වැඩිපුර බෝම්බ පිපිරවීම් පරීක්ෂණ කටයුතු ඉක්මන් කරවයි.

විකිපීඩියා වෙතින්

වැඩිපුර බෝම්බ පිපිරවීම් පරීක්ෂණ කටයුතු ඉක්මන් කරවයි.

12 kg බරැති ගෝමා - 2 ECD (Goma - 2 ECO) උපකරණයක් සමඟ පිපිරවීමේ උපකරණයක් හා මීටර 136 දිගැති වයරයක් (කිසිවකට සම්බන්ධව නොතිබූ) සීඝ්‍රගාමී දුම්රිය (AVE) පථයක් මත තිබි අප්‍රේල් 2 වැනි දින හමුවිය. ස්පාඤ්ඤ අධිකරණය මෙය ගැන පරීක්ෂණ නොකිරීමට තීරණය කල අතර මෙයට සම්බන්ධ අය තවමත් සොයා ගෙන නැත. මෙම උපකරණ කට්ටලයට ආරම්භක පද්ධතියක් (Initiation System) එකක් නොතිබූ බැවින් එමඟින් පිපිරවීමක් කල නොහැක.

මෙම AVE සිද්ධියෙන් ටික වේලාවකට පසුව පොලිසිය විසින් මෙම උපකරණ වල හා AVE පහරදීමට වගකිවයුතු යයි සැක කෙරෙන පිරිස් රැඳී සිටි නිවසක් දකුණු මැඩ්රිඩ්හි ලෙගනේස් (Leganes) හඳුනාගන්නා ලදී. අප්‍රේල් 3 සෙනසුරාදා හවස් භාගයේදී පොලිසිය මඟින් ජැමල් සෝගම් (Jamal Zogam) ගේ නායකත්වයෙන් හා සහයක ටියුනීසියන් ජාතික සර්හේන් ඇබ්ඩල්මාජි හා චීන ජාතික ජැමල් ආහ්මිදන් යන පිරිස එම නිවසේ දී කොටකර ගැනීමට සමත් විය. පොලිසිය එම නිවාස පරිශ්‍රයට කඩා පනින විට එම සැකකටයුතු පිරිස් එක් පොලිස් නිලධාරියකුද මරණයට පත්කරමින් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා ලදී. පසුව පරික්ෂකයන් විසින් මෙම පිපිරවීමට යොදාගන්නා ලද පුපුරණ ද්‍රව්‍යය මාර්තු මස 11 දින සිදුකරන ලද පිපිරවීමට යොදාගත් වර්ගයම බව සොයාගන්නා ලදී. (නමුත් එහි නිෂ්පාදිත නාමය හඳුනා ගැනිමට නොහැකි විය) AVE දුම්රිය පථයෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍යයද මෙයම බව හඳුනා ගන්නා ලදී.

ලේගනාස් වලදී මිය ගිය සටන්කරුවන් දුම්රිය මාර්ගය පිපිරවීමට සම්බන්ධ යයි උපකල්පනය කරමින් පරීක්ෂණ කටයුතු ගෙන ගිය අතර ඔවුන් 200 kg පමණ පුපුරණ ද්‍රව්‍යය ලැබුණේ කෙසේද යන්න අවධානයට යොමු කෙරිණ. මේවා ලබාගෙන ඇත්තේ විශ්‍රාම ගිය කැණිම් සේවකයකුගෙන් බව පරික්ෂණ කටයුතු වලදී හෙලිවිය.

5 සිට 8 ක් පමණ මාර්තු 11 පිපිරවීමට හවුල් සැකකටයුතු පිරිසක් පලායාමට සමත්ව තිබේ. ABC ය 2006 දෙසැම්බර් මාසයේ වාර්තා කරන්නේ ETA ය. ස්පාඤ්ඤ අගමැති සැපටෙරෝට ඔහුගේ චන්ද පොරොන්දු පිළිබඳ මතක් කරමින් 2004 මාර්තු 11 සිදුවීම තුලින් ලබාදෙන බවයි. එහෙම වුවත් ETA යට මෙම පහරදීමට සම්බන්ධයක් නොමැති බවද ABC ය වාර්තා කරයි.

පසුකාල පරිච්ජේදය

ප්‍රංශයේ විජිපිරේට් පිඹුරුපත (Vigipirate plan regarding security) ඔරේන්ජ් මට්ටමට (orange level) උසස් කරන ලදී. ඉකිලියේ, රජය වඩා සෝදිසියෙන් සිටිය යුතු රාජ්‍යය තත්වයක් ප්‍රකාශකර සිටියේය.

2004 දෙසැම්බර් හිදී ජෝස් ලුයිස් රොඩ්‍රිගුවස් සැපටෙරෝ පවසා සිටින්නේ PP රජය මැඩ්රිඩ් පිපිරවීමට සම්බන්ධ සියලුම කොම්පියටර් ලිපිගොනු විනාශකල බවයි. (කඩදාසි ලිපිගොනු හැර)

2005 මාර්තු 25 දින පැමිණිලිකරු ඔල්ගා සැන්ෂස් සහතික ලෙස කියා සිටියේ 9/11 පහරදීමෙන් හරියටම දින 911 කින් අනතුරුව මාර්තු 11 පිපිරවීම සිදුකර ඇති බවයි. අල්-කයිඩා සංවිධානයේ සංඛේතමය පහරදීමක් මෙම දිනය තෝරාගැනීම තුලින් පෙනෙන බව ඔහු තවදුරටත් කියා සිටියි. කෙසේ වුවත් 2004 අධික අවුරුද්දක් නිසා හරියටම ගණන් බැලු කල මෙම දින දෙක අතර දින 912 ඇති බව කෙනෙක්ට ‍පැවසිය හැක.

2007 ජනවාරි 4 දින එල් පයිස් (El Pais) 11-M පිපිරවීම්වල ප්‍රධාන සැකකරු ඇල්ගීරියන් ජාතික ඩාවුඩ් ඔනන් (Daoud Ohnane) නැවත පහරදීමකට ස්පාඤ්ඤයට පැමිණීමට මාර්ග සොයමින් සිටින බවයි. නමුත් මෙම ප්‍රකාශය ස්ථිර වී නොමැත.