිහිටියන් සඳහා ජාතික පෝෂණ වැඩපිළිවෙලක් එකතු කරන ලදී. ඇමෙරිකානු වැඩිහිටි පණත සිය රෝගී වූ හෝ අබල දුබලතාවන් ඇති වයස්ගත ආදරණීයයන් රැක බලා ගනීමට දුෂ්කරතාවන් ඇති සිය දහස් ගණනක් වූ පවුල් සාමාජිකයින්ට අධාර කිරීම අරමුණු කරගෙන 2000 වර්ෂයේ දී ජාතික පවුල් රැකවල් ලබාදීමේ ආධාරක වැඩසටහන ඇතුළත් කිරීමට නැවත වරක් සංශෝධනය කරන ලදී. මෙම වැඩසටහන උපදේශණ සේවා, ආධාරක කණ්ඩායම් සහ වෙනත් ප්‍රජා මූලික සේවා වැනි රාජ්‍යය සහ ප්‍රාදෙශීය ආයතන අතර ඒකාබද්ධ සේවාවන් සඳහා මූල්‍යයමය ප්‍රතිපාදන සපයනු ලබයි. මෙම සේවාවන් දුබල සහ වයස්ගත සාමාජිකයන් සඳහා රැකවරණය සැලසීම කේන්ද්‍ර කර ගෙන ඇත. තව ද මෙම වැඩසටහන මඟින් අවුරුදු 18 හෝ ඊට අඩු දරුවන් සඳහා රැකවරණය සලසන වැඩිහිටි නෑදෑයන් සිටින පවුල් ඒකක සේවාවන් සැපයීම ද සිදු කරයි. වැඩිහිටි නීතිය සහ සම්බන්ධ වෘත්තීන් වැඩිහිටි නීති ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින වෘත්තීන් වන්නේ නීතීඥ, නීති සහයක, නීති ලෙඛකාධිකාරී, මනෝ චිකිත්සක, රැවරණ සපයුම්කරු, මූල්‍යය සැලසුම්කරු, ප්‍රතිපත්ති සම්පාදක සහ නීතිවේදී ප්‍රතිලාභ විශේෂඥ, හොඳම ව්‍යාපාරික මණ්ඩලය, නීතිපති කාර්යාලය, පාරිභෝගික ආරක්ෂක ඒජන්සිය, දේශපාලනය ගැන අවධානයෙන් සිටින කණ්ඩායම්, සෞඛ්‍යය රැකවරණ සපයන්නන්, පරීක්ෂක, අවමංගල්‍යය සැලසුම්කරුව, මැසිවිලි උපදේශක, අයථාභාවිතය සහ වංචා පරීක්ෂක, අධ්‍යාපක, නිෂ්පාදන වර්ධක, ප්‍රවාහන පහසුකම් සැපයුම්කරු, විනෝදාස්වාදය සහ සංචාරක මඟ පෙන්වන්නන්, දේපළ නියෝජිත, උකස් තැරැව්කරු, රක්ෂණය සපයන්නන් සහ වැඩිහිටි සහායක වැනි වෘත්තීන් ය. ඕනෑම වෘත්තීය ක්ෂේත්‍රයකට මහළු වෙමින් පවතින සමාජය ට ප්‍රතිලාභයන් සැලසිය හැකිය.


සටහන්[සංස්කරණය]

Elder law
"https://si.wikipedia.org/w/index.php?title=වැඩිහිටි_නීතිය&oldid=471526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි