වාරි මාර්ග වැඩ
වාරි මාර්ග වැඩ
පුරාණතම ලිඛිත වාර්තාව වන මහාවංශයේ දැක්වෙන පරිදි මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපාර පිළිබඳ තොරතුරුවල ඉතිහාසය ක්‍රි.පූ. 4 වෙනි සියවස දක්වා දිව යයි. (බ්‍රෝහියර් 1934, පාකර් 1981) "අහසින් වැටෙන එක වැසි බිඳකුදු මනුෂ්‍ය ප්‍රජාවගේ යහපත පිණිස යෙදවීමෙන් තොරව මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි" යනුවෙන් පරාක්‍රමබාහු රජතුමා (1153 - 1186) වාරි මාර්ග ව්‍යාපෘතීන් නිර්මාණය කිරීමේ පරමාර්ථය දක්වා ඇත.
චූලවංශය නම් පාලි භාෂාවෙන් රචිත පුරාණ වංශකථාවේ පරාක්‍රමබාහු ප්‍රාදේශීය පාලකයෙකු වශයෙන් බස්නාහිර පළාතේද පසුව ශ්‍රී ලංකාවේම පාලකයා ලෙසද කළ වාරි ව්‍යාපාරයන් පිළිබඳව එකින් එක වෙන වෙනම තොරතුරු දක්වා ඇත. ඔහු මහා පරිමාණයේ ජලාශ 163 ක්ද, කුඩා වැව් 2617 ක්ද, වාරි ඇල මාර්ග 3910 ක්ද ගල් වලින් කරන ලද 328 ක් වූ සොරොව්ද 168 සොරොව් බාධකද, අලුතෙන් නිම කළේය. නැතහොත් අලුත්වැඩියා කළේය. අලුත්වැඩියා කිරීම්වලට අමතරව ගංගා ඉවුරු හරහා කපොලු 1969 ක් ඉදි කළේය. ඔහු විසින් තනවන ලද ජලාශ අතරින් විශාලත්වය නිසාම පරාක්‍රම සමුද්‍රය යනුවෙන් නම් කරන ලද ජලාශයේ වපසරිය වර්ග කි.මී. 30 කි. වැව් බැම්ම කි.මී. 14 ක් දිගය. වර්ග කි.මී. 100 ක ප්‍රදේශයේ කුඹුරුවලට ඒ මගින් ජලය ලැබුනේය.
ලංකාවේ ආණ්ඩුකාරවරයෙකුව සිටි ශ්‍රීමත් හෙන්රි වෝඩ්, බ්‍රෝහියර් ගේ (1934) සටහන් එකතුවක "පුරාතන මහා පරිමාණ වාරි කර්මාන්ත විශාල ප්‍රමාණයක නටබුන් එකම ප්‍රදේශයක් තුළ විසිරී තිබෙන රටක් ලංකාවේ හැර ලෝකයේ වෙන කුමන ප්‍රදේශයක හෝ නැත" යනුවෙන් ප්‍රකාශ කර ඇත.
මහා ජලාශ
ශ්‍රී ලංකාවේ ජලාශ. වෙනත් පුරාතන ශිෂ්ටාචාරවල අපට දකින්නට ලැබෙන වැව්වලට සහ ජල පරිභෝජනයට සහ විදුලි බලය ලබා ගැනීම පිණිස තනා තිබෙන ජලාශවලට වඩා වෙනස්ය.
දේශීය වශයෙන් මේවා හඳුන්වනු ලබන්නේ වැව සහ බහු වචනයෙන් වැව් වශයෙනි. එය පුරාතන සිංහලයින් විසින් ප්‍රයෝජනයට ගත් එක් ක්‍රමයක් හැඳින්විය යුතු නිවැරදි වචනයක් විය යුතුය.
References
[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Ancient_Constructions_of_Sri_Lanka#Irrigation_Works